Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ECTA ගැන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපිය&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ECTA ගැන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපිය&

ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත ඉන්දු-ශ්‍රීලංකා ආර්ථික ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) විරෝධය පෑම මේ දිනවල මෝස්තරයක් බවට පත්වී ඇත. එක් පසෙකින් මේ ගිවිසුමට විරුද්ධවන්නෝ වීරවංශ පන්නයේ සිංහල-ෆැසිස්ට්වාදියෝය.. ඔවුන්ගේ න්‍යායට අනුව දකුනේ සිංහලයින් ඉන්දියාව/ බටහිර/ මුස්ලිම් හා දමිල ජනයා ආදී සියලෝම තමන්ට වින කටින්නට බලා සිටින සතුරන් වශයෙන් සැලකිය යුතු වේ. 2015 ජන.8 සිදුවූ රාජපක්ෂලාගේ දේශපාලන මරණයෙන් පසු මේ නලින්ද සිල්ව ලා, ගුනදාස අමරසේකර ලා පෝෂනය කළ ස්වෝත්තමවාදී මතවාදයත් ස්වාභාවික මරණයකට පත්වෙමින් යන නිසා මොවුන් ගැන කිසිවෙක් වැඩියෙන් කරදර වියයුතු නැත.

නමුත් තවත් පසෙකින් GMOA වැනි මාෆියා සංවිධානවලත්, පසුගිය වසරේ ජනතාව විසින් ප්‍රතික්ශේප කොට බලයෙන් දොට්ට දමන ලද බංකොලොත් රාජපක්ෂවාදීන්ගේත්, කාලයක් 'ඉන්දියානු ව්‍යාප්තිවාදයක්' ගැන කියමින් රට ගිනිතබා දැන් සටන් පාඨ හිඟකම නිසා විරුද්ධවීම හා උද්ඝෝෂනය කිරීම "කෝකටත් තෛලය" කරගත් හිඟන ජේවීපී නායකයන්ගේ බසට රැවටුන වෘත්තීකයින් පිරිසක්ද අහේතුක භීතියකින් ECTAවට විරුද්ධ වනු පෙනේ. පවතින රජය බලයට ගෙන ඒමට තරුණ වෘත්තීයවේදීන් සෑහෙන රුකුලක් වූ නිසා මේ අයගේ අහේතුක බිය දුරලීම රජයේ මාධ්‍ය හසුරුවන්නන්ට වගකීමක් ඇත.

තවමත් කෙටුම්පත් කරද නොමැති ඉන්දියානු වෙලඳ ගිවිසුම ගැන බොහෝ දෙනා පලකරන මත අසන විට අන්ධයින් අලියාගේ හැඩය කී හැටි සිහිවේ.

මේ ගිවිසුම හරහා අසීමාන්තිකව ඉන්දියානු වෘත්තීකයින් ගෙන්වාගැනීමක් සිදුනොවන බවත් බොහෝවිට සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ඉන්දීය සමාගම් වලට තම ආයතනයන්හී ඉහල මට්ටමේ තනතුරු සඳහා ඉන්දීය විශේෂඥයින් ගෙන්වා ගැනීමට ඉඩදීම පමනක් බවත් ආන්ඩුව කිහිප විටක්ම අවධාරනය කර තිබියදීත් ECTA අත්සන් කිරීමෙන් පසු ඉන්දියානු වේටර්වරු, බාබර්ලා, ඩ්‍රයිවර්ලා ලංකාවට එතියි කෑමෝර දෙමින් අහේතුක බියක් පැතිරවීමට ප්‍රතිවිප්ලවවාදීන් කටයුතු කරනු දැකිය හැක.

මොවුන්ගේ ප්‍රධාන තර්කය නම් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන සියල්ලන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලංකාවට බුරුතු පිටින් ගොඩබසිති යන්නය. ඉන්දියාවේ 6% පමන විරැකියාව තිබෙන බව සත්‍යකි. විරැකියාව නොමැති රටක් ලෝකයේ නැත. නමුත් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන අති බහුතරය උසස් අධ්‍යාපනයක් නොලැබූ හෝ කලා විෂය ධාරාවලින් උසස් අධ්‍යාපනය ලැබූ පිරිස මිස ඉන්ජිනේරුවන් හෝ වෛද්‍යවරුන් නොවේ. සුදුසුකම් ලැබූ තොරතුරු තාක්ෂන වෘත්තීකයින්ට මිස ඉන්දියාවේ නාට්ටාමිලාට ECTA හරහා ලංකාවට ඒමට නොහැක. දැනටමත් සංචාරක වීසා වලින් පැමිණ ඉන්දියානුවන් මෙරට කම්කරු රැකියා කිරීමේ ගැටලුව ආගමන-විගමන නීති හරහා විසඳාගත යුතු එකකි.

