Face Book Virus.......

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ප්‍රොෆයිල් එක බලපු අය ගැන හොයන ෆේස්බුක් වෛයිරස් එකට අහුවෙන්නෙපා
    April 24, 2011 at 5:08 pm | Lanka C News

    මේ දිනවල ෆේස්බුක් හරහා ඉතා වේගයෙන් ස්පෑම් වර්ගයේ ඇප්ලිකේෂන් එකක් සංසරණය වේ. මෙය හදුන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් ඇති profile peeker යනුවෙනි.

    මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරී.

    මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට උත්සාහ කිරීමයි.

    ෆේස්බුක් විසින් ප්‍රකාශ කර සිටින්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් නොමැති බවත් එම වෛරසය වැලක් වීමට කටයුතු යොදන බවත්ය.

    ඔබත් දැනටම මෙම ඇප්ලිකේෂන් එක ලබාගෙන ඇත්නම් ඇප්ලිකේෂන් වෙතගොස් එය ඉවත්කරන්න.



    :shocked::shocked::shocked::shocked:

    උපුටා ගැනිම http://lankacnews.com/sinhala/news/ප්‍රොෆයිල්-එක-බලපු-අය-ගැන/