Facebook හෑලි 😂

greenad

Active member
  • Apr 19, 2025
    211
    170
    43
    මේ බස් එකේ modified හින්දද අනතුර වුනේ කියන අයට.

    තාමත් බස් Modification හොඳයි කියන අයට.

    මෙච්චර පල්ලෙහාට වැටුනම ඕනම බස් එකක් කුඩු වෙනවා තමයි කියන අයට.

    මෙපමණ ජීවිත හානි වෙලත් මේවා සුලුකොට තකලා හිනා වෙන බස් හිමිකරුවන්ට.

    අනතුරක් සිදු වෙන්න රියදුරුගෙන් සිදුවූ අඩුපාඩු, මාර්ගයේ තිබූ දෝෂයක් හෝ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් වැනි හේතු කාරණා ගණනාවක් බලපානවා.

    ඒ වගේම අනතුරක් සිදුවුණාට පස්සේ වාහනේ අභ්‍යන්තරයේ ඇතිවන ගැටීම්වලින් එහි සිටින පුද්ගලයන්ට දැඩි හානි සිදුවෙන්න පුළුවන්.

    විශේෂයෙන්ම බස් එක ඇතුලේ තිබෙන කොටස් වලින් මිනිස් ශරීරවලට දැඩි හානි පැමිණෙනවා.

    Standard දුර ගමන් වලට භාවිතා කරන bus එකක් නිෂ්පාදනය කරන්නෙ ඒ සියලු දේවල් පරීක්ෂා කරලා.

    නමුත් ඉන්දියාවෙන් ගේන රිවට් ගහලා තහඩු නවපු බස් වල නම් ඒ standards නෑ.එයාලාට ඕනේ ඕනි බස් ටික විකුණ ගන්න විතරයි.

    හැබැයි ලංකාවේ ආයතන තියෙනවා මේවා නියාමනය කරන්න. නමුත් එහෙම නියාමනයක් වෙන්නේ නෑ.

    ඔය photo එකේ තියෙන්නේ Yutong 12 Pro Bus එකක structure එකක්. ඒ structure එක නිසා බස් එකක් පෙරලීමේදී ඉන්දියන් බස් එකට වඩා සාපේක්ෂව ආරක්‍ෂාවක් ලැබෙනවා.

    ඒ structure එක ඉන්දියාවෙන් ගේන තහඩු නවලා Rivets ගහන බස් වලට වඩා සෑහෙන්න ශක්තිමත්.

    මං Yutong වාහන promote කරනවා නොවෙයි ඊට වඩා safety හොඳ European බස් තියෙනවා.

    මේ bus එකක් පෙරලෙනකොට ඇතුලේ ඉන්න අයට වෙන හානිය ඉන්ඩියන් බස් එකට වඩා අඩුයි. ඉන්දියන් බස් වල ඇතුලේ ඇලුමිනියම් , GI බට, යකඩ කොටස් වැඩියි.

    ⚠️️බස් එකක අනිවාර්යයෙන්ම ඉදිරිපස Crumple zone එකක් තිබෙනවා. ඒ crumple Zone එකෙන් ගැටීමේදී සිදුවන ශක්තිය අවශෝෂණය කරගන්නවා.
    නමුත් ඉන්දියාවෙන් ගේන තහඩුවට Rivets ගහන බස්වල Crumple zone නෑ.

    ⚠️️තහඩු දෙකක් වඩාත් ශක්තිමත් වෙන්නේ ඒ දෙක welding කලොත් තමයි Rivets කියන්නේ welding තරම් ශක්තිමත් bond එකක් නෙවෙයි.
    තහඩු දෙකක් වෙල්ඩින් කලොත් ඒ තහඩු දෙක අතර continues connection එකක් ඇතිවෙලා ශක්තිමත් bond එකක් නිර්මාණය කරනවා. ඒත් Rivets වලින් එහෙම වෙන්නේ නෑ. Rivets ගහපු තැන්වලින් යම්කිසි ශක්තිමත් bond එකක් හදනවා එච්චරයි.

    ✅මෑතකදී අධිවේගී මාර්ගයේ Yutong බස් රථ අනතුරක් සිදුවුණා එතැනදී ඕගොල්ලෝ දකින්න ඇති බස් එකේ ඉදිරිපස Crumple zone එකට හානි වෙලා ඇතුලේ සිටින මගින් ආරක්ෂා වුණා. ඒ accident එක උනේ Rivets සහ තහඩු ගහපු බස් එකක් නම් අනිවාර්යෙන් හානිය ඔයිට වඩා වැඩිවෙනවා. තහඩු ගැලවිලා විසිවීමෙන් මිනිසුන්ට හානි වෙනවා.

    ✅මෙතරම් ලොකු ප්‍රපාතයකට වැටුනාම කිසිම වාහනයක් ඉතිරිවෙන්නෙ නෑ කියන්න බෑ. මොකද rivets , තහඩු ඉක්මනින් ගැලවෙනවා.

    🚫මේ බස් එක දැක්කාම මුලින්ම පේන්නේ windscreen එක තුලින් මාර්ගය පෙනීමට තිබෙන බාධාව.

    වාහනයකට windscreen එකක් නිර්මාණය කරන්නේ එය තුළින් අවට වටපිටාව හොඳට දර්ශනය වන අන්දමටයි. ඉදිරියෙන් blind spots අවම වන ආකාරයටයි.
    ඒත් මේ බස් එකේ windscreen එක උඩින් සහ යටින් තීරු දෙකක් පෙනීම බාධා කරලා තියෙනවා.

