Facebook එකේ Share වෙන එකක්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,812
    1
    15,105
    113
    සමහර ඒව සම්බන්දතා තේරෙනව පහුගියටිකේ සිද්දි එක්ක සත්ය අසත්ය ගවේසනයෙන් බාරගන්න


    ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!
    ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
    මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.
    ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ මෙරට වේලාවේ මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.
    R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.
    මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.
    මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.
    එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,
    R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන
    * නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.
    * Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.
    * පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර තිබේ.
    * රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 35ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.
    * මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.
    * පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.
    * අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.
    * Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.
    * Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.
    * Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.
    * Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 200ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.
    * Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.
    * හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 80ක් ආයෝජනය කර තිබේ.
    * MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.
    * ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබැ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.
    * චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 760කි.
    * Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.
    * සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 3%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.
    R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන
    * Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 1කි.
    * Uganda Airlines හි ගුවන් යානා 6න් 2ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 800ක ආයෝජනයකි.
    * එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 420කි.
    * සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 60කි.
    * දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 220කි.
    * Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 20ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
    * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.
    * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.
    * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
    * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.
    * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.
    * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.
    * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.
    * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.
    * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.
    * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.
    * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.
    * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.
    * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.
    * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.
    * History Supreme රුවල් නෞකාව
    * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1
    * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.
    * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.
    * එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29%ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.
    * ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් මිලියන 302ක් පමණ වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.
    * කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත)
    * සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.
    * Walk & Talk (PVT) Limited නම් රුපියන් මිලියන 200ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.
    * රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,812
    1
    15,105
    113
    * John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන සමාගමක් මගින් මාර්ගයෙක් රුපියල් බිලියන 12ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් රු. බිලියන 10ක් පමණ ආයෝජනය කර ඇත
    * ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත) . ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.
    * යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා මඩමක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇත.
    * ලොව තුන්වල විශාලම La Belle ගණිකා මඩම, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.
    * Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.
    * Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 5ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
    *Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.
    * සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.
    * නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 70ක කොටස් මිළදී ගෙන ඇත.
    * නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය තෑගි කොට ඇත.
    * Landrover, Jeep, Aston Martin, Bugatti යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාලසීමාවේ මිලට ගෙන තිබේ.
    * Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.
    * Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.
    * Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.
    එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.
    මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියනයක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,050,000,000,000,000 LKR)
    – ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර එහි සියලූම වගකීම දරයි –
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,812
    1
    15,105
    113
    මම ඇනොනිමස් ලිපිය කියෙව්වා. ඒක අමු සිංහලෙන්නෙ බං තිබ්බෙ
    Eka nisa thamai sure nette eth connection samahara Ewa thiyanawa salman khan mahela sanga wage, weeratunga ukraine connection
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ වගේ ලංකාවේ උන්ගේ මෝඩ joke වලින් වෙන්නේ මුන්ගේ ඇත්ත හොරකම් යට යන එක. එක්කෝ මේක රාජපක්ෂලා හිතල කරපු වැඩක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    migrane_always_sunny.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 5ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ. :rofl:
     
    • Love
    • Haha
    Reactions: lilman and U-tag

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,812
    1
    15,105
    113
    මේ වගේ ලංකාවේ උන්ගේ මෝඩ joke වලින් වෙන්නේ මුන්ගේ ඇත්ත හොරකම් යට යන එක. එක්කෝ මේක රාජපක්ෂලා හිතල කරපු වැඩක්.
    "* Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
    * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි"


    ඔව් වෙන්න පුළුවන්.
    Safe wordings. කාගෙද නෑ කොහෙද තියෙන්නෙ වටිනාකම විතරයි. නඩු දැම්මත් අව්ලක් නෑ
     
    • Like
    Reactions: U-tag

    Similar threads