ECTA විරුද්ධවන්නන් වපුරන තවත් ප්‍රධාන භීතිය නම් ඉන්දියාවේ "ඉතා අඩු වැටුප් ලබන" (යැයි මොවුන් සිතන ) තොරතුරු තාක්ෂන වෘත්තීකයින් පොරකමින් මෙරටට පැමින මෙරට රැකියා 'තුට්ටු දෙකේ' පඩියට ඩැහැගෙන මෙහිම පදිංචි වනු බවයි. වීරවංශගේ අනුගාමිකයෙක් පසුගිය දිනක පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවක "ලංකාවේ ඉන්ජිනේරුවෙකු රු. ලක්ෂයට කරන රැකියාව ඉන්දියානු ඉන්ජිනේරුවන් රු. 25000 කරනු ඇතැයි දෙසාබෑවේත් මේ නිසාය.

මේ අය මුලින්ම ඉන්දියානු ශ්‍රම වෙළඳපොල ගැන දැනුම 80 ගණන්වලින් පසු යාවත්කාලීන කරගත යුතුව ඇත. එකක් පරයා එකක් නැගෙන IT සමාගම් ඇති ආසියාවේ 'සිලිකන් නිම්නය' ලෙස හඳුන්වන ඉන්දියාවේ ඔය කියන අඩු වැටුපට වැඩ කරනා ඉන්ජිනේරුවන් සොයාදෙන්නට පුලුවන්නම් වීරවංශට ඇමරිකානු සමාගමක බඳවාගැනීමේ නිලධාරියෙක් ලෙස ලෙහෙසියෙන්ම රැකියාවක් සොයාගත හැකිවනු ඇත.

Payscale.com වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ආධුනික මෘදුකාංග ඉන්ජිනේරුවෙකුගේ (entry-level software engineer) සාමාන්‍ය වැටුප මසකට ඉන්දියන් රු. 30000 (ලංකා රු. 62000) පමණ වේ. (මසකට රු.45000 පමන පඩියට සේවය කරන ශ්‍රී ලාංකික ආධුනික සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලාද ලියුම්කරු පෞද්ගලිකව හඳුනයි ).

ඉන්දියාවේ මැද මට්ටමේ (mid career) මෘදුකාංග ඉන්ජිනේරුවෙක් සාමාන්යෙන් මසකට ඉන්දියන් රු. 55000 (ලංකා රු110000 ) පමන උපයයි. මේවා ලංකාවේ මෘදුකාංග ඉන්ජිනේරුවන්ගේ වැටුප් තල වලට වඩා ඉතා අඩු වැටුප් නොවෙති. අනෙක් අතට ලංකාවේ ජීවන වියදම ඉන්දියාවට වඩා අධික බවත් මතක තබාගත යුතුය. ඉන්දියාවේ ඔනෑම තැනක ලීටරයක පානීය ජල බෝතලයක් රු. 20 (ලංකා රු. 42) ලංකාවේ එය රු. 60 කි. චෙන්නායි හීදී ඔබට ඉන්දියන් රු. 60 (ලංකා රු. 120) සාමාන්‍ය හෝටලයකින් බඩකට පිරෙන්නට ආහාර ගතහැකි වුවද කොළඹදී වේලක් දැනෙන්නට කන්නට රු.200 ක් ද මදිය. ඉන්දියාවේ නිශ්පාදනය කරන ඇල්ටෝ රථයක් එහිදී මිල ඉන්දියන් රු. 2,50,000 (ලංකා රු. ලක්ෂ 5 පමන ) වෙත්දී මෙහි එය ලක්ෂ 18 වඩා මිල අධිකය. තම රටට වඩා බත්පත දෙගුණයක් මිල වන, තම රටේම නිශ්පාදිත මෝටර් රථය ඊට වඩා 3 ගුණයකටත් වැඩි මිලාධික රටකට පැමින ඉන්දියානු රුපියලටත් වඩා අගයෙන් අඩු ශ්‍රී ලංකා රුපියල් වලින් අඩු පඩිගෙන වැඩ කරන්නට ඉන්දියානු ඉන්ජිනේරුවන් පැල් බැඳගෙන පැමිනේයැයි සිතීම මුලාවකි. ඉන්දියාවේ තමන් ලබන වැටුප ගැන නොසතුටු ඉන්ජිනේරුවන් කරන්නේ පලමුවෙනි ලෝකයේ රටකට සංක්‍රමනය වීමය.

සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ තොරතුරු තාක්ෂන අංශයේ රැකියා අතිරික්තයක් තිබේ. එය කොපමනද යත් ලියුම්කරු ඉන්දියාවේ පංජාබ් විශ්විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ තම සරසවියෙන් පිටවන තොරතුරු තාක්ෂනට සම්බන්ධ නැති නොවන සිවිල්/ මිකැනිකල් ඉන්ජිනේරු වැනි විෂයන් හැදෑරූ උපාධිධාරීන් පවා IBM වැනි සමාගම් වලට ආධුනික ඉන්ජිනේරුවන් ලෙස බඳවාගෙන ඔවුන්ට මෘදුකාංග ගැන පුහුනුව ලබාදීමට සමාගම් ඉදිරිපත් විය.

2020 වනවිට තවත් වර්ධනය වීමට ඇති ඉන්දියාවේ තොරතුරු තාක්ෂන ක්ෂේත්රයට වෘත්තීකයින් මිලියන 5 පමණ අවශ්‍ය වන බව ඉන්දීය විද්වතුන්ගේ මතයයි. ශ්‍රී ලාංකිකයින්ටද ඉන්දියාවේ රැකියා කිරීමට ඉඩ සැලසෙන මේ ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව දක්වන උන්නන්දුවට එක් හේතුවක් වන්නේද ලංකිකයින්ට තම රටට රැකියා කිරීමට පැමිනීමට අවස්ථාව දී මේ රැකියා හිඩැස පුරවාගැනීමට ඇති අවශ්‍යතාවයයි. එය දෙපාර්ශවයටම වාසියක් අත්වෙන අවස්තාවක් (win-win situation) ලෙස සැලකිය හැක.

සීමිත පිරිසකට රැකියා ලබාදිය හැකි ප්‍රමානයකට ඇරෙන්නට ලංකාවේ විශාල වශයෙන් ආයෝජනය කරතියි සිතිය නොහැකි Apple, Oracle, Goldman Sachs, JP Morgan, City Banks, Boeing, Airbus, වැනි දැවැන්ත ඇමරිකානු හා යුරෝපීය සමාගම් වලත් TCS, Wipro, Infosys, TechMahindra වැනි ඉන්දියානු සමාගම්වලත් දැවැන්ත ආයෝජන බැංගලෝර්, මුම්බායි, හයිද්‍රාබාද් වැනි ඉන්දියානු නගරවල දැනටමත් පිහිටා ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු. මේ සමාගම්වල තොරතුරු තාක්ෂන අංශයේ රැකියා අවස්ථාද ලාංකිකයින්ට විවරවන බවත් මතක තබාගත යුතුවේ.

පසුගියදා පැවති විරෝධතාවයේදී ඉන්දියානු වෘත්තීකයින් 'අදක්ෂ බවත්', ඔවුන් නිසා ලංකාවේ ඉන්ජිනේරු අංශවල "කොලිටිය" අඩුවන බවත් සඳහන් පුවරු ඔසවාගෙන යනු දිටිමි. ඒ අය කීදෙනෙක් ඉන්දියාවේ 'අදක්ශයින්' නිශ්පාදනය කර ඇති මෝටර් රථ වල සිට බේත් හේත් දක්වා භාන්ඩ භාවිතයෙන් වැලකී සිටිනවාද යන්න අපි නොදනිමු. එහෙත් ඉන්දියාවේ ඉන්නේ "අදක්ෂයින්" නම් ලංකාවේ "දක්ෂයින්" ECTA සඳහා කොහෙත්ම බියවිය යුතු නැත. කිසිදු ශ්‍රී ලාංකීය සමාගමක් ඉන්දියාවෙන් කිසිවෙක් සේවයට ගෙන්වා නොගනු ඇති අතර ඉන්දියාවෙන් ලංකාවේ ‘දක්ෂ‘ වෘත්තීකයින්ට රැකියා ඉල්ලුම් ගලා එනු ඇත.

