මගේ facebook එකවුන්ට් එක suspend වෙලා තිබුණේ, එය ඉවත් කර ගැනීමට ඉල්ලීම් කරලා මං email මුකුත් යවලා තිබුණේත් නෑ තවම. අද එකවුන්ට් එකට ලොගින් වෙන්න හදන කොටම phone number එක ඉල්ලා තිබුණා එය verify කර ගැනීමට කියලා, එය දීපුවාම code එකක් ආවා, හැබැයි ඒ code එක ආවේ ලංකාවේ මොබිටෙල් අංකයකින්. එය දීපුවාම profile එක ආයේ ලැබුණා. ඒත් ඒකේ තිබුණ තොරතුරු එහෙමත් නෑ. ඒකට හදලා තිබුණ Business page එකත් නෑ. මේක facebook එකෙන් කරපු දෙයක් නම් වෙන්න බෑ. දැන් කරන්න ඕනෑ මොකක් ද?