eBay කෙලවෙයිද?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඊබේ බඩු එවන විදිහට ලංකාවට කුඩු එවන ජාවාරමක් හසුවේ

    starting-an-ebay-business.jpg


    මේ වනවිට අන්තර්ජාලය තුළින් ඇණවුම් කර විවිධ භාණ්ඩ උපකරණ නිවසට ගෙන්වා ගැනීමේ විදේශ සේවවාන් කෙරෙහි ලංකාවේ ප්‍රවණතාවයක් පවතී. බොහෝ දෙනෙකු ඊබේ , අලි එක්ස්ප්‍රස්, බැන්ග්ගුඩ් ප්‍රමුඛ අන්තර්ජාල සේවා වලට විශේෂ නැඹුරුවක් දක්වන අතර ලංකාවේ වෙළෙඳපොළේ නැති භාණ්ඩ මෙන්ම මිල අඩු භාණ්ඩ ඉතා පහසුවෙන් ගෙන්වා ගැනීමට මෙම ක්‍රමය පාවිච්චි කරනු ලැබේ.
    මෙහිදී පාර්සල ලබාගැනීම සාමාන්‍ය තැපෑලෙන් හා කුරියර් සේවා ඔස්සේ කළ හැකි අතර කුරියර් සේවා මිල අධිකය. මෙම සේවා ලංකාවේ රේගුවේ අධීක්ෂණයට යටත්වන නමුත් ඇතැම්විට කුරියර් සේවාවන් ඔස්සේ භාණ්ඩ ගෙන්වාගැනීමේදී පරීක්ෂාව අවමයෙන් සිදුවන බව පැවසේ. මෙම හිදැස ප්‍රයෝජනයට ගෙන ලංකාවට ගෙන්වන විදුලි උපකරණ මුවාවෙන් මත්කුඩු ගෙන්වාගැනීමේ ජාවාරමක් ගැන පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

    ඊබේ භාණ්ඩ එවන ආකාරයටමෙම භාණ්ඩ එවා ඇත්තේ ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙකුය.
    රූපවාහිනී යන්ත්‍රයක් සහ මයික්‍රොවේවි උදුන් දෙකක් තුළ සගවා ඔහු එවා තිබූ හෂිස් මන්ද්‍රව්‍ය ග්‍රාම 600ක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනකු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පෙරේදා (28) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරම පිළිබද තොරතුරු හෙළි වී තිබේ.

    රූපවාහිනී යන්ත්‍රය සහ මයික්‍රොවේව් උදුන් දෙකක් ලබාගනීමට පැමිණි කාන්තාවක හා පිරිමි දෙදෙනකු ඔවුන් විසින් එම භාණ්ඩද සමග අත්අඩංගුවට ගෙන තිබිණි. රූපවාහිනී යන්ත්‍රය තුළ සියුම්ව අසුරා තිබූ හෂීස් ග්‍රෑම් 100 බැගින් අඩංගු ඉතා කුඩා ප්‍රමාණයේ පාර්සල් දෙකක් හා මයික්‍රොවේව් උදුන් තුළ තිබී එවැනි පාසල් 4ක් සොයාගත් බව වාර්තා විය.
    මෙම මන්දුවා සගවා තිබූ භාණ්ඩ මීගමුවේ පදිංචි ව්‍යාපාරිකයකුට ගෙනගොස් භාරදීමට නියමිතව තිබූ බව අත්ඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දි හෙළි ව තිබේ.

    සැකකාරිය සහ සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන පහක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
    ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයා මාසයකට අවස්ථා දෙකක දී මෙවැනි ආකාරයට භාණ්ඩ තුළ සඟවා හෂීස් නමැති මන්ද්‍රව්‍ය එන බවට තොරතුරු අනාවරණය වී ඇත.
    මෙම ජාවාරම පසුපස සිටින බව කියන මීගමුවේ පදිංචි ධනත් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරික්ෂණයක්ද පත්වාගෙන යයි.


    Source: Gossiplankanews
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මත්කුඩු ගෙනල්ල අහු වෙලා චෝදනා ඔප්පු වුනොත් අනිවාර්යයෙන්ම මරණ දණ්ඩනය නියතයි කියල නීති ගෙනාව නම් හරි. මරලම ඉවරයක් කලාම කවද හරි ඉවර වෙයිනෙ ගේන උන්.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    මත්කුඩු ගෙනල්ල අහු වෙලා චෝදනා ඔප්පු වුනොත් අනිවාර්යයෙන්ම මරණ දණ්ඩනය නියතයි කියල නීති ගෙනාව නම් හරි. මරලම ඉවරයක් කලාම කවද හරි ඉවර වෙයිනෙ ගේන උන්.

    :yes::yes:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Negambo, Chillaw side eke inne patta pal horu. Un Nisa thama lankawa illegal immigration, drugs, oya wage dewal godakata charter wenne.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    me mama ahapu kathawak. mokada matath sakki denna yanna ba. issara ekkenek (dan eya inne UK. PR hamba una) coke gennuwa ohoma. habayi eka parayi. weigh protein ekak gennuwalu. ekata extra vitamin pills bottles dekakuth free. e eka podi kuppiyak coke. customs ekata 2500k dunnalu. galle post office ekelu. customs kattiya podi kuppi deka baluwe nathilu.