ඉංග්‍රීසි පාඩම - 01
Introduction to English.
ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමේ. ඒක හරි විධියට ඉගෙන ගන්නකොට හරිම ලේසියි. මේ පාඩම් මාලාව හොඳට කරගත්තොත් ඔයාලට තේරෙයි මේක කොච්චර ලේසිද කියලා. හැබැයි දිගටම හරියට කරගන්න ඕනා.
මම මුලින්ම කියලා දෙන්නේ සරලම කොටස් කීපයක්. මේව විස්තර ඇතුව වඩා හොඳට පසුව උගන්වනවා.
මුලදි සිංහල පාව්ච්චි කලාට, පසුව මම ටික ටික ඒක අඩුකරනවා. ඒක නිසා ඉංග්‍රීසියෙන් තියෙන හැම දෙයක්ම මතක තියා ගන්න.
Alphabet:
ඉංග්‍රීසි හෝඩිය. අකුරු 26 යි. ලොකු අකුරු (Capital Letters ) හා කුඩා අකුරු (Simple Letters) ලෙස ලියන ආකාරය අනුව අකුරු වර්ග 2 යි.
There are 26 alphabets in English Language.
Capitals
A ,B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z.
Simples
a ,b, c, d, e, f, g, h, i, j, k, l, m, n, o, p, q, r, s, t, u, v, w, x, y, z.
ශබ්ද කරන ආකාරය අනුව ඉංග්‍රීසි අකුරු වර්ග 2 යි. ස්වර ( vowels) හා ව්‍යන්ජනාක්ෂර (consonants ) ලෙස.
Vowels:
Out of these 26 alphabets A, E, I, O, U are called Vowels.
A, E, I, O, U
Consonants:
The rest of the alphabets are called Consonants.
B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Y, Z.
Nouns - නාමපද
යම් කෙනෙක්, සතෙක් හෝ දෙයක් හඳුන්වන පද.
නිමල් - Nimal
පිරිමි ළමයා - boy
මේසය - table
Verbs - ක්‍රියා පද
යම් ක්‍රියාකාරකමක් හඳුන්වන පද.
දුවනවා - run
යනවා - go
කනවා - eat
Adjectives - නාම විශේෂණ පද
නාම පදයක් විස්තර කිරිමට යොදන පද. මෙවා නාම පදයට මුලින් යෙදිය යුතුයි.
ළමයා - child (or boy)
හොඳ ළමයා - good child (or good boy)
Adverbs - ක්‍රියා විශේෂණ පද
ක්‍රියා පදයක් විස්තර කිරිමට යොදන පද. මෙවා ක්‍රියා පදයට පසුව යෙදිය යුතුයි.
දුවනවා - run
වේගයෙන් දුවනවා - run fast
මේ වගේ පද වර්ග තව තියෙනවා. ඒවා පසුව ඉගෙන ගමු.
Articles - A / AN
ඉංග්‍රිසි භාෂාවේ කුඩාම වචන තමයි ගොඩක්ම වැඩගත්. ඒ තමයි a සහ an . අපට යම් නාමයක් "එකක්" බව කීමට මේ a හෝ an යොදනවා. ඒ කියන්නෙ සිංහල නාමයේ අගට "ක්" තියෙනවානම් ඉංග්‍රිසි වචනයේ මුලට a / an යෙදෙනවා.
Use of Indefinite Article (A):
බොහෝ නාමපද වලට මුලින් a යෙදෙනවා.
Book à a book පොතක්
Cat à a cat පූසෙක්
Tree à a tree ගසක්
Flower à a flower මලක්
Use of Indefinite Article (An)
නාමපදයක් a, e, i, o, u යන vowels වලින් ඇතිවන "ශබ්ද" වලින් ආරම්භවෙනවිට පමණක් an යෙදෙනව.
හොඳට මතක තියා ගන්න a, e, i, o, u නෙමේ ඒවායෙන් අතිවන අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, එ, ඒ, ඔ, ඕ යන ශබ්ද ගැනයි මේ කියන්නේ. a, e, i, o, u වලින් පටන්ගන්න වචන කියලා ඔයාල ඉගෙන ගෙන තියෙන දේ වැරදියි. බලන්න මේ උදාහරණ.
Apple à an apple (ඇ)
Egg à an egg (එ)
Orange à an orange (ඔ)
Umbrella à an umbrella (අ)
මේ වචන පටන් ගන්නේ consonant එකකින්. ඒත් ඒවාට යෙදෙන්නේ an .
Hour à an hour (අව(ර්))
x-ray à an X-ray (එක්ස්-රේ)
ඒ නිසා තමයි පහත වචනවලට පෙර a යෙදෙන්නේ. හැබැයි මේ වචන පටන් අරගෙන තියෙන්නේ vowel එකකින්. දැන් තේරෙනව නේද ඔයල ඉගෙන ගෙන තියෙන්නේ වැරදි දෙයක් බව.
University à a university (යුනිව(ර්)සිටි)
Uniform à a uniform (යුනිෆෝම්)
අදට ඇති නේද? ලබන සතියේ තවත් අලුත් දේවල් කීපයක් ඉගෙනගමු.
මුල්ම පාඩමෙන් යමක් ඉගෙන ගත්තානම් ඒක තමයි මගේ සතුට.
මේ පාඩම් හොඳනම්, වටිනවනම් කියන්න.
නැවත හමුවෙමු. ඔබට ජය ! !