මාස 11 ක දැරිය අපයෝජනයට
ලක් කළ චූදිත වසර 20 ක් හිරේ
විසි දහසක් දඩ හා ලක්‍ෂ 8 ක් වන්දි ගෙවීමටත් නියෝග
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
මාස 11 ක් වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක් සිදුකළ තරුණයකු චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 20 ක බරපතළ සිරදඬුවමක් සහ රුපියල් 20,000 ක දඩයක් නියම කළේය.
දඩ මුදලට සහ සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ අටක මුදලක් ගෙවන ලෙස ද චූදිතට නියෝග කෙරිණි.
මෙහි චූදිත වූයේ බේරුවල පදිංචි අහමඩ් ධීරා අබ්දුල් හසන් නමැත්තෙකි.
නඩු විභාගය ආරම්භයේදීම චූදිත චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කළෙන් නඩුව විභාගයට ගන්නා ලදී.
දැරියට අතවරයක් සිදු වී ඇතැයි කළුතර නාගොඩ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් කුමාර මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුවරයා මෙම සිද්ධිය මුළු මහත් ලෝකයාම අප්‍රසන්නතාවට පත්කරන පිළිකුල් ක්‍රියාවක් බව විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.
දඩ මුදල හා වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට වසර තුනක සැහැල්ලු සිරදඬුවමක් නියම කරන ලදී.
රජයේ නීතිඥ නදී අපර්ණා සුවන්දුරුගම මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර පත්කළ නීතිඥ වයි. ජාගොඩ මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.
Mekatai Fashion Bug ekatai thiyana Sambandaya mokadda ?????? 