    🚫 බස් එක ඇතුලේ තියෙන after market lights, Metal parts වලින් අනතුරකදී දැඩි හානි පැමිණෙනවා. ඒ කොටස් ගැලවී මිනිස් ශරීර වලට දැඩි ලෙස හානි පමුණොවනවා.

    🚫 බස් එක ඇතුළේ තියෙන විවිධ වර්ගයේ lights වලින් රියදුරාගේ දර්ශනයට අවහිරතා ඇති වෙනවා. ඔහුට බාධා පැමිනෙනවා.

    දැන්වත් ලංකාවට ගේන බස් Standardized කල යුතුය.

    ලංකාවට ගේන බස් වලට "Sri Lanka National Heavy Vehicle standard" එකක් සෑදීම අත්‍යවශ්‍යයි.

    ඒ standards යටතේ Active safety features වගේම Passive safety features යන දෙකම සැලකිය යුතුයි .

    උදාහරණ ලෙස Engine power, Chassis, Brake system, lights, suspension, body structure, Interior, Air bags, seat belts, බස් modify කල හැකි සීමාවන් පැහැදිලිව සදහන් කල යුතුය.

    City ධාවනය කිරීමට වෙනම බස් සහ දුර ගමන් වලට වෙනම බස් තිබිය යුතුයි.
    උදාහරණයක් ලෙස ඉන්ඩියන් බස් වල seat එකට උඩින් metal බටයක් තිබෙනවා. City ධාවනය කිරීමේදී සිටගෙන සිටින මගීන්ට නොවැටී අල්ලාගෙන සිටීමට එය උපකාරී වෙනවා.
    එය දුර ගමන් වලදී සීට් ගනනට පමනක් යන බස් වලට අවශ්‍ය නෑ . බස් එකක් පෙරලීමේදී ඒවායේ ගැටී මගීන්ට හානි සිදු වෙනවා.

    කෙනෙකුට කියන්න පුලුවන් ඕවා කරන්න සල්ලි නෑ.ඔය ගානට බස් ගෙනල්ලා දුවන්න බෑ කියලා.

    අනතුරකින් තමන්ගේ කෙනෙක් නැති වෙනකල් ඔහොම කියන්න පුලුවන් .

    මේ කිසිදු ආරක්ෂාවක් නැති මිනී පෙට්ටි ලංකාවට ගෙන්වීමේ බස් මාෆියාව අනිවාර්යයෙන්ම නතර කල යුතුයි.

    ස්තූතියි
    Eng.GM Nuwan N Wijerathn

    #nuwanwijerathna #everyonehighlightsfollowers #everyoneシ゚ #starseverywherefypシ゚viralシypシ゚viralシhtag #Accident1st #selfimprovement #accidentshappen #adaderananews #Ella #accidentpreventionhttps://www.facebook.com/share/16FYTuDP2Q/

    උදාහරණයක් ලෙස ඉන්ඩියන් බස් වල seat එකට උඩින් metal බටයක් තිබෙනවා. City ධාවනය කිරීමේදී සිටගෙන සිටින මගීන්ට නොවැටී අල්ලාගෙන සිටීමට එය උපකාරී වෙනවා.
    එය දුර ගමන් වලදී සීට් ගනනට පමනක් යන බස් වලට අවශ්‍ය නෑ .
    කොහෙද අයිසෙ ලංකාවේ දුර ගමන් කියල seat ගානට විතරක් යන root තියෙන්නෙ
    ජීවිතේට bus එකක ගිහින් නැති වුනාට හෑලි නම් හෑලි
    ------ Post added on Sep 6, 2025 at 11:15 AM
     
    • Like
    Reactions: Cypress

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,027
    7,607
    113
    Galaha
    NJ-VpV.gif
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,038
    11,849
    113
    මෙහෙමයි මචං......කියලා පටන් ගන්නවා.. අන්තිමට ඉවර වෙන්නේ ..සීමෝර් හරි මතුසම්බන්ධයි කියලා
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    kiyala thiyana kathaawa 100% hari. bath kana harkunta owa thrum ganna baha
    ubala wage adu kule moda pakayanta internet thahanam karanna ona :rolleyes: :lol:
    Man mention karala thiyana phrase eka gana witharai man kiyanne anikwa awlak ne mata pena widiyata oyath lankawe bus wala yana kenek weneyi mahattayo 😂😂
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    Man mention karala thiyana phrase eka gana witharai man kiyanne anikwa awlak ne mata pena widiyata oyath lankawe bus wala yana kenek weneyi mahattayo 😂😂
    kauda ban lankawe bus wala gihin nathi ewun inne
    regulations and controls nathuwa mona industry eka unath ayaale yanawa
    ella accident eken mage relative kenekuth nathi una. munge takaran bus, ewa elona melo rahak nathi gon pakayo nisa minissu aparaade marenne
     
    • Like
    Reactions: greenad

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    kauda ban lankawe bus wala gihin nathi ewun inne
    regulations and controls nathuwa mona industry eka unath ayaale yanawa
    ella accident eken mage relative kenekuth nathi una. munge takaran bus, ewa elona melo rahak nathi gon pakayo nisa minissu aparaade marenne
    Kathawa hari bn elona buruwa athe tama wade thiyenne api monawa kiwwath
    Hassisiyak unama karanna deyak therenne na
     
    • Like
    Reactions: vito