EPF / ETF සල්ලි රු.කෝටි 1100 ක් ගිල්ල මහින්ද රාජපක්ෂට #

monson

Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    EPF / ETF සල්ලි රු.කෝටි 1100 ක් ගිල්ල මහින්ද රාජපක්ෂට #

    EPF / ETF සල්ලි රු.කෝටි 1100 ක් ගිල්ල මහින්ද රාජපක්ෂට සහ කබ්රාල්ට විරුද්ධව පැවරූ නඩුවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය

    දණ්ඩ නීති සංග්‍රහයේ 136(01) සහ 139 (01) යටතේ දඬුවම් කළ යුතු දූෂණයක් වූ මහජනතාවගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් අරමුදල් වලින් රු. කෝටි 1150 ක් දැනුවත්ව දූෂනය කළ හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දෙදෙනාට එරෙහිව ඊයේ (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරනු ලැබීය.

    පවරන ලද නඩුවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මෙසේය.


    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය

    ම.අ. නඩු.අංක :
    අපරාධ නඩු විධාන පටිපාටි සංග්‍රහයේ වගන්ති 136(7) හා 139(1) වගන්තිවලට අනුුව ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබඳවය.

    කැලූම් කුමාරසිංහ
    අංක 38, බෝධිරුක්කාරාම පාර,
    ගල්බොරැල්ල,
    කැළණිය.

    පැමිණිලිකරු

    එදිරිව
    1) අජිත් නිවාර්ඩ් කබ්රාල්
    3/31, පාසැල් පටුමග,
    නාවල,
    රාජගිරිය.

    2) මහින්ද රාජපක්ෂ
    කාල්ටන් නිවස,
    තංගල්ල,
    විත්තිකරුවන්

    2015 අගෝස්තු ..... වන මෙදින

    කොළඹ ගරු මහේස්ත්‍රාත් තුමා වෙත.

    පැමිණිල්ලේ පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගයනි දිල්රුක‍්ෂි මෙසේ ප්‍රකාශ කර සිටි.

    • පැමිණිලිකරු තමා නීතිඥයෙක් වන බව ප්‍රකාශ කරයි.

    • (අ) පැමිණිලිකරු කියා සිටින්නේ මෙහි පළමු විත්තිකාර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති බවත්, එම වකවානුවේ ඔහු හිතාමතාම කොටස් වෙළඳ පොළේ අඩු ප්‍රතිලාභ සහිත කොටස් වෙනුවෙන් අර්ථ සාධක අරමුදලට අයත් රුපියල් බිලියන් 12 ක මුදලක් ආයෝජනය කිරීමෙන් එම අරමුදලට පාඩුවක් සිදු කොට ඇති බවත් ඒ අනුව තමන් සාපරාධි විශ්වසනය කඩ කිරිමේ වරද කර ඇති බවත්, මෙය පම්පිං හා ඩම්පිං (pumping and dumping) යනුවෙන් හඳුන්වන ක්‍රියාවලියට අයත් බවය.

    (ආ) පැමිණිලිකරු කියා සිටින්නේ මෙහි දෙවන විත්තිකරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද අයිතිවෙන මුදල් අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයා බවත් පළමු විත්තිකරු අදාළ වරද කරන අවස්ථාවේ, ඔහු එම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත්ය.

    (ඇ) පැමිණිලිකරු තවදුරටත් කියා සිටිනුයේ මෙහි දෙවන විත්තිකරු විසින් තමාගේ කාල වකවානුවේ වරදවල් හි යෙදුනු තැනැත්තැන් වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ග ගැනිම තමා විසින් වළක්වා ඇති බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් එමගින් ඔහු ආධාර දීම හා අනුබල දීම නමැති වරද කර ඇති බවත්ය.

