අපි ජීවත්වන ලෝකය ඉතා සුන්දරය. එය අසුන්දර කරන්නේ මිනිසුන් විසින්මයි. විශේෂයෙන්ම දේශපාලනිකව අපරිණත මහජනතාවකුත්, උද්ධච්ඡ නූගත් පාලකයිනුත් සිටින දේශයක සුන්දරත්වය බිදෙන් බිද, මොහොතෙන් මොහොත මිය යයි. මිය යනවාටත් වඩා එයට සුදුසු වන්නේ 'ඝාතනය කිරීම' යන වචනයයි. මේ තවත් එසේ ඝාතනය කෙරුණු දිවයිනක ඛේදවාචකයයි. #farcry6 #far_cry_6