අනෙක් අතට දැනටමත් ලංකාවේ ඇති දැවැන්ත ඉන්දීය ව්‍යාපාරික සමාගමක් වන IOC සමාගම ගනිමු. මේ ඉන්දියානු විරෝධතා කරුවන් කියන ආකාරයට IOC සමාගමට අයත් පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කළ යුත්තේ ඉන්දියානුවන් ය. නමුත් ඒවායේ මැනේජර්ගේ සිට ඉන්ධන පුරවන්නෝ දක්වාම වැඩ කරන්නේ ලංකාවේ අය ය. අශෝක් ලේලන්ඩ් (ලංකා) සමාගමේ රැකියා කළ යුත්තේ බහුතරය ඉන්දියානුවන්ය. නමුත් එහි ඉන්නේද බහුතරය ලාංකිකයන් ය.

ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් වැනි තාර්කිකව සිතාබලා නිගමනවලට පැමිනීමට පුහුණු වූ උගතුන් පාදෙනියලා මෝල්කාන්තලා වැනි මාෆියා කරුවන්ගේ බොරු වලට රැවටී තමන් මෙතෙක් නොදුටු ගිවිසුමකට අයාලේ විරුද්ධවීම තම වෘත්තීය ගරුත්වයට නොගැලපෙන බව අවසන මතක් කර සිටිමි.

කළ යුත්තේ ආන්ඩුව ගිවිසුම කෙටුම්පත් කරන තුරු සංයමයෙන් බලා සිට එහි අඩුපාඩු ඇත්නම් ඒවා වැඩදායක විවේචනවලට බඳුන් කිරීම ය.

නිපුන වන්නිනායක

Aeronautical Engineer

Related links: http://www.payscale.com/research/IN/Job=Software_Engineer/Salary/df9aa5d9/Mid-Career

http://www.firstpost.com/business/symantecs-cheri-mcguire-on-discussions-with-indian-government-on-cyber-security-2482958.html

[QUOTE="Al Baik, post: 19773095, member: 326965"] [b]ECTA ගැන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපිය&[/b] [SIZE="5"]ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත ඉන්දු-ශ්‍රීලංකා ආර්ථික ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) විරෝධය පෑම මේ දිනවල මෝස්තරයක් බවට පත්වී ඇත. එක් පසෙකින් මේ ගිවිසුමට විරුද්ධවන්නෝ වීරවංශ පන්නයේ සිංහල-ෆැසිස්ට්වාදියෝය.. ඔවුන්ගේ න්‍යායට අනුව දකුනේ සිංහලයින් ඉන්දියාව/ බටහිර/ මුස්ලිම් හා දමිල ජනයා ආදී සියලෝම තමන්ට වින කටින්නට බලා සිටින සතුරන් වශයෙන් සැලකිය යුතු වේ. 2015 ජන.8 සිදුවූ රාජපක්ෂලාගේ දේශපාලන මරණයෙන් පසු මේ නලින්ද සිල්ව ලා, ගුනදාස අමරසේකර ලා පෝෂනය කළ ස්වෝත්තමවාදී මතවාදයත් ස්වාභාවික මරණයකට පත්වෙමින් යන නිසා මොවුන් ගැන කිසිවෙක් වැඩියෙන් කරදර වියයුතු නැත. නමුත් තවත් පසෙකින් GMOA වැනි මාෆියා සංවිධානවලත්, පසුගිය වසරේ ජනතාව විසින් ප්‍රතික්ශේප කොට බලයෙන් දොට්ට දමන ලද බංකොලොත් රාජපක්ෂවාදීන්ගේත්, කාලයක් 'ඉන්දියානු ව්‍යාප්තිවාදයක්' ගැන කියමින් රට ගිනිතබා දැන් සටන් පාඨ හිඟකම නිසා විරුද්ධවීම හා උද්ඝෝෂනය කිරීම "කෝකටත් තෛලය" කරගත් හිඟන ජේවීපී නායකයන්ගේ බසට රැවටුන වෘත්තීකයින් පිරිසක්ද අහේතුක භීතියකින් ECTAවට විරුද්ධ වනු පෙනේ. පවතින රජය බලයට ගෙන ඒමට තරුණ වෘත්තීයවේදීන් සෑහෙන රුකුලක් වූ නිසා මේ අයගේ අහේතුක බිය දුරලීම රජයේ මාධ්‍ය හසුරුවන්නන්ට වගකීමක් ඇත. තවමත් කෙටුම්පත් කරද නොමැති ඉන්දියානු වෙලඳ ගිවිසුම ගැන බොහෝ දෙනා පලකරන මත අසන විට අන්ධයින් අලියාගේ හැඩය කී හැටි සිහිවේ. මේ ගිවිසුම හරහා අසීමාන්තිකව ඉන්දියානු වෘත්තීකයින් ගෙන්වාගැනීමක් සිදුනොවන බවත් බොහෝවිට සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ඉන්දීය සමාගම් වලට තම ආයතනයන්හී ඉහල මට්ටමේ තනතුරු සඳහා ඉන්දීය විශේෂඥයින් ගෙන්වා ගැනීමට ඉඩදීම පමනක් බවත් ආන්ඩුව කිහිප විටක්ම අවධාරනය කර තිබියදීත් ECTA අත්සන් කිරීමෙන් පසු ඉන්දියානු වේටර්වරු, බාබර්ලා, ඩ්‍රයිවර්ලා ලංකාවට එතියි කෑමෝර දෙමින් අහේතුක බියක් පැතිරවීමට ප්‍රතිවිප්ලවවාදීන් කටයුතු කරනු දැකිය හැක. මොවුන්ගේ ප්‍රධාන තර්කය නම් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන සියල්ලන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලංකාවට බුරුතු පිටින් ගොඩබසිති යන්නය. ඉන්දියාවේ 6% පමන විරැකියාව තිබෙන බව සත්‍යකි. විරැකියාව නොමැති රටක් ලෝකයේ නැත. නමුත් ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන අති බහුතරය උසස් අධ්‍යාපනයක් නොලැබූ හෝ කලා විෂය ධාරාවලින් උසස් අධ්‍යාපනය ලැබූ පිරිස මිස ඉන්ජිනේරුවන් හෝ වෛද්‍යවරුන් නොවේ. සුදුසුකම් ලැබූ තොරතුරු තාක්ෂන වෘත්තීකයින්ට මිස ඉන්දියාවේ නාට්ටාමිලාට ECTA හරහා ලංකාවට ඒමට නොහැක. දැනටමත් සංචාරක වීසා වලින් පැමිණ ඉන්දියානුවන් මෙරට කම්කරු රැකියා කිරීමේ ගැටලුව ආගමන-විගමන නීති හරහා විසඳාගත යුතු එකකි. ECTA විරුද්ධවන්නන් වපුරන තවත් ප්‍රධාන භීතිය නම් ඉන්දියාවේ "ඉතා අඩු වැටුප් ලබන" (යැයි මොවුන් සිතන ) තොරතුරු තාක්ෂන වෘත්තීකයින් පොරකමින් මෙරටට පැමින මෙරට රැකියා 'තුට්ටු දෙකේ' පඩියට ඩැහැගෙන මෙහිම පදිංචි වනු බවයි. වීරවංශගේ අනුගාමිකයෙක් පසුගිය දිනක පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවක "ලංකාවේ ඉන්ජිනේරුවෙකු රු. ලක්ෂයට කරන රැකියාව ඉන්දියානු ඉන්ජිනේරුවන් රු. 