    (ඈ) එකී මහින්ද රාජපක‍ෂ විසින් ඒ සම්බන්ධ ද අවස්ථා තුනකදී කළ ඇති පිළිගැනීම් සටහන් වන වීඩියෝ ගත පටියක් ‘X‘ යනුවෙන් සළකුණු කර ඉදිරිපත් කරන අතර එය පැමිණිල්ලේ අත්‍යාවශ්‍ය කොටසක් වශයෙන් සැළකිය යුතු බවට ද අයැද සිටි.

    • පැමිණිලිකරු පවසන්නේ ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොළේ මෙසේ අත්තනෝමතිකව හා අවිචාරවත්ව සේවක අර්ථ සාදක අරමුදලේ මුදල් අයෝජනය කර ඇත්තේ සමහර කොටස් වල අගයන් ඉහළ දැමීමේ චේතනාවෙන් බවත් එමගින් එකී අරමුදලම රුපියල් බිලියන 12 කට ආසන්න මුළු පාඩුවක් සිදු කළ ඇති බවත්ය.

    • පැමිණිලිකරු මෙසේද පවසයි.

    (අ) සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 5(ඉ) වගන්ති යටතේ කියැවෙන පරිදි “ඉතා ඉක්මනින් අවශ්‍ය නොවන අරමුදලේ මුදල්, මූල්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර හැකි අතර එසේ කළ හැක්කේ අරමුදලේ පණතට අනුකූලව එවන් සුරැකුම් යෝග්‍ය වන අවස්ථාවන්හි වන අතර එවන් සුරැකුම් විකිණීම ද කළ හැක. “

    (ආ) අරමුදල් 7(ඉ) වගන්ති අනුව “මූල්‍ය මණ්ඩලය ඉතා ඉක්මනින් අවශ්‍ය නොවන මුදල් පණතට එම මණ්ඩලය ඉතා සුදුසු යැයි තීරණය කළ අනුකූලව සුරැකුම් හෝ කොටස් වල ආයෝජනය කළ හැකි අතර එම සුරැකුම් හෝ කොටස් විකිණීම කළ හැක.“

    • මේ අනුව, පාර්ලිමේන්තුව විසින් අදාළ ක්‍රියාවන් දෙක සම්බන්ධව පැහැදිළි වෙනසක් දක්වමින් කොටස් වෙළඳ පොළෙන් මිළ දි ගන්නා කොටස් වෙනුවෙන් අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ බලය ඉවත් කර ඇත.

    • පැමිණිලිකරු කියා සිටින්නේ ‘කොටස්‘ හා ‘සුරැකුම්‘ අර්ථදැක්වීම සම්බන්ධව පැහැදිළි වෙනසක් ඇති බවද ඒ අනුව සේවා යෝජිත භාරකාර අරමුදල් (ETF) මණ්ඩලයේ එහි 7(ඈ) වගන්ති යටතේ අදාළ මණ්ඩලයට ‘කොටස්‘ වල ආයෝජනය කළ හැකි අතර, සේවක අර්ථ සාදක අරමුදල් පනතේ වගන්ති 5(ඉ) වගන්තියට අනුව සේවක අර්ථ සාදක අරමුදල් එවැනි ආයෝජනයන් හි යෙදවීමට මූල්‍ය මණ්ඩලයට බලයක් නොමැත.

    • පැමිණිලිකරු පවසන අන්දමට, 1995 දී නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතු අවස්ථාවේ, හිටපු නීතිපති ෂිබ්ලි අසීස් ගේ මතය වූයේ, සේවක අර්ථ සාධක අරමුදල් පණතට අනුව එම අරමුදලේ මුදල ‘කොටස්‘ වල ආයෝජනය කිරීම පණතට පටහැනි වගය. ඔහුගේ මතය වූයේ එම පණතට අනුව අදාළ මුදල් ආයෝජනය කළ හැක්කේ රජයේ සුරැකුම්වල පමණක් බවත්ය. එකී මතය ඊට පෙර සිටි නීතිපති වරයෙකු වූ ශිවා පසුපති මහතා විසින් 1970 දශකයේ මේ සම්බන්ධව දැක්වු මතය හා සමාන වේ.

    • කෙසේ වූවද, වර්ෂ 2002 දී දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව නැවත විමසා සිටි විට, එවකට සිටි නීතිපති කමලසබේසන් පැවසුවේ සේවක අර්ථ සාධක අරමුදල ‘කොටස‘ හී ආයෝජනය කළ හැකි අතර එසේ කළ හැක්කේ ලැයිස්තුගත මහඟු සතු (blue chip) සමාගම් වල පමණක් බවත් එය කෙසේ වත් කුඩා කොටස් වල නොවිය යුතු වගය.

    • පැමිණිලිකරු පවසන්නේ අර්ථ සාධක අරමුදලේ දායක හා දායක නොවන සාමාජිකයින් මිලියන 13 ක් සිටින අතර සේවා යෝජිත භාරකාර අරමුදලේ සාමාජිකයන් මිලියන 2.3 ක් සිටින වගත් එම අරමුදල් වල මුදල් ඒවායේ සාමාජිකයන්ට අයත් බවය. මෙම අරමුදල් කළමනාකරණය කරන රජයේ ආයතන අරමුදල් වල භාරකරුවන් පමනක් බවත්, ඔවුන්ගේ භූමිකාව විශ්වාසය මත රඳා පවතින බවත් ඒ අනුව එම ආයතන ප්‍රතිලාභින්ගේ සම්පූර්ණ යහපතට පමණක් කටයුතු කළ යුතු බවය.

    • පැමිණිලිකරු පවසා සිටින්නේ මහා බැංකුවේ අධිපති නිවාර්ඩ් කබ්රාල් මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්, එම මණ්ඩලය අරමුදලේ පාලක සභාව ලෙස කටයුතු කිරීමේදී, තමා වෙත පැවරෙන විශ්වාසය කඩ කරමින් දූෂිතව හා වංකව ක්‍රියා කරමින් අරමුදලට හා එහි ප්‍රතිලාභීන්ට රුපියල් මිලියන 12,000 කට වැඩි අලාභයක් සිදු කළ ඇති වගයි.

    • පැමිණිලිකරු පවසන්නේ විරුද්ධ පක්ෂ නායක විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සරත් අමුනුගම විසින් සැපයු පිළිතුරට අනුව කොටස් වෙළඳ පොළ ආයෝජනයෙන් අරමුදලට සිදු වු අලාභය 2012 ජුනි 20 වැනි දිනට රුපියල් බිලියන 11.04 කි. ගරු ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ එසේ ආයෝජනය කළ සමාගම 65 න් සමාගම් 17ක ආයෝජනයන් පමණක් ලාභ දක්වා ඇති බවය.

    • පැමිණිලිකරු කියා සිටින්නේ මෙම අලාභය මූලිකව කොටස් වෙළඳ පොළ නීතිවිරෝධීව මෙහෙය වීම තුළින් ඇතිවන බවත් මෙම යාන්ත්‍රණය “pumping and damping’’ යනුවෙන් සඳහන් කෙරෙන බවත්, එහිදී ඉතා පහළ අගයන් ඇති කොටස් සුළු පිරිසකගේ මෙහෙය වීම යටතේ මිළ දී ගැනෙන බවත්ය. මෙවන් පිරිස් මාධ්‍යයේ හඳුන්වනු ලබන්නේ ‘Stock market mafia“ යනුවෙන් බවත් පැමිණිලිකරු සඳහන් කරයි. පැමිණිලිකරු පවසන්නේ පළමු වැනි විත්තිකරුගේ ආශිර්වාදය ඇතිව මූල්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයිනුත් මෙම මිළ දී ගැනීමට හවුල් වී ඇති බවද, පසුව එසේ මිළ දී කොටස් 1000% ප්‍රතිශතයකින් පමණ වැඩිකර සැක නොකරන වෙළඳුන්ට කොටස් වෙළඳ පොළේ දී අලෙවි කෙරෙන බවද, පසුව සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන මුලින් පැවති හා සත්‍ය වු වටිනාකම් වලට පහත වැටෙන බවය.

    • පැමිණිලිකරු සඳහන් කරන්නේ සේවක අර්ථ සාධක අරමුදලට කරන ලද අලාභයෙන් අරමුදල කරන ලද ආයෝජනයන්හි ඉපැයුම් අනුපාතය 2011 දී 12% දක්වා, පෙර වසරේ 15%ට සාපේක්ෂව පහත වැටී ඇති වගය. එමෙන්ම, 2010 දී 12.5% වූ සාමාජික පොළිය, 2011 දී 11.5% දක්වා අඩු වී ඇත.

    • පැමිණිලිකරු තෝරාගත් වෙළඳ පොළ මෙහෙයවීම් පහත සඳහන් සේ දක්වා සිටි :

    • සිලෝන් ග්රේන් එලිවේටර්ස් පිඑල්සී සමාගමේ රුපියල් මිලියන 3000ක් අයෝජනය කිරීම තුළින් අර්ථ සාධක අරමුදල රු. මිලියන 700ක පාඩුවක් ලබා ඇත. එසේ ආයෝජනය කළ අවස්ථාවේ කොටසක අගය රු.250/= වූ අතර, කොටස් මිළ තවදුරටත් අඩුවන කාලපර්ච්ඡේදයේ තව කොටස් ගණනාවක් රු.185/= බැගින් මිලට ගෙන ඇත. කෙසේ වූවද, කොටසක මිල පසු කලෙක රු. 55/= දක්වා අඩු වී ඇත. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන අන්දමට මෙම ආයෝජන හේතුවෙන් අත්වු පාඩුව රු බිලියන 1.02 ඉක්මවයි.

    • 2012 අප්‍රේල් මාසයේදී අරමුදල සී/ස පිරැමල් ග්ලාස් (සිලෝන්) සමාගමේ කොටසක රු.6.20 බැගින්, රුපියල් මිලියන 280.5 ආයෝජනයක් කර ඇති අතර එය අදාල සමාගමේ මුළු කොටස් වලින් 10% ක් වේ. මෙම කොටස් මිලදී ගැනීමෙන් සතියකට පසුව කොටසක මිල රු.5.20 දක්වා අඩු වීමෙන් අරමුදලට අත්වු පාඩුව රුපියල් මිලියන 50 කි.

    • ගලදාරි හොටෙල්ස් (ලංකා) පිඑල්සී සමාගම රුපියල් මිලියන 6.2ක ණයක් ගෙවීමට තිබිය දීත්, නවලෝක රෝහල හා අදාළ පාර්ශවයන්ගෙන් අරමුදල කොටස් මිලියන 23.7 ක් කොටසක් රු.32.50 බැගින් මිලදී ගෙන ඇත. එම මිලදී ගැනීම තුළින් අරමුදල ගලදාරි සමාගමේ කොටස් මුළු ප්‍රමාණයෙන් 13% දක්වා ඉහල නංවා ගෙන ඇත. නවලෝක රෝහල් නියෝජ්‍ය සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරි, ජයන්ත ධර්මදාස පවසා ඇති අන්දමට එම විකිණීමට ඔවුන්ට “විශාල සහනයක්“ හා බරකින් මිදීමක්ද වී ඇත. ගලදාරි හොටෙල්ස් (ලංකා) පිඑල්සී හි කොටසක වර්තමාන වෙළඳ මිල රු.13.00 වන අතර මෙම ගණුදෙනු මෙන් සිදු වු මුළු අලාභය රු. මිලියන 500 ඉක්ම වේ.

