Facebook නිසා ගුටිකන අපේ ගෑණු

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Facebook නිසා ගුටිකන අපේ ගෑණු

    ලංකාවේ කාන්තාවන්ගෙන් 26% හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකතනවලට එන කෙටි පණිවුඩ හා Facebook සම්බන්ධ සිද්ධීන් Misscall ආදිය නිසා බව කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නිළධාරී අජිත් රත්නවීර මහතා පවසනවා.

    2013 ජනවාරි සිට 2017 දක්වා කාලය තුළ හිංසනට පත්වූ කාන්තාවන් 183 දෙනෙකු ඇසුරෙන් කළ සමීක්ෂණයක් තුළින් මේ පිළිබඳ අනාවරණය කරගෙන තිබෙනවා.
    ඒ අතරිනුත් වැඩිපුරම පහරකෑමට ලක්වන කාන්තාවන්ගෙන් බහුතරය වයස අවුරුදු 21 - 30 අතර කාන්තාවන්.

    විශේෂයෙන්ම ලංකාවේ රැඩිකල් කියන වාමංශිකයින්ගේ ඉඳන්ම බහුතරයකට බරපතල විදිහට මේ සැකය කියන දේ තියෙනවා. සැකය කියන කාරණය ගොඩ නැගෙන්නෙම මේ ලිංගික කුහකත්වයත් එක්කමයි.

    මේකේ තවත් පැත්තක් තියෙනවා. වයස අවුරුදු 21- 30 කියන්නේ ලිංගික හැඟීම් වැඩි වශයෙන්ම අවධිවන කාලයක්. ඉතින් බොහෝ පිරිමින්ගේ ලිංගික අවධානය ගන්න ගෑණු බොහෝ දේවල් මේ Facebook තුල සිදුකරනවා. ඒක නැහැ කියන්න බැහැ.

    කොහොම වුණත් කාන්තාවකට හිංසනයක් සිදුකරනවා කියන්නේ අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මතක ඇති නේද? ගමේ පන්සලේ හාමුදුරුවෝ එපා කියලා විරෝධය දක්වපු කාන්තාවවන්ට එළවා එළවා පොළලු වලින් නෙළපු හැටි. පොලිසිය කරපු වැඩේ හරි කියන ඝණාවුන්වහන්සේලා ඉන්න රටක් විදිහට ෆේස් බුක් පාවිච්චි කළා කියලා ගෑණු ගුටිකණ එක අහන්නත් දෙයක් නෙමෙයි.

    අනෙක් කාරණේ තමයි හෑන්ඩ් ෆෝන්, ටැබ්, ලැප්ටොප් මොනවා තියාගෙන අපි ජීවත් වෙන්නෙ විසි එක්වෙනි සියවසේ කියල කිව්වත්, ලංකාවෙ හැටියට නම් මට හිතෙන්නෙ අපි සංස්කෘතිකව ඉන්නෙ වගේම ඉන්න ආසා කරන්නෙත් සියවස් කීපයක් පිටුපසින්.

    ළමා ලෝකෙන් මිදිලා සමාජයත් එක්ක ගැටෙන්න යන මොහොතෙදි එයාලට මුණගැහෙන්නෙ අන්තිම කුහක ලෝකයක්. එහෙම තමයි මේක ඉන්දියන් සාගරේ මුතු ඇටේ ඉඳන් අමුතු ඇටේ වෙනකල් ඇවිත් තියෙන්නෙ.

    ඉතින් මීට වඩා වැඩියමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    www.her.lk
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    POLICE-ATTACK1.jpg