Elakiri,FaceBook,yahoo and ME

c#dilex

Member
Jul 27, 2010
52
22
0
හි හී අද මට නිවාඩු. ප්‍රොජෙක්ට් එකක් ගහලා නිදා ගන්න කොට පාන්දර 4.30යි. දැන් තමා උදේට කෑවෙ.. හ්ම්ම්...පම්පෝරිය ඇති...
හැමදාම කෙල්ලන්ට ලයින් දාන්නෙ නැතිව මටත් මොනා හරි ලියන්න හිතුනා...
මේ කියන දේ ගොඩක් අයට පොදුයි මම හිතන්නෙ
අපි නිදහසක් ලැබෙන හැම වෙලාවකම උත්සහ කරන්නෙ ඔන්ලයින් එන්න ...එළකිරියට, ෆේස්බුක් එකට ගිහින් පිස්සුවක් නටන්න... සමහරු නම් කොච්චර වැඩ තිබ්බත් ඒවත් අතපසු කරන් ඔන්ලයින් එනවා..ඒ තරමට ඇබ්බැහි වෙලා...කොටින්ම කියනවනම් "ෆේස් බුක් නැතුව කෑම එපා" මට්ටමට වැටිලා. නිදහස් වෙලාවට වත්තට යන්න, පැළයක් හිටවන්න, මල් වලට සාත්තු කරන්න , සුරතල් මාලු ඇති කරන්න...ඇත්තටම මේව ගැන අද අපි නිකමටවත් හිතනවද? මේව අද සංකල්ප පමණක් වෙලා.
ඕව මතක් කරනකොට අපි කියන්නෙ "ඕවට කොහෙද වෙලාවක් ?" කියල. ඇත්තටම පරිසරය විදින්න.. පරිසරයට යමක් දෙන්න....බෞද්ධයෙක් නම් අඩුම තරමෙ වෙසක් පොසොන් වලටවත් සිල් ගන්න...
ඇත්තට මේවට මේවට අපිට වෙලාවක් නැද්ද?
පොඩ්ඩක් කතා කරමු.... :)