Facebook Post එකක් නිසා තරුණයෙකු අවුරුදු 13කට හිරේ යයි

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Facebook Post එකක් නිසා තරුණයෙකු අවුරුදු 13කට හිරේ යයි

ඕනෑම දේක හොද නරක දෙකම තියෙනවා. ඒත් හොද දෙයට වඩා නරක දෙය තමයි හුගක් වෙලාවට අපේ සමාජයේ මිනිසුන් පුරුදු වෙලා තියෙන්නේ‍.

නොමිලේ සැරිසරන්න ලැබෙන සමාජ වෙබ් අඩවිවල් කියන්නෙත් ඒවගේ දෙයක් තමයි. මේ විදිහට Facebook වෙබ් අඩවියේ තමන්ගේ ගිණුම හරහා පාකිස්ථාන ජාතික රිස්වාන් හයිඩර් වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා.

රිස්වාන් ෂිහාඩ් මුස්ලිම් ජාතිකයෙක්. සාමාන්‍යයෙන් සුන්නි මුස්ලිම්වාදීන් තමයි Facebook වෙබ් අඩවිය හරහා සමාජය කුපිත කරවන ආකාරයේ දරුණු වීඩියෝවගේම ‍Facebook post අන්තර්ජාලයට යොමු කරන්නේ. ඒත් ප්‍රථම වතාවට ෂිහාඩ් මුස්ලිම් ජාතිකයෙකු වන රිස්වාන් සුන්නි මුස්ලිම්වරුන්ට තර්ජානත්මක වගේම ත්‍රස්ථවාදය පතුරවන ආකාරයේ FB Post එකක් නිකුත් කරලා තියෙනවා.

මේ හේතුව උඩ තමයි වයස අවුරුදු 25ක් වූ රිස්වාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඊට පස්සේ අධිකරණයෙන් මේ තරුණයාට ඇමෙරිකානු ඩොලර් 2500ක මුදලක දඩයක් වගේම ඔහු වසර 13කට බන්ධනාගාරගත කරලා තියෙනවා.