ලයික්ස් ගන්න කරන වැඩ ටිකක් මේ මම දැකපු.
1. යාලුවෙක්ගෙ අයිඩෙන්ටිය ෆොටෝ එකක් අරන් දානව "මචන් කොල්ලෙක්ගේ අයිඩෙන්ටිය හම්බ උනා. අයිති කාරය දකිනකන් ශෙයා කරපල්ලා." කියල. කෙල්ලෙක්ගෙ නම් තව හොඳයි.
2. කකුලක් කැඩිච්ච බල්ලෙක් වගේ පින්තුරයක් දානවා මොනවා හරි දර්ශනයක් දාල. ශෙයා කරන්න පේජ් එකටත් ලයික් එකක් දාන්න කියල.
3. මුස්ලිම් විරෝධී පොස්ට් දානවා සිංහල ලයික්ස් ගන්න.
4. කාගේ හරි වැරද්දක් පෙන්නන්න කියල බොරුවට මොකක් හරි ෆොටෝ එකකට කතාවක් හදල දානවා.
5. කොහේ හරි ගස් කපපු එකක් පින්තූරයක් අරන් ප්‍රාදේශීය සභාවෙන් ගස් කපල කියල දානවා.
ඔය වගේ ගොඩක් ඒවා තියනවා ඉක්මනට ශෙයා වෙන, ලයික්ස් එන. හැබැයි මම ප්‍රතිපත්තියක් විදිහට ඔය එකක්වත් ලයික් කරන්නෙත් නෑ ශෙයා කරන්නෙත් නෑ හරියටම දන්නැත්නම්. ඒත් වැඩි පිරිස දැක්ක ගමන් ශෙයා කරගෙන ලයික් කරගෙන යනවා.
ඕවා දැන් හරියන්නේ නෑ බන්. දැන් අලුත් විදියට ගේම ගහන්න ඕනේ. උබේ බජට් එක සහ පේජ් එකේ නිෂ් එක කියපන්. ක්‍රමයක් කියලා දෙන්නම්