අනේ හිමියනි ඉතින් නවතිනු..
සෙබලු බොහොමයි ගැනසියේ...
නුබව ලොකු නැත ගොඩක් කල් යුද කෙරුව එකෙකුට වන්නියේ...
එකම පාරක දෙපිල බෙදිලා සටන් කෙරුවත් හන්දියේ..
බන්කරේ මා අන්තරේ නුබ එත් අපි එක පන්තියේ..
ගැටලු ඇති බව මටද වැටහේ හොදයි නිසි උත්ගෝශනේ..
එත් විසදුම මෙහෙම පතුරන එකද පාරේ බිශනේ...
කසාවතකට උරුම දේනම් රකිනු මිස බුදුසාසනේ..
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ..
දැත් එක්කොට කියමි අන්තිම වරට පෙන්දනා ආදරේ..
යන්න පසුබැස තවම ඉස්සි නොමැත කඩු පොලු තෝමරේ..
පිරෙයි පව් මට තවත් අඩියක් පැන්නොතින් නුබ බෝඩරේ..
අරන් අවේ මමත් නුබ මෙන් මට උඩින් දුන් ඔඩරේ..
patta lyrics set eka