Facebook Hacked

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Mageth logout una ada.
    Dan article eka baluvamai therune.

    Mama tika davsakata kalin 'Vies As' eka use kara. :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඕක hack වෙලා නැතිවෙලා ගියපු දවසට තමයි සමාජෙට හරියන්නේ. :dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ(28සිකුරාදා) රාත්‍රියේදී ඔබ Log වී සිටි ඔබේ Facebook ගිණුම හා FB Massenger ඔබ නොදැනීම LogOut වී තිබුනාද ?
    පසුගිය 25 වනදා සිට Facebook සමාජ ජාලයේ අපට නොපෙනුන යමන් සිදුවෙමින් තිබුනා. ඒ Facebook ප්‍රධාන සර්වර් පද්ධතියට ඇතුල්වන්නට උත්සාහ දරන කිසියම් ආගන්තුක යෙදවුමක අනතුරු ඇඟවීමක්. ඒ පිළිබඳව නොයෙක් වර අවදියෙන් සිටි Facebook ඉන්ජිනේරුවන්ට සිකුරාදා තමාගේ සර්වර් තුළට පැමිණෙන්නට වෙර දැරු ආගන්තුක හැකර් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු සොයාගන්නට ලැබුනා.
    ‍ලොව පුරා ලොග් වී Online තිබූ ගිණුම් මිලියන ගණනක් ඒ මොහොතේම Facebook සමාගම විසි ක්ෂණිකව LogOut කර දැමුවා. ඒ පද්ධතියට ඇතුළුවී සිටි ආගන්තුකයින් ලොගින් ටෝකන් හොරකම් කරාවි යැයි ඇතිවූ බිය නිසායි.
    ---------------------------------------------
    ‍මොකද්ද මේ ලොගින් ටෝකන් එක කියන්නේ?

    ඔබ Facebook ජාලයට ලොග්වී සිටින සෑම විටම උපදින ඔබගේ පෞද්ගලික ලොගින් දත්ත ඇතුලත් ඩිජිටල් කේතයක් මෙම ලෝගින් ටෝකන් එක නමින් හඳුන්වනවා. එය ඔබගේ ගිණුමට පමණක් ආවේණික කේතයක්. ඔබට නිතර නිතර මුරපද නොගසා ඇතුල්වීමට හැකියාව ලැබී ඇත්තේ ඔබට ආවේණික ඔබෙ ලොගින් ටෝකනය ක්‍රියාත්මක වී තිබීම නිසයි. එය කිසියම් හැකර් කෙනෙකු විසින් සොරාගතහොත් ඔබගේ ගිණුම වෙත ඔහුට ඉතා පහසුවෙන් ඇතුළත් වීමේ හැකියාව ඇත.
    ----------------------------------------------

    ඇතිවූ අනතුරුදායක තත්වය නිසා Facebook සමාගම ක්ෂණිකව ලොව පුරා විසිරී තිබෙන Facebook ගිණුම් මිලියන 50ක් පමණ ක්ෂණික LogOut වීමකට යොමුකරා. ඒ කෙසේ වුවත් ඒ අවස්ථාවේදීම Facebook අතිවිශාල ප්‍රමාණයක ලොගින් ටෝකන් සොරාගැනීමකට ලක්ව තිබුනා. Facebook සමාගම පවසන්නේ ඔබට දැනට බියවීමට අවශ්‍යතාව නොමැති බවත්, දැනට පවතින මුරපද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්ය.
    සිදුවූ ප්‍රහාරය ගැන ඇමරිකානු FBI ආයතනය පරීක්ෂණයක් සිදුකරන අතර, Facebook ජාලය වෙත එල්ලවූ විශාලතම හැකර් ප්‍රහාරයද මෙය වෙන බව සඳහන් කොට තිබුනා