    • ලාෆ් ගෑස් පිඑල්සී සමාගමේ කොටස් මාස 02 ක කාලයක් තුල කොටසකට රු.38/= බැගින් විකිණෙමින් තිබුනි. 2012 ඔක්තෝම්බර් 10 වැනි දින උදේ 11.00 ට පමණ රුපියල් මිලියන 1.8 ක කොටස්, කොටසක් රු.48-51/= බැගින් අරමුදල මිලදී ගත් අතර එදිනම සවස 2.30ට කොටසක වෙළඳ පොළ මිල රු.40/= දක්වා අඩු වී ඇත. මෙමගින් අරමුදලට සිදුවූ අලාභය රු. මිලියන 300 ක් වු අතර එය සිදු වී ඇත්තේ පැය කිහිපයකිනි. ලාෆ් ගෑස් කොටස්, කොළඹ කොටස් වෙළඳ පොලේ ප්‍රධාන පුවරුවේ අලෙවි නොවූ අතර එම කොටස් දෙවැනි පුවරුව වූ දිරි සවිය පුවරුවේ අලෙවි කෙරිණි. එමෙන්ම එවැනි කොටස් විශාල ලෙස වැඩි කිරීමකට හේතු විය හැකි වත්කම් පාදකයක් එම සමාගමට නොතිබුනි.

    • අරමුදල පසුව ලාෆ් ගෑස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 57.89 ක් මිල දී ගෙන මුළු කොටස් ප්‍රමාණයෙන් 17.28% අත්පත් කර ගත් අතර චන්ද වරප්‍රසාද නැති කොටස් වලින් 35% ක් රුපියල් මිලියන 18 ක මිල දී ගෙන ඇත. අද වන විට ලාෆ් ගෑස් සමාගමේ කොටසක් රු.22-23 බැගින් විකිණෙන අතර, චන්ද රහිත කොටසක් රු.14-15 බැගින් ගනුදෙණු කෙරේ. මෙම ගනුදෙණුව හේතු කොට අරමුදලට සිදු වු පාඩුව රු. මිලියන 1300 කට අධිකය.

    • ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ කරන ලද ආයෝජනයකින් අරමුදල රුපියල් මිලියන 1000 ක අලාභයක් දරා ඇත.

    • අනෙක් ප්‍රධාන පාඩු සහගත ආයෝජනයන් වනුයේ බ්‍රවුන්ස් (රු.934 මිලියන), සෙන්ට්‍රල් ෆිනෑන්ස් (රු.933 මිලියන) වැලිබෙල් වන් (රුපියල් 455 මිලියන), එච්.එන්.බී (රුපියල් 420 මිලියන).

    • පැමිණිලිකරු මෙයින් දන්වා සිටිනුයේ සමාගම් වලින් මෙසේ කොටස් මිලදී ගැනීම පෙරමුණ ගත් වූවන් අතර මහා බැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන්ට ලං වූ ලාෆ් ගෑස් හි වෑගපිටිය, වැලිබෙල් හි ධම්මික පෙරේරා, ඔරික්ස් ලංකා හි අජිත් දේවසුරේන්ද්‍ර, නවලෝක රොහලේහි ජයන්ත ධර්මදා සහ උපාලි ධර්මදාස (දැනට insider dealer transactions සඳහා උසාවියේ චෝදනා ලබා සිටින) සිටින බවයි.

    • පැමිණිලිකරු තවදුරටත් පවසා සිටිනුයේ මහා බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් දූෂිත අයුරින් ක්‍රියාකර ඇති බවත්, අගය ඉතා ඉතා ඉක්මනින් පහල බසින කොටස් හි ආයෝජනයෙන්, එසේ අගය සීඝ්‍රයෙන් අඩු වු විට කිසිවක් නොකිරීමෙන්, මෙම ක්‍රියාදාමය පැහැදිලි වන අතර, එමගින් රජයට විශාල අලාභයක් සිදු කර ඇති බවත් ඔහු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද කර ඇති බවත් ඊට මූලික හේතුව වනුයේ පළමුවැනි විත්තිකරු තමා දැරු නිලය වූ මහ බැංකුවේ අධිපති ධූරයට ලැබිය යුතු විශ්වාසය කඩ කිරීම මගිනි.

