කයිවාරු ගහනවා වගේම මේ වගේ දේවල් ආදාළ තැන්වල අවධානයට යොමුකරන්න උඹට පුළුවන් ඇති කියල හිතල දැම්මේ

https://www.facebook.com/gamini.raj...dyi2Px9HyByHxixWzu03gnBDudXbZUf1Fw2bw&fref=nf
At last..thought of writing in mothertounge.
අපේම අමුද්‍රව්‍ය වලින් අපේම කියල කර්මාන්ත දියුනු කරල අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන කියල ඉහල පෙලේ සාකච්ඡා තියනව නම් රූපවාහිනියෙන් පෙන්වනව. ඒවයෙ ඉන්න අය අඩුම තරමෙ අපේ රටේ තියන සම්පත් මොනවද, ඒවයෙ අගය වැඩි කරන්නෙ කොහොමද කියල වත් දන්නවද කියල නම් සැකයි. අවුරුදූ තිහක් විතර විවිධ පර්යේෂණ කරල අඩු වියදම් මාර්ග සොයා ගත්ත පර්යේෂකයන් වන අපෙන් අඩුම තරමෙ අහන්නෙවත් නෑ කොහොමද මේව කරන්නෙ කියල. අපේ ඉල්මනයිට් වලින් සියයට සියයක් සන්ශූද්ධ ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝරොඩ්ස්, මැග්නටයිට් සහ සිරෝ-වේලන්ට් අයන් නැනෝඅන්ශූ 160 C වගේ ඉතාම අඩු උෂ්ණත්වයකදී හදන ක්‍රමයක් අපි සොයා ගත්ත. දැනට ලෝකයේ භාවිතා කරන සල්පේට් සහ ක්ලෝරයිඩ් ක්‍රම වලට 1000 C වගේ ඉහල උෂ්ණත්ව ඕන. සාන්ද්‍ර අම්ල පරිසරයට අහිතකරයි. අපි දියුණු කලේ පරිසර හිතකාමී ලාබදායී ක්‍රමයක්. අපට පේටන්ට් බලපත්‍රයත් තියෙනව. ACS OMEGA අපේ රිසර්ච් කොච්චර අගය කරාද කියනවනම් කවර් පේජ් එකටත් දැම්ම.
අපේ මිනිරන් වලින් එක්ස්පෑන්ඩඩ් ග්‍රුපයිට් සහ ග්‍රූපීන් හැදුව ලාබදායි ක්‍රමයකට. ඔය expanded graphite වලට පුළුවන් තෙල් හැලිච්ච එකතූ කරල ගන්න. කෝ ඉතින් මේ ළගදි වුනු තෙල් නැව ගිණි ගන්න ප්‍රශ්ණෙදි නිකමටවත් අපෙන් ඇහුව. ඒ විතරක්ද අපි දියුණු කරපු විශාල වශයෙන් හදන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නැනෝඅන්ශු වලින් අඩු ප්‍රමාණයකින් ගිණි නිවන්න පුළුවන්. ඒව හැදුවෙ අපේ ඩොලොමයිට් වලින්. කෝ නිකමට වත් අපෙන් ඇහුව. එප්පාවල ඇපටයිට් වලින් සන්ශුද්ධ හයිඩ්‍රොක්සිඇපටයිට් නෑනෝ අන්ශූ හදල රෝගියාගේ මාන මලට සරිලන customized ප්‍රොස්තීතිස් හදල ඒව අස්ථි ප්‍රශ්ණ තියෙන රෝගීන්ගෙ ට්‍රාන්ස්ප්ලාන්ට් කරා.
අපේ ක්වාර්ට්ස් වලින් සූර්ය කෝෂ හදන සිලිකන් හදන එකත් කරනව.
කණගාටුයි කියන්න මට හිතෙන්නෙ නම් ඉතින් ස' කරන්නෙත් කටින් බතල හිටවන එක විතරයි කියල. නැත්නම් ඉතින් ඔය රූපපෙට්ටියෙ පෙන්නන තරම් වැඩ කරනව නම් ඉතින් ඔය කර්මාන්ත වලින් දැන් ප්‍රොඩක්ෂන් පටන් අරන් වෙන්න ඕන. එක අතකට හිතෙනව ඕන මඟුලක් කර ගන්න කියල ඔහෙ සද්ද නැතුව ඉන්න. එකක් කියන්නම් හැබැයි අවුරුදු පහ ඉවර වෙනකොට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නැති වෙයි. කට කහනවට කීවෙ.
මේ කීවෙ අපි කරල තියෙන වැඩ වලින් සුළු ප්‍රමාණයක් විතරයි. අපි දැන් දගලන්නෙ 10 kV h Flow Battery එක හදල ඉවරයක් කරන්න. එතකොට දවල් දවසෙ සූර්ය කෝෂ පැනල වලින් ජනනය වන විද්‍යූත් ශක්තිය ගබඩා කරල තියන්න පුළුවන් අවශ්‍ය විට ප්‍රයෝජනයට ගන්න. අපි තමයි ලෝකෙන්ම පලමු වතාවට ප්ලැටිනම් වලට ආදේශකයක් ව්දිහට මැටි වලින් ඉන්ධන කෝෂ හෑදුවෙ. ඒක කොච්චර නැගල ගියාද කියනව නම් Oxford University එකේ Professor Aston Acton එයා ලීව පොතේ පිටුවක් පුරා මේ ගැන ලියල තිබ්බ. ආසියාවෙන්ම අපේ වැඩ පමණයි ඒ පොතේ තියෙන්නෙ. අනිත්ව Oxford, Cambridge, Imperial College, Harvard, Cornell, CalTech, Marryland වගේ ඒවයෙ කෙරෙන රිසර්ච්. අර මම කීව ඩොලොමයිට්වල අනෙක් සන්ීඨකය තමා කැල්සියම් කාර්බනේට්. අපි ඒ කැල්සියම් කාර්බනේට් නෑනෝ අන්ශූ හදල ඒවයෙ ඔය පිළිකා නසණ ඖෂධ encapsulate කරල පිලිකා ශෙයිල වලට ටාර්ගට් කරල යවල ඒව විතරක් selectively විනාශ කරන විදිහත් පර්යේෂණාත්මකව කරල තියෙනව. එතකොට ඔය chemothepapy වල තියෙන අතුරු ආබාධ අවම කර ගන්න පුළුවන්. නිකමටවත් අපෙන් අහනවද විශ්ව විද්‍යාලයට වෙලා උගන්නනවට අමතරව මොනවද කරන්නෙ කියල. නෑ මම කියන්නෆ ඉතින් අපිටත් වැටුප් ගෙවනවනෙ. ඒකට සාධාරණයක් වෙන්න රටට වැඩක් කරන්න එපැයි.
කොවිඩ් කාලෙත් වලියක් දා ගත්ත ගෙදර ඉන්න බෑ කොවිඩ් පාලනය කරන්න රිසර්ච් කරන්න යන්න ඕන කියල. ඒකෙත් ඉතින් යහපත් ප්‍රථිඵල දැන් තියෙනව. ඇපි දියුණු කලා කපුරෙද්දෙන් කස්ටමර් ඉල්ලන protection තියෙන 3-ply face masks. එලියෙන්ම තියෙන්නෙ නෙළුම්කොලේ වගේ superhydrophobic කපු රෙද්දක්. ඒක ඔය හොටු කැසි එක්ක එන වයිරස විකර්ෂණය කරනව. බැරි වෙලාවත් මැද තියෙන කපු රෙද්දට ඔය වයිරසය ගියොත් ඒකෙන් ආකාර දෙකකට වයිරසය පෙරණව විතරක් නෙවේ ඒකෙ තියෙන නැනෝඅන්ශු වලින් වයිරසය විනාශ කරනව පස් ආකාරයකට. යටටම තියෙන්නෙ hydrophilic cotton.ඒ ඉතින් wearer ට comfort එක දෙන්න හොඳ breathebility එක්ක. මේ face masks වල particle filtration සහ breathebility මනින්න instrument දෙකකුත් හැදුව අළුතෙන්ම design කරල. LTL sludge එකෙන් වයිරස් මරන පිග්මන්ට් එකකුත් හැදුව.
දැන් ඉතින් අපි අනේ අපෙන් වැඩක් ගනිව් ගනිව් කිය කියා හඩ හඩා යනව.