Falcon-9

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Falcon-9 රොකට්ටුව

    SpaceX යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි.

    SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව පසුගිය සඳුදා දින එය ගුවන් ගතකල ස්ථානයට කිලෝමීටර 10කට එපිටින් නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බස්විමට හැකියාව ලැබුනා. මෙය ෆ්ලොරීඩාවේ කේප් කානවල් ප්‍රදේශයේදී සිදුකෙරුනා.

    මෙලෙස සාර්ථකව රොකට්ටු හුවනය (booster) උඩුකුරුව ගොඩබැස්වීමේ මුල්ම සිද්ධිය මෙය නොවන අතර එම වාර්තාවට හිමිකම් කියන්නේ Texas හි New Shepard රොකට්ටුවයි. නමුත් Falcon 9 පියාසර කල දුර New Shepard රොකට්ටුව මෙන් දෙගුණයක් වන අතර මෙය රොකට්ටු කක්ෂගත කිරීමේදී වන මුදල් නාස්තිය අවම කරගැනීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට විද්‍යාඥයන් කණ්ඩායම පවසනවා.

    ඔවුන් මේ රොකට්ටුව පියාසර කලේ පසුගිය ජුනි මාසයේ ඔවුන් ඉහල යවන ලද Falcon 9 යානය මිනිත්තු කිහිපයක් තුල පුපුරා විනාශවීමෙන් අනතුරුවයි. එය එසේ විනාශ වී ගියේ සාර්ථක අත්හදා බැලීම් 18කට පසුවයි. එම අවස්ථාවේ රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ වගයක් ප්‍රවාහනය කරමින් සිටියා.

    SpaceX සමාගමට NASA ආයතනය සමඟ ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමක් ද පවතිනවා.
    පසුගිය දිනක මහල් 23ක් උස රොකට්ටුව Cape Canaveral හි ගුවන් හමුදා මුලස්ථානයේ සිට ගුවනට මුදාහැරීමට කටයුතු කළා. විනාඩි 10කට පමණ පසු රොකට්ටුවේ ආධාරකය සාර්ථකව ගොඩබස්වා ගැනීමට හැකිවුනා. ඒ රොකට්ටුව යැවූ ස්ථානයට හැතැප්ම 6ක් පමණ ඔබ්බෙන්.
    මෙහි සාර්ථකත්වය කැලිෆෝර්නියාවේ පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ පර්යේෂණ සමාගමක් වන SpaceX වලට ඉතා වැදගත් වන බව සමාගමේ ඉහල නිලධාරින් පවසා සිටියා. මෙසේ රොකට් යැවීම සඳහා භාවිතා කරන මෙවලම් නැවත භාවිතා කිරීමට හැකිවීම තුලින් විශාල මුදල් ඉතිරි කර ගැනිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.


    12717765_10209106482129673_1776007287302630209_n.jpg


    හොදයි නම් බම්ප් එකක් දාගෙන සලකගෙන යන්නෝ...

    කලින් දාපු Thread :

    කියුබානු මිසයිල් අර්බුදය - http://www.elakiri.com/forum/showthread.php?t=1774086

    කියුබානු මිසයිල් අර්බුදය II - http://www.elakiri.com/forum/showthread.php?t=1774087

    කියුබානු මිසයිල් අර්බුදය III -

    http://www.elakiri.com/forum/showthread.php?t=1774090

    ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට -
    http://www.elakiri.com/forum/showthread.php?t=1774097

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද - http://www.elakiri.com/forum/showthread.php?t=1772676

    රාජාධි රාජසිංහ රජතුමන් - http://www.elakiri.com/forum/showthread.php?t=1774037
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Falcon-9 රොකට්ටුව

    SpaceX යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි.

    තෝ වගේ JVP කාරයෙකුට ඇමරිකාවක් මොකටද ?
    තෝ ලංකාවේ ඉදන් ඇමරිකාවට වදින එකද කරණ්නේ.
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    තෝ වගේ JVP කාරයෙකුට ඇමරිකාවක් මොකටද ?
    තෝ ලංකාවේ ඉදන් ඇමරිකාවට වදින එකද කරණ්නේ.

    JVP una kiyala me dewal gena hoyana eka weraddakda ethakota? :eek::eek::eek:
     

    Similar threads