FACEBOOK eken නිවේදනයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    [ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්]


    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ.

    ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බව වාර්තා වනවා.

    එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අත්‍යව්‍යශ වන බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.

    එම නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් විවෘත කරනු ලබන ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන අතර ඔවුන් විසින් සිදුකරන සියළුම දත්ත හුවමාරුව මින් ඉදිරියට නිරික්ෂණයට ලක්කරන බවත් ශ්‍රී ලාංකීක ගිණුම් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියතක් අනුගමනය කිරිමටත් ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

    ජාතිවාදය මුල්කර ගෙන සිදුකරනු ලබන සියළුම ප්‍රචාර කටයුතු ඉවත් කිරිමට පියවර ගන්නා අතර එවැනි ගිණුම් සම්පූර්නයෙන් ෆේස්බුක් ජාලයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද ෆේස්බුක් සමාගම සඳහන් කර තිබෙනවා.

    ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරිමේ දී ලබාදෙන දුරකථන අංක හිමියා එම ගිණුමට අදාළ සියළු ප්‍රචාර සහ හුවමාරු සම්බන්ධයෙන් වගකීය යුතු වන බවත් එම සමාගම සඳහන් කර තිබෙනවා.

    කිසියම් පුද්ගලයෙකුගේ ඡායා රූපයක් ගිණුමට ලබාදී ඇත්නම් එම ඡායා රූපය හිමි ගිණුමෙන් යම් අකටයුත්තක් සිදුවන්නේ යැයි ෆේස්බුක් සමාගමට සැකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ගිණුම වෙත පණිවුඩයක් මගින් දැනුම් දෙන අතර දින 3ක් ඇතුලත අදාළ ගිණුම් හිමියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් එම ගිණුම ප්‍රසිද්ධියට පත්කරනු ලැබෙනවා.

    ඉන් අනතුරුව දින 7ක් ඇතුලත ගිණුම ෆේස්බුක් ජාලයෙක් ස්ථීරවම ඉවත් කිරිමට පියවර ගන්නා බවයි ෆේස්බුක් සමාගම පෙන්වා දුන්නා.

    ව්‍යාජ ගිණුමක් මගින් යම් පුද්ගලයෙකු අකටයුත්තක නිරත වේ නම් ඔහුගේ දුරකථන අංකය මගින් සහ IP අංකය මගින් අදාළ ගිණුම භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් තමන්ට හිමි නොමැති වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් භාවිත කරමින් යම් පුද්ගලයෙකු අනවශ්‍ය කටයුත්තක නිරත වන්නේ නම් අදාළ IP හිමියා එය භාවිත කළ පුද්ගලයා හඳුනා නොගන්නේ නම් එම IP හිමියාට නීතියෙන් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබෙනවා.

    එම නිසා තමන්ගේ ජංගම දුරකථන අංක පරිහරණය කිරිමේ දී වඩාත් ප්‍රවේශම් වන ලෙසයි ෆේස්බුක් සමාගම සමස්ථ ෆේස්බුක් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ.


    source
     
    Last edited:

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?

    SLT eke log ekak thiyanam hoyaganna puluwanne.
    Adala welawedi adala IP eka assign wela thiyana acc eka log wela thiyanawanam ithin user hoyaganna eka loku deyak neweyine.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ dynamic IP නෙ. කොහොමද හොයන්නෙ?

    ISP ළඟ වෙනම රෙකෝර්ඩ් තියෙනව දීල තියෙන අයිපී එකක් කොයි වෙලාවෙ කාටද ගිහිල්ල තියෙන්නෙ කියල බලන්න පුළුවන්.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ISP ළඟ වෙනම රෙකෝර්ඩ් තියෙනව දීල තියෙන අයිපී එකක් කොයි වෙලාවෙ කාටද ගිහිල්ල තියෙන්නෙ කියල බලන්න පුළුවන්.

    SLT eke log ekak thiyanam hoyaganna puluwanne.
    Adala welawedi adala IP eka assign wela thiyana acc eka log wela thiyanawanam ithin user hoyaganna eka loku deyak neweyine.

    puluwan. ISP ta puluwan eka hoyaganna.

    හැබැයි බං මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා, SLT එකෙන් විශේෂ ඉල්ලීමක් කරේ නැත්නම් කස්ටමර්ස්ලට දෙන්නෙ Private Dynamic IP නේ?
    මෙයින් IP එකකින් කීප දෙනෙක් කනෙක්ට් කරනව නේ බං, අපි ඉල්ලීමක් කරොත් විතරයි නේ අපිට Public Dynamic IP එකක් දෙන්නෙ, ඒකෙදි නේද අපිටම කියල Dynamic IP එකක් එන්නෙ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    FACEBOOK eken නිවේදනයක්
    Source Neth :lol:
    avatar562642_7.gif

     
    • Like
    Reactions: Capital_M

    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    හැබැයි බං මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා, SLT එකෙන් විශේෂ ඉල්ලීමක් කරේ නැත්නම් කස්ටමර්ස්ලට දෙන්නෙ Private Dynamic IP නේ?
    මෙයින් IP එකකින් කීප දෙනෙක් කනෙක්ට් කරනව නේ බං, අපි ඉල්ලීමක් කරොත් විතරයි නේ අපිට Public Dynamic IP එකක් දෙන්නෙ, ඒකෙදි නේද අපිටම කියල Dynamic IP එකක් එන්නෙ?
    everytime when connection established from user's end an ip assigned from pool. even though one ip assigned to several individuals, logs are creating separately. That's how they identify customer for billing.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    මොනව වුනත් අපේ අය ෆේස්බුක් වල නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නව වැඩියි