    • පැමිණිලිකරු ප්‍රකාශ කරනුයේ මෙම සැකකරුවන් විසින් කර ඇති රුපියල් බිලියන 11.5 ක (රු.11,500 මිලියන) අලාභය ශ්‍රී ලංකාවේ වේතන උපයන්නන්ට කරන ලද සාහසික වරදක් බවය.

    • පැමිණිලිකරු කියා සිටිනුයේ දෙවැනි විත්තිකරු මුදල් ඇමති වරයා වශයෙන්, පළවෙනි විත්තිකරු දෙවැනි විත්තිකරුට කෙළින් රපෝර්තු කරන බවය. අර්ථ සාධක අරමුදලට සිදු කල අලාභය ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුනු වගය. එසේ වූවද, දෙවැනි විත්තිකරු පළමු විත්තිකරුට ආධාර සහ අනුබල දෙමින් විත්තිකරුගේ සාපරාධී විශ්වාසනීයත්වය කඩ කිරීම නොසලකා හැර, ඊට පෙර අනුබල දීමක් ද සිදු කර ඇත.

    • පැමිණිලිකරු අයැද සිටින්නේ මෙම පැමිණිල්ලේ සිංහල පරිවර්තනයක් ඔබේ ගරු උසාවියේ ඉක්මනින් ගොනු කරන වගයි.

    • දෙවැනි විත්තිකරු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති ධූරය ද දැරූ වගය. 2015 ජනවාරි 8 වෙනිදා ඔහු ධූරයෙන් ඉවත් කර තිබේ. දෙවන විත්තිකාර මහින්ද රාජපක්ෂ මේ අනුව මුක්තියක් භුක්ති විඳිනු නොලැබේ. ඒ අනුව ඔහුට විරුද්ධව ඕනෑම උසාවියක නඩු පැවරිය හැක.

    • පැමිණිලිකරු මේ අනුව මුල් අවස්ථාවේ 01 වෙනි හා 02 වැනි විත්තිකරුවන් වෙත දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 388 ප්‍රකාරව සිතාසි/නොතිසි නිකුත් කරන ලෙසත් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය අනුව දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් ද අයැද සිටී.

    මක් නිසාද යත්, පැමිණිලිකරු ඔබගේ ගරු උසාවිය පහත සඳහන් පරිද්දෙන් කටයුතු කරන මෙන් අයැද සිටි.

    (අ) මුල් අවස්ථාවේ, 01 වෙනි හා 02 වන විත්තිකරුවන් වෙන නොතිසි/සිතාසි නිකුත් කරන ලෙසත්,

    (ආ) 01 වෙනි හා 02 වන විත්තිකරුවන් රටින් බැහැර වීම වැලැක්වීම සඳහා ඔවුන්ගේ ගමන් බලපත්‍ර පරිරෝධනය කරන ලෙසත්,

    (ඇ) දණ්ඩ නීති සම්බන්ධව 01 වෙනි හා 02 වන විත්තිකරුවන්ට චෝදනා කරන ලෙසත්,

    (ඈ) අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ නඩු විභාගය පැවැත්වීමටත්



    පැමිණිලිකරු නීතිඥ


    පැමිණිල්ලේ සාක්ෂි

    1. ගරු රවි කරුණානායක - පාර්ලිමේන්තු පාර, කෝට්ටේ
    2. ගරු සුජීව සේනසිංහ - චෙල්සි ගාර්ඩ්න්, කොළඹ 03
    3. අර්ජුන මහේන්ද්‍ර - මහ බැංකු අධිපති
    4. ඩී.ඊ.ඩබ්. ගුණසේකර - පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවට
    5. ආචාර්ය සමරතුංග - මහා භාණ්ඩාගාර ලේකම්
    6. ආචාර්ය පී.එම්.වීරසිංහ - මහ බැංකුව කොටුව
    7. බී.ඩී.ඩබ්.ඒ. සිල්වා - මහ බැංකුව කොටුව
    8. පී. සමරසිරි - මහ බැංකුව කොටුව
     
