Edna_බ්ලේඩ්_චොක්ලට්
මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම
චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියාය.
ඔහු පසුගිය 20 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.
නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කැර තිබේ.
ඔහුගේ මුඛය, උගුර, ඇතුළු ශරීර අභ්‍යන්තරයේ කැපීම් තුවාල රැසක් සිදුවී ඇති අතර ඉන් අනතුරුව කොළඹ මහ රෝහලේ 22 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු විශේෂ ශල්‍යකර්මයකට ද ලක්කර තිබේ.ඊයේ පස්වරු වන තෙක්ම එම බ්ලේඩ් තල කොටස සිරුරෙන් ඉවත් කිරීමට නොහැකිව තිබුණු අතර ඊයේ රාත්‍රිය වන විට එම බ්ලේඩ් කැබැල්ල එලියට ගත බව නවතම තොරතුරු වලින් වාර්තා
වෙයි.