Fahrenheit 451
කතුවරයා - Ray Bradbury
කතුවරයා - Ray Bradbury
- ඔයාලා ඔය ගිනි තියන එක පොතක් හරි කියවලා තියනවාද?
- ඒක නීතියට පටහැනියි
- ඔහ්!
-ඒක පට්ට වැඩක් අප්පා. අළු වෙන්න ගිනි තියනවා, අළුත් ගිනි තියනවා
- ඉස්සර සැහෙන්න කාලෙකට ගිනි නිවන බටයෝ කරේ ගිනි නිවන එක කියන්නේ ඇත්තද? දැන් කරන්නේ ගිනි තියන එකනේ.
- මාව විස්වාස කරන්න, සියලුම ගෙවල් ෆයර්පෘෆ්.
*උපුටනය අවසන්.
පොත් තහනම් වු යුගයක්. නිදහස වෙනුවෙන් සිතුම් පැතුම් වලට අඟුළු ලෑ යුගයක්. තම නිදහස් අවකාශය වෙනුවෙන් චින්තනය උකසට තැබු යුගයක්. හිතන්න නැති යුගයකත් ප්‍රශ්න?
......
අපි සුව පහසුව කියලා මොනාදෝ දෙයක් හොයනවා. අපි හිතන වැඩෙත් යන්ත්‍රයකට දෙන්න හදනවා. එයා අපි වෙනුවෙන් හිතන එකත් හරිම උජාරුවෙන් කතා කරනවා. ඒ අස්සේ විශාදය ලොකේ බහුලතම රෝගයක් වෙමින් යනවා. මිනිසා මිනිසා බවට පත්කල දායාදයන්ම, මිනිසා අත්හැරිමට යාම කොතනින් නවතීද?
පිටු 200ක් වත් නැ. වෙලවක් තියනවානම් ෆැරන්හයිට් කියවන්න. මිට අවුරුදු 50කට කලින් ලියවුනත් අදට ගැලපෙන පොතක්. මේ ගැන හිතද්දි ඔයාලාට මේ පොත ගැන කියන්න ඕනා කියලා හිතුනා.