කෝච්චි පාරවල් හදන්න ඉන්දීය කම්කරුවන් ගෙන්වති…
March 15, 2022 at 3:50 pm | lanka C news
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ සංස්කරණය කිරීමට නියමිත මහව සිට ඕමාන්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා ඉන්දියාවෙන් කම්කරුවන් රැගෙන ඒමට නියමිතව ඇතැයි දුම්රිය සේවකයන් කියා සිටිති.
එමෙන්ම එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙරටට ගෙන එන සියලුම භාණ්ඩවලට බදු සහන ලබා දීමට නියමිතව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
මෙම ප්‍රතිසංස්කරණ ඉන්දීය සමාගමක් හරහා සිදු කරන බවත් එක කිලෝමීටරයක් සකස් කිරීම සඳහා රුපියල් කෝටි 23 ක මුදලක් වැය කරන බවත් සඳහන්ය.
නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් යොදා රුපියල් කෝටි හතක් අටක් අතර මුදලකට කිලෝමීටරයක් ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාව ඇතැයි ද දුම්රිය සේවකයෝ කියති
පවු අර පාදෙණිය කාරය ජීවත් වෙලා හිටියනම් ....