Facebook යාමට පෙර මේ ගැනත් සිතන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Facebook යාමට පෙර මේ ගැනත් සිතන්න

    images


    වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook . ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා , තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ . ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න , තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක් . ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය . බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න . එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ .

    Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීමය. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

    තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.

    ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත්ත කිරීමෙන් වලකින්න.

    සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies , saved password ආදිය මකා දමන්න.

    Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

    Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම වන්න.

    කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිම්න් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

    ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.

    සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න

    මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook , yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook , yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook , yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. වැඩිපුරම මෙය කරන්නේ කෙල්ලන් ඉස්සරහය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ මිතුරියන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.

    එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති .මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.


    source

    :yes:vade hoda nam comment akak dala rep++ dela yanna hode:yes:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Thanks machan info ekata.

    You must spread some Reputation around before giving it to chanakamanjula again.
    :(:(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Godak aya karana deyak thamai net cafe walata ehema giyama FB hari Email hari log wela hari widiyata logout wenne nethuwa yana eka....anthimedi thamange FB account eka Hack karala kiyala maha loku topic ekak dagena dangalanawa...:lol: