facebook login approovals - phone එක නැති උනොත් මොකද කරන්නෙ ? (පෙර සූදාන&#35

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    facebook login approovals - phone එක නැති උනොත් මොකද කරන්නෙ ? (පෙර සූදාන&#35

    index.jpg



    facebook ගිණුම කාටවත් හැක් කරන්න බැරිවෙන විදියෙ වැඩක්
    facebook එක Hack වීමෙන් වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග - SMS මගින් සහ වෙනත් ක්‍රම (How to prevent facebook hacking through sms) - Updated
    යන මාතෘකාව යටතේ මීට පෙර පලවූ ලිපියේ තිබූ පරිදි ඔබේ facebook ගිණුම ඉතා සුරක්ෂිත වන බව තවමත් කිව යුතුය..
    බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ හදිසියේ ජංගම දුරකථනය නැති වුවහොත් හෝ sms එක නොලදහොත් කුමක්ද කරන්නෙ යන්නයි..
    ඒ සදහා දා සාර්ථක විසදුමක් සහිතව සෑහෙන කාලයකින් බ්ලොග් ලිපියක් ලිවීමට තීරණය කලා..
    පහලට කියවගෙන යමුකෝ..

    *හැබැයි phone එක නැති වෙන්න කලින් මේක කරල තියා ගන්න වෙනව.

    මේ සදහා කල යුත්තේ බොහොම සරල වැඩක් පමණයි..
    මෙම Login Approval වල සිද්ධාන්තය වන්නේ ඔබේ පරිගණකයේ කුකීස් වල යම් දත්තයක් save කර තබා ගැනීමයි.. එහි තාක්ෂණික පැත්ත විස්තර කරන එක පැත්තකින් තියල මම කරන්න අවශ්‍ය දේ කියන්නම්



    මුලින්ම පහත ලින්ක් එකට යන්න

    http://portableapps.com/apps/internet/firefox_portable

    1.JPG



    දී තිබෙන file එක Download කර ගන්න

    2.JPG


    එය ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නැති පාටිෂන් එකක හෝ Pen Drive එකක Install කර ගන්න

    දැන් වැඩේ තියෙන්නෙ අපි Install කර ගත්තු Firefox Browser එකත් එක්ක
    ඔබේ Facebook ගිණුමට ලොග් වෙන්න

    imagesgf.jpg



    සාමාන්‍ය පරිදි log වෙන්න
    ඔබ කලින් සැකසුම් හදා ඇත්නම් පහත පරිදි පණිවිඩයක් දිස් වේවි

    images.jpg





    දැන් ජංගම දුරකථනයේ sms එකෙහි ඇති code එක enter කර Device Name එකට කැමති නමක් දී facebook ගිණුමට ලොග් වෙන්න..
    දැන් සියල්ල සම්පූර්ණයි
    දැන් ඉන් ඉවත් වෙන්න

    Firefox Portable Version එකෙහි එම සියළුම files ටික CD තැටියකට පිටපත් කර ගන්න හො ඔබේ පෙන් ඩ්‍රයිව් එකේම සුරැකිව තබා ගන්න.. හිදිසියේ දුරකථනයට sms එක ලබාගත නොහැකි අවස්ථාවකදී මෙයින් ලොග් වී login Approval පහසුකම ඉවත් කරගන්න හෝ වෙනත් දුරකථන අංකයක් ලබාදිය හැකියි..

    Source:-http://networkedblogs.com/r15a6
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචෝ ඔයා කියන දේ කලා මම කලින් , මේක දන්නෙ දැන්නෙ.. :(
    මගේ Cookie Clear වෙලා දැන් මගේ පරණ Account එකට ලොග් වෙන්න බෑ..
    ඒකට මොකද්ද කරන්න පුලුවන්.. මට ඒ ගිණුම වහගන්න වත් ඇතුලට යන්න බැහැ නේ..
    උදව්වක් නැද්ද මේකට.. ?