25000 කරනු ඇතැයි දෙසාබෑවේත් මේ නිසාය. මේ අය මුලින්ම ඉන්දියානු ශ්‍රම වෙළඳපොල ගැන දැනුම 80 ගණන්වලින් පසු යාවත්කාලීන කරගත යුතුව ඇත. එකක් පරයා එකක් නැගෙන IT සමාගම් ඇති ආසියාවේ 'සිලිකන් නිම්නය' ලෙස හඳුන්වන ඉන්දියාවේ ඔය කියන අඩු වැටුපට වැඩ කරනා ඉන්ජිනේරුවන් සොයාදෙන්නට පුලුවන්නම් වීරවංශට ඇමරිකානු සමාගමක බඳවාගැනීමේ නිලධාරියෙක් ලෙස ලෙහෙසියෙන්ම රැකියාවක් සොයාගත හැකිවනු ඇත. Payscale.com වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ ආධුනික මෘදුකාංග ඉන්ජිනේරුවෙකුගේ (entry-level software engineer) සාමාන්‍ය වැටුප මසකට ඉන්දියන් රු. 30000 (ලංකා රු. 62000) පමණ වේ. (මසකට රු.45000 පමන පඩියට සේවය කරන ශ්‍රී ලාංකික ආධුනික සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලාද ලියුම්කරු පෞද්ගලිකව හඳුනයි ). ඉන්දියාවේ මැද මට්ටමේ (mid career) මෘදුකාංග ඉන්ජිනේරුවෙක් සාමාන්යෙන් මසකට ඉන්දියන් රු. 55000 (ලංකා රු110000 ) පමන උපයයි. මේවා ලංකාවේ මෘදුකාංග ඉන්ජිනේරුවන්ගේ වැටුප් තල වලට වඩා ඉතා අඩු වැටුප් නොවෙති. අනෙක් අතට ලංකාවේ ජීවන වියදම ඉන්දියාවට වඩා අධික බවත් මතක තබාගත යුතුය. ඉන්දියාවේ ඔනෑම තැනක ලීටරයක පානීය ජල බෝතලයක් රු. 20 (ලංකා රු. 42) ලංකාවේ එය රු. 60 කි. චෙන්නායි හීදී ඔබට ඉන්දියන් රු. 60 (ලංකා රු. 120) සාමාන්‍ය හෝටලයකින් බඩකට පිරෙන්නට ආහාර ගතහැකි වුවද කොළඹදී වේලක් දැනෙන්නට කන්නට රු.200 ක් ද මදිය. ඉන්දියාවේ නිශ්පාදනය කරන ඇල්ටෝ රථයක් එහිදී මිල ඉන්දියන් රු. 2,50,000 (ලංකා රු. ලක්ෂ 5 පමන ) වෙත්දී මෙහි එය ලක්ෂ 18 වඩා මිල අධිකය. තම රටට වඩා බත්පත දෙගුණයක් මිල වන, තම රටේම නිශ්පාදිත මෝටර් රථය ඊට වඩා 3 ගුණයකටත් වැඩි මිලාධික රටකට පැමින ඉන්දියානු රුපියලටත් වඩා අගයෙන් අඩු ශ්‍රී ලංකා රුපියල් වලින් අඩු පඩිගෙන වැඩ කරන්නට ඉන්දියානු ඉන්ජිනේරුවන් පැල් බැඳගෙන පැමිනේයැයි සිතීම මුලාවකි. ඉන්දියාවේ තමන් ලබන වැටුප ගැන නොසතුටු ඉන්ජිනේරුවන් කරන්නේ පලමුවෙනි ලෝකයේ රටකට සංක්‍රමනය වීමය. සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ තොරතුරු තාක්ෂන අංශයේ රැකියා අතිරික්තයක් තිබේ. එය කොපමනද යත් ලියුම්කරු ඉන්දියාවේ පංජාබ් විශ්විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ තම සරසවියෙන් පිටවන තොරතුරු තාක්ෂනට සම්බන්ධ නැති නොවන සිවිල්/ මිකැනිකල් ඉන්ජිනේරු වැනි විෂයන් හැදෑරූ උපාධිධාරීන් පවා IBM වැනි සමාගම් වලට ආධුනික ඉන්ජිනේරුවන් ලෙස බඳවාගෙන ඔවුන්ට මෘදුකාංග ගැන පුහුනුව ලබාදීමට සමාගම් ඉදිරිපත් විය. 2020 වනවිට තවත් වර්ධනය වීමට ඇති ඉන්දියාවේ තොරතුරු තාක්ෂන ක්ෂේත්රයට වෘත්තීකයින් මිලියන 5 පමණ අවශ්‍ය වන බව ඉන්දීය විද්වතුන්ගේ මතයයි. ශ්‍රී ලාංකිකයින්ටද ඉන්දියාවේ රැකියා කිරීමට ඉඩ සැලසෙන මේ ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව දක්වන උන්නන්දුවට එක් හේතුවක් වන්නේද ලංකිකයින්ට තම රටට රැකියා කිරීමට පැමිනීමට අවස්ථාව දී මේ රැකියා හිඩැස පුරවාගැනීමට ඇති අවශ්‍යතාවයයි. එය දෙපාර්ශවයටම වාසියක් අත්වෙන අවස්තාවක් (win-win situation) ලෙස සැලකිය හැක. සීමිත පිරිසකට රැකියා ලබාදිය හැකි ප්‍රමානයකට ඇරෙන්නට ලංකාවේ විශාල වශයෙන් ආයෝජනය කරතියි සිතිය නොහැකි Apple, Oracle, Goldman Sachs, JP Morgan, City Banks, Boeing, Airbus, වැනි දැවැන්ත ඇමරිකානු හා යුරෝපීය සමාගම් වලත් TCS, Wipro, Infosys, TechMahindra වැනි ඉන්දියානු සමාගම්වලත් දැවැන්ත ආයෝජන බැංගලෝර්, මුම්බායි, හයිද්‍රාබාද් වැනි ඉන්දියානු නගරවල දැනටමත් පිහිටා ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු. මේ සමාගම්වල තොරතුරු තාක්ෂන අංශයේ රැකියා අවස්ථාද ලාංකිකයින්ට විවරවන බවත් මතක තබාගත යුතුවේ. පසුගියදා පැවති විරෝධතාවයේදී ඉන්දියානු වෘත්තීකයින් 'අදක්ෂ බවත්', ඔවුන් නිසා ලංකාවේ ඉන්ජිනේරු අංශවල "කොලිටිය" අඩුවන බවත් සඳහන් පුවරු ඔසවාගෙන යනු දිටිමි. ඒ අය කීදෙනෙක් ඉන්දියාවේ 'අදක්ශයින්' නිශ්පාදනය කර ඇති මෝටර් රථ වල සිට බේත් හේත් දක්වා භාන්ඩ භාවිතයෙන් වැලකී සිටිනවාද යන්න අපි නොදනිමු. එහෙත් ඉන්දියාවේ ඉන්නේ "අදක්ෂයින්" නම් ලංකාවේ "දක්ෂයින්" ECTA සඳහා කොහෙත්ම බියවිය යුතු නැත. කිසිදු ශ්‍රී ලාංකීය සමාගමක් ඉන්දියාවෙන් කිසිවෙක් සේවයට ගෙන්වා නොගනු ඇති අතර ඉන්දියාවෙන් ලංකාවේ ‘දක්ෂ‘ වෘත්තීකයින්ට රැකියා ඉල්ලුම් ගලා එනු ඇත. අනෙක් අතට දැනටමත් ලංකාවේ ඇති දැවැන්ත ඉන්දීය ව්‍යාපාරික සමාගමක් වන IOC සමාගම ගනිමු. මේ ඉන්දියානු විරෝධතා කරුවන් කියන ආකාරයට IOC සමාගමට අයත් පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කළ යුත්තේ ඉන්දියානුවන් ය. නමුත් ඒවායේ මැනේජර්ගේ සිට ඉන්ධන පුරවන්නෝ දක්වාම වැඩ කරන්නේ ලංකාවේ අය ය. අශෝක් ලේලන්ඩ් (ලංකා) සමාගමේ රැකියා කළ යුත්තේ බහුතරය ඉන්දියානුවන්ය. නමුත් එහි ඉන්නේද බහුතරය ලාංකිකයන් ය. ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් වැනි තාර්කිකව සිතාබලා නිගමනවලට පැමිනීමට පුහුණු වූ උගතුන් පාදෙනියලා මෝල්කාන්තලා වැනි මාෆියා කරුවන්ගේ බොරු වලට රැවටී තමන් මෙතෙක් නොදුටු ගිවිසුමකට අයාලේ විරුද්ධවීම තම වෘත්තීය ගරුත්වයට නොගැලපෙන බව අවසන මතක් කර සිටිමි. කළ යුත්තේ ආන්ඩුව ගිවිසුම කෙටුම්පත් කරන තුරු සංයමයෙන් බලා සිට එහි අඩුපාඩු ඇත්නම් ඒවා වැඩදායක විවේචනවලට බඳුන් කිරීම ය. නිපුන වන්නිනායක Aeronautical Engineer [/SIZE] Related links: [url]http://www.payscale.com/research/IN/Job=Software_Engineer/Salary/df9aa5d9/Mid-Career[/url] [url]http://www.firstpost.com/business/symantecs-cheri-mcguire-on-discussions-with-indian-government-on-cyber-security-2482958.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom