ත්රීරෝද රථය ඇතැම්විට පහසුවක් මෙන්ම ඇතැම්විට හිසරදයක් වන රථයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත. වයස 18 පනින බොහෝ තරුණයින් තම ජීවිකාව්ව ත්රීරෝද රථය තෝරාගැනීම වර්තමානය වන විට බොහෝ සමජ ගැටළු නිර්මාණය කිරීමට මුලික වී ඇත. තරුණ ශ්රම බලකාය ත්රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම ඔවුන්ගෙ ශ්රමය වැදගත් කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීමට අවහිරව ඇතිවා සේම මෙම රැකියාව නිසා සමාජ තත්වය පහත වැටී අනාගත තරුණ පරපුර අපේක්ෂා භංග පිරිසක් ලෙස වර්ධනය වෙමින් පවතින බවට ලැබී තිබෙන සමාජ දත්ත පදනම් කරගෙන ඔවුන්ව මෙම තත්වයෙන් මුදවා ගැනීමේ උපාය මාර්ග කෙරෙහි ජනාධිපතිතුමා ප්රධාන රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ත්රී රෝද රැකියාවට යාමෙන් වැළැක්වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමේ යෝජනාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කර ඇත.
කෙසේ වෙතත් නිවසේ භාවිතයට වාහනයක් ලෙස ත්රී රෝද භාවිතය මෙහිදී සීමාවන්ට ලක්කර නැති අතර කුලී ත්රිරෝද රථ සහ නිවසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමේ ක්රමයක් හඳුන්වාදී ඉහත කී නීති පනවන්නට දැනටමත් සැලසුම් සකස් කර ඇතැයිද වාර්තාවේ.