    • Like
    Reactions: Shadow.Walker

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යකෝ ඕක පැමිණිල්ල, ඕකෙන් උබ අදාල විත්තිකරුවන් අදාල වරද කරාය කියලා පිලිගන්නෙ කොහොමද අධිකරණයෙන් තීන්දුවක්වත් නොදී....:no:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යකෝ ඕක පැමිණිල්ල, ඕකෙන් උබ අදාල විත්තිකරුවන් අදාල වරද කරාය කියලා පිලිගන්නෙ කොහොමද අධිකරණයෙන් තීන්දුවක්වත් නොදී....:no:

    :yes::yes::yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර


    පැමිණිල්ලේ සාක්ෂි

    1. ගරු රවි කරුණානායක - පාර්ලිමේන්තු පාර, කෝට්ටේ
    2. ගරු සුජීව සේනසිංහ - චෙල්සි ගාර්ඩ්න්, කොළඹ 03
    3. අර්ජුන මහේන්ද්‍ර - මහ බැංකු අධිපති
    4. ඩී.ඊ.ඩබ්. ගුණසේකර - පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවට
    5. ආචාර්ය සමරතුංග - මහා භාණ්ඩාගාර ලේකම්
    6. ආචාර්ය පී.එම්.වීරසිංහ - මහ බැංකුව කොටුව
    7. බී.ඩී.ඩබ්.ඒ. සිල්වා - මහ බැංකුව කොටුව
    8. පී. සමරසිරි - මහ බැංකුව කොටුව
    මහ බැංකුවෙන් කෝටි 8000ක් හොරා කාපු එවුන් අනිත් උන්ට නඩු දානවා හොරකන් කලා කියලා.මේන් යහපාලනය...මේන් නීතියේ ස්වාධිනත්වය..රටකට ගියකලක්.
     
    • Like
    Reactions: hellfreez1979

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    බලන්න හැමදාම thread දාලා තියෙන්නේ රාජපක්ෂලාට විරුද්ධව. මේ කුණු ජෙප්පෝ (දැන් NPP බර අවි) වගේ කවදාවත් මහින්ද රාජපක්ෂව වර්ණනා කරලා නැහැ :lol:





     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බලන්න හැමදාම thread දාලා තියෙන්නේ රාජපක්ෂලාට විරුද්ධව. මේ කුණු ජෙප්පෝ (දැන් NPP බර අවි) වගේ කවදාවත් මහින්ද රාජපක්ෂව වර්ණනා කරලා නැහැ :lol:







    මේක ගැන මොකුත් ආරංචියක් නෑ නේද :lol:








    SV6jYOl.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    මේක ගැන මොකුත් ආරංචියක් නෑ නේද :lol:


    SV6jYOl.png

    JVP ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ 'මව්බිම' පත්තරේ ගිය පචයක් නේද ?

    පොලිස් ඇමති ටිරාන් අලස්ට විරුද්ධව අනුර කුමාර එක වචනයක් කියනවා දැක්කද?

    කියනවා ආරංචියක් ආවොත් කින්නම් :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    JVP ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ 'මව්බිම' පත්තරේ ගිය පචයක් නේද ?

    පොලිස් ඇමති ටිරාන් අලස්ට විරුද්ධව අනුර කුමාර එක වචනයක් කියනවා දැක්කද?

    කියනවා ආරංචියක් ආවොත් කින්නම් :lol:

    මේ සුජීවගේ සල්ලි ටිකට මොකද උනේ

    සුජීව බොරුද කියන්නේ?

    මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය සමයේ, 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුකළ තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින් පරීක්ෂණය සිදු කළ 2016.05.06 සිට 2016.10.28 දක්වා කාලය තුළ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා 62කදී දුරකථන ඇමතුම් හුවමාරු කරගත් ජාත්‍යන්තර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම චෝදනාවෙන් ගැලවීම සඳහා ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් සිදු කළ ප්‍රකාශය ජාත්‍යන්තර ගණයේ බොරුවක් බව මේ වනවිට හෙළි දරව් වී තිබේ.

    තමන් දුරකථන ඇමතුම් ලබා ගත්තේ මෙම බැඳුම්කර වෙන්දේසියේදී වංචාවක් සිදුව නැතිබවට සනාත කිරීම සඳහා තමන් විසින් රචිත “මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත” පොතට අවශ්‍ය කරුණු ලබාගැනීමට බවත් ඒ සඳහා ඇලෝසියස්ට කතා නොකර තොරතුරු ගන්නේ “ඇලෝසියස්ගේ අම්මාගෙන්”දැයි කියමින් ඔහු පෙරලා ප්‍රශ්නයක්ද නගයි.



    කෙසේ නමුත් සුජීව සේනසිංහ මහතා විසින් උක්ත පොත ලියා එළි දක්වනු ලබන්නේ 2015 වසරේ ජූනි 27 හෝ ඒ ආසන්න දිනයකදී වන අතර මෙම එම කාලය යනු පැවති පාර්ලිමේන්තු මැතිවරණයටද පෙර කාලවකවානුවයි.
    කෙසේ නමුත් මේ වනවිට බැඳුම්කර කොමිසම හරහා රටට හෙළිදරව් වී ඇති සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර අවස්ථා 62ක දරකථන හුවමාරුව සිදුව ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටු පරීක්ෂණයෙන් තීරනාත්මක පරීක්ෂණ සිදුවූ 2016.05.06 සිට 2016.10.28 දක්වා කාලයේය.

    සුජීව සේනසිංහ මහතාට පෙර මෙම කෝප් කමිටුව නියෝජන කළ එජාප මන්ත්‍රී වේලු කුමාර් මහතා 2016.07.07 දින ඉන් ඉවත් කර එදිනම සුජීව සේනසිංහ මහතාව මෙම කෝප් කමිටුවට පත් කර ඇත. එනම් සුජීව සේන සිංහ මහතා සිය පොත එළිදක්වා හරියමට වසරක් ඉක්ම ගිය පසුවය.

    එමෙන්ම උක්ත බැඳුම්කර වංචාව සිදුවූ සමයේ සිට එනම් 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලය තුළ සුජීව සේනසිංහ මහතා සහ අර්ජුන් ඇලෝසියස් අතර අවස්තා 227කදී දුරකථන ඇමතුම් හුවමාරු වී තිබේ.

    සුජීව සේනසිංහ මහතා පවසන් පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂය බෙරාගැනීමට කටයුතු කර ඇත. පක්ෂය බේරාගැනීමට ඇත්තේ පක්ෂ නායකයන් සාමාජිකයන් වැරැද්දක් සිදුකර ඇත්නම්ය. රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා බැඳුම්කර කොමිසම හමුවට ගොස් ආපසෙු පැමිණ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ වැරැද්දක් සිදුව ඇතිබවය.

    එසේ තිබියදී තව දුරටත් බැඳුම්කර වංචනිකයන් සහ එම වංචාවට හවුල් වූ එජාප නායකයන් බේරාගැනීමටත් ඒ සඳහා එම වංචනිකයන් සමග ගනුදෙනු කළ තමන්ව හෙළිදරව් වූ පසු එය වසා ගැනීමටත් මෙලෙස බොරු ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ තව තවත් තමන්ව සමාජය ඉදිරිය නිරුවත් වීමය.



    QOQJ8gJ.png


    P5ZmqXU.png


    Source