මම මාර බය හිතෙන හීනයක් දැක්කා. කවුදෝ අමුතු සතෙක් මාව එලවන් එනවා. මම දුවනව කෑලෑව මැද්දෙන්. මහ රෑ. කෑලි කපන්න පුලුවන් කලුවර. බස්සෝ නොනවත්ව කෑ ගහනවා. මම හයියෙන් දුවනවා. මගෙ පිටිපස්සෙන් කවුදෝ විශාල සතෙක් එනවා ඇහෙනවා. නරි ඇතින් හූ කියනව. මට පේන්නෙ නෑ මොකෙක්ද එලවන්නේ කියලා. මගෙ ඇඟේ හිරිගඩු පිපිලා බයට. මම දුවන අඩිපාර එන්න එන්න පටු වෙනවා. ඈති මට පේනවා ගහක් උඩ ගෙයක්, ට්‍රී හවුස් එකක් වගෙ. ඒකෙන් එලියක් එනවා. මම ඒකට දුවලා එතන තියෙන පරන ඉනිමග දිගේ නගිනවා ඒ ගෙදරට. මට දැන් ලගින් ලගින් ඇහෙනව අර සතා එනවා මම පිටිපස්සේන්. ඒත් එක්කම මේ ගේ ඇතුලෙ ඉන්නේ කවුද කියල මට බයක් එනවා. ඒත් හිත හිත ඉන්න වෙලාවක් නෑ, මම දොරට තට්ටු කරනව. මගෙ හාට් එක බීට් වෙන සද්දේ බෙරයක් ගහන්න වගේ ඇහෙනව. ඈතින් මට පේනව ගස් අඹරවාගෙන විශාල සතක් වගෙ මොකෙක් හරි මම ඉන්න දිහාවට එනවා.
ඉතුරු ටික හෙට..
ඉතුරු ටික හෙට..







