eBay එන බඩුවල තියෙන අවුල් ටයිප් 7ක්
eBay ඕඩර් කරලා ගෙදරට එන බඩුවල තියෙන අවුල් ටයිප් 7ක්
මේ කතාව ඊබේ වලට විතරක් නෙමෙයි අන්තර්ජාලයෙන් විමසලා තෝරගන්න ගොඩක් සේවාවන්ට පොදු යතාර්ථයක්. මේ විදියට ඕඩර් කරන බඩු ගෙදරට ආවට පස්සෙ තත්ත්වෙ හිතපු තරං සතුටුදායක නැති වුනාම හිතට අවුල් යනව තමයි. ලංකාවෙ කඩයක් හොඳටම බලල අරගෙනත් රවට්ටලා බඩුවක් විකුණුවොත් පස්සෙ දවසක බනින්න පුළුවන් වුනාට මෙහෙම ඉන්ටනෙට් කඩේකට කරන්න වෙන්නෙ රිවීවු එකක් දාන එක තමයි. මේ කියන්නෙ එහෙම අන්තර්ජාලෙන් එන බඩු වල තියෙන පොදු අවුල් ටිකක් ගැනයි.
1. ඇඳුම් මිනුම්
Source – thoughtco.com
අන්තර්ජාලෙන් ගන්න හොඳ නැතිම දේ තමයි ඇඳුම් කියන්නෙ. අති සාමාන්‍ය ටීෂර්ට් එකක් වුනත් නූල් ඇදිලා තියෙන්න පුළුවන්, හිල් තියෙන්න පුළුවන්, අපි බලපු මෙෂමන්ට් එක අවුල් වෙන්න පුළුවන්. දැන් වෙනිං බඩුවක් නං ලොකුවට පෙනුනට පොඩියට ආවෙ කියල කිවුවට ඒකෙදි සිද්ධ වෙන්නෙ අපේ ඇස් රැවටිල්ලක්නෙ. මෙතනදි වෙන්නෙ අපිව රැවටීම හෝ නොසැලකිල්ල. අපි ඩබල් එක්සෙල් ඕඩර් කරාම ඔන්න මීඩියම් එනවා. නැත්තං වේස්ට් සයිස් එක තිස් දෙක කියල ගහල තියෙන ඒවා මැනල බැලුවම හතලිහයි. ඔන්න ඔය වගේ අවුල් හොඳටම තියෙනවා.
2. කෑලි අඩුයි
Source – chartvalley.com
ඔය එක එක ගැජමැටික් තියෙනවනෙ. සාමාන්‍යයෙන් සෙට් කරාට පස්සෙ ලොකුවට පේන ගැජට්. ඒ දේවල් ගෙදරට එනකොට එන්නෙ කෑලි අඩුවෙන්. එහෙම දේකට හොරකමක් කරල වැඩක් නෑ තමයි. හැබැයි එතනින් කියවෙන්නෙ නොසැලකිල්ල. ඉතින් එහෙම කෑල්ලක් දෙකක් අඩු වුනාම අර සම්පූර්ණ උපාංගයෙන් වැඩක් නැති වෙනවනෙ.
3. මේං සයිස්
Source – sandradurublog.com
ඔය සයිස් ප්‍රශ්නෙ ලොකුවටම තියෙනවා. ඔන්න පොඩි ළමයින්ගේ කාමරවල ගහන්න කියලා ලොකු ලොකු ස්ටිකර් පේන්න තියෙනව අඩු ගණංවලට. අනේ දෙයියනේ ගෙනාවට එවුව ළමයට පේන තැනක අලවන්න නං ළමයගෙ බඩේ අලවන්න ඕන. ඒ තරං පොඩියි. ඔහොම ප්‍රශ්න ඕවට විතරක් නෙමෙයි. හොඳට බලලා ගත්තු බෑග් එක අම්ම ගෙදරින් දෙන බත් එකවත් දාගන්න බැරි තරං පොඩියි. ඕව ඉතිං ලොකු අවුල්.
4. හොඳට වැඩ
Source – tectogizmo.com
ඔය ඉයර් ෆෝන්, බ්ලූටූත් ස්පීකර් වගේ එවුවයෙ සද්දෙ එන්නෙ නෑ. ඒ මදිවට ඔය USB කේබල් වගේ එවුව කනෙක්ට් වෙන්නෙ නෑ. ඊටත් පස්සෙ ඔය ට්‍රයිපොඩ් වගේ ඒවයෙ ඇණ නෑ, ඔය වගේ සීන් වුනා කියන්නෙ ඉතිං ඒ බඩු වැඩ නෑ සහ වැඩක් නෑ කියන එකනෙ. ඒ වගේම බිඳිලා සියල්ල විසිරී ගිය පර්ෆියුම් බෝතල් වගේ දේවල් වලිනුත් මිනිස්සුන්ට වැඩක් නෑ කියල මතක් කරන්න ඕන.
5. ගාණට මැචිං
Source – youtube.com
කට්ටිය ලංකාවෙ ගණං වැඩි නිසා සහ ඩිසයින් කොමන් නිසා පිටරටවලින් ගන්නව ෆෝන්වලට කවර්ස්. ගත්තට මොකෝ ඉතිං ලංකාවට ගෙනාවට පස්සෙ කවරෙ දාන්න බෑ ෆෝන් එකට කවරෙ හැලෙනව. ටෙම්පර්ඩ් ග්ලාස් එක ගැහුවම වටේට අඟලෙ දාරයක් ඉතුරුයි. ඔන්න ඔය වගේ මැචිං ප්‍රශ්න එමටයි.
6. අතරමග ප්‍රශ්න
Source – businessinsider.com
අන්තර්ජාල කඩවල ප්‍රශ්න එක්ක බලද්දි අතරමග ප්‍රශ්න ගැනත් කියන්නම ඕන. ඒ කියන්නෙ ඉතිං මගදි මොක්කු හරි පාර්සලේ ඇරල බලනව. තව බුවාලා කෙලින්ම හොරකං කරනව. තව බුවාලා හොරකං කරලා පස්සෙ දුක හිතිලා එවනවා වගේ සීන් එමටයි. ඉතිං ඔය වගේ සීන් නිසා ගොඩක් දෙනෙක් අන්තර්ජාල ෂොපින් කෙරුවාවෙන් අයින් වෙනවා.
7. නොසැලකිලි ප්‍රශ්න
Source – welivesecurity.com
නොසැලකිලි ප්‍රශ්න තමයි වැඩි. බිඳෙනසුළු බඩු හරියට පැක් කරන්නෙ නෑ, ගණුදෙනුකාරයගෙ අවශ්‍යතාවෙ ගැන සැලකිල්ලක් නෑ, ලිපිනයේ පේළි මගහැරලා ගහල එවනවා, ලිපිනයට අමතරව දාපු දුරකතන අංකය නොදා එවනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්නවලින් මේ වෙළඳාම් ක්‍රමය අසාර්ථක තැනකට වැටෙනවා.