Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB eke Dakka barapathala katha....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත විස්තර කළ ආකාරයටම අප විසින් ගන්නා ආහාර වල රසයක් ද නැත. සුවඳක් ද නැත. විවිධ ආහාරවල විවිධ රස ඇතැයි අප පවසන්නේ එම ආහාරවල ඇති රස නොව එම ආහාර වල ඇති රසායනික ද්‍රව්‍ය දිවේ ඇති රස අංකුර වල ගැටීම නිසා ඇතිවන උද්දීපනය ස්නායු දිගේ මොළයට ගමන් කර මොළයෙහි ඇති වන රසායනික ප්රතික්රියාවයි. රස බාහිර ආහාර වල නොමැති අතර එය අපගේ මොළයෙහි සාදාගත් රසයකි. ගන්ධයද එසේමැයි.

කුඩා කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙන ගත් දැනුමට පදනම වූයේ බාහිර නොමැති, එහෙත් තමන් විසින් ඇතයි පිළිගත් වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ යනුවෙන් හඳුන්වන පංච රූපයකි. මෙම වැරදි පදනමකින් නිර්මාණය කරගත් දැනුම සත්‍යය ද? අනෙක් අතට අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් කෙරෙහි විශ්වාසය තබාගත හැකිද? අනුන්ගෙන් අසා බාහිර දේවල්, වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ තිබෙනවා ය, පුද්ගලයින් ඉන්නවා ය, යනුවෙන් පිළිගත් දැනුම මුලාවකි. මෙම මුළාව නිසා නැති ලෝකයක් මවාගෙන එම නැති ලෝකයෙහි මිනිසා ජීවත් වෙයි. ඉන්ද්‍රියන්ගෙන් දකින ලෝකය යනු තමන් විසින් මනසින් සාදාගත් ‘මනංකල්පිත’ ලෝකයකි. තමන් මෙම ලෝකයෙහි ජීවත්ව සිටින තාක්කල්, ලෝකයෙහි වර්ණ ගන්ධ රස ස්පර්ශ හා ශබ්ද ආදී රූප ඇත. තමන් මියගිය දිනක තමනුත් සමග සියලූම රූප ද මිය යයි.

අපි බොහෝ විට දුකින් නිදහස් වීමක් ගැන කතා කරන්නෙමු. අප තුළ ඇති දුක නම් අප විසින් ගොඩනගා ගත් දැනුම පිළිගැනීම නිසා ඇති වූ දුකකි. උප්පත්තිය දුකකි. ජරාව දුකකි. ව්‍යාධිය දුකකි. මරණය දුකකි. උප්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය යනු දැනුම නිසා ගොඩනගා ගත් සංකල්ප(Concepts) මිස සත්‍ය නොවේ. ඒවා සංස්කාර ධර්ම වෙයි. දැනුම පිළිගත් මිනිස් සත්ත්වයා ජාති ජරා ව්‍යාධි මරණ උපාදානය කරයි. දැනුම ම පංච උපාදානස්කන්ධය වන බැවින්, දැනුම හරහා පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් විය නොහැක. දැනුමෙන් ඔබ්බට ගිය විට උප්පත්තියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන් හා මරණයෙන් නිදහස් වෙයි. බොහෝ පඬිවරුන් දේශනා කරන්නේ ‘ජීවිතය අනියතය මරණය නියතය’ කියාය. ජීවිතය පිළිගත් යමකුට මරණය ඇත. නමුත් ජීවිතය හා මරණය යනු දැනුමෙන් ගොඩනගා ගත් වැරදි පිළිගැනීමකි.

අපිට මෙම දැනුම නැමති මුළාවෙන් ගැලවිය හැකිද? යම් කෙනෙක් තමන් විසින් නිර්මාණය කරගත් දැනුම් සම්භාරය වැරදි යයි දකී නම් ඔහු හෝ ඇය මුළාවෙන් නිදහස් වී මායාවක් වූ දැනුමෙන් ඔබ්බට යයි. පුද්ගලයෙක් ඉන්නවාය යන දෘෂ්ඨියෙන් ද නිදහස් වෙයි. සම්මා දෘෂ්ඨිය නැතහොත් කිසිම දෘෂ්ඨියක් නැති තැනකට පැමිණෙයි. ඇත්ත ඇති සැට්යෙන් දකී. සිතුවිලි හෙවත් චින්තනය නිර්මාණය වී ඇත්තේ ද මෙම එකතු කරගත් දැනුමෙන් බැවින් දැනුමෙන් එතෙරවූ විට චින්තනයෙන් ද නිදහස් වෙයි. නමුත් සිතුවිලි උපාදානය කරගත් යෝගාවචරයෝ චින්තනය පාලනය කිරීමට මානසික වීර්යය යොදති. මෙම සිතුවිලි වලට අයිතිකරුවෙක් නොමැති බව ඔවුහු නොදකිති.

දැනුමෙන් එතෙර වූ විට මෙම ජීවිතයේදී ම මරණයෙන් නිදහස් වෙයි. මරණය යනු අපගේ ශබ්ද කෝෂයෙහි ඇති වචනයක් පමණි. සත්‍ය නොවේ. සත්‍යය හෙවත් නිවනෙහි මරණයක් නැත. ‘ජීවිතය අනියතය මරණය නියතය’ කියා මරණානුස්මෘති භාවනාව වඩන්නෝ ගමන් කරන්නේ නිවනටද ? නැතිනම් මරණයටද?

බොහෝ දාර්ශනිකයන්, සත්‍ය සොයා යන්නේත් අන් අයට උගන්වන්නේත් බාහිර නැති රූපයක් තිබෙනවා යයි පිළිගෙන නිර්මාණය කර ගත් වැරදි දැනුමක් ප්‍රයෝජනයට ගැනීමෙනි. අවිද්‍යාව නිසා මුලාවට පත් වූ පෘතග්ජනයා කායික වීර්යයත් මානසික වීර්යයත් යොදමින් අනුන්ගෙන් ඉගෙන ගත් දැනුම ම පිළිගනිමින් දැනුම හරහා ම සත්‍යය සොයමින් සංසාරයෙහි සැරිසරයි. නමුත් වැරදි රූපයකින් පදනම් වූ, තමන් විසින් ගොඩනගාගත් දැනුම හෙවත් පංච උපාදානස්කන්ධය (රූප, වේදනා, සංඥා, සංස්ඛාර සහ විඥ්ඥාන) තුළ සත්‍ය හෙවත් නිවන නම් නැත. යම් කෙනෙක් සත්‍ය දකින්නේ තමන් පිළිගත් සියලූ දැනුමේ ඇති වැරදි දැක, දැනුමෙන් එතෙර වී, තමන් යන පුද්ගල දෘෂ්ඨියද බිඳ හෙලීමෙනි. ප්‍රඥාව යනු, දැනුමේ වැරදි දැක, දැනුම ඉක්මවා ගිය ධර්මයක් මිස, දැනුම හරහා වඩන ධර්මයක් නොවන බව බුද්ධිමත් ඔබට පැහැදිලි විය යුතුය.

-ආචාර්ය තිස්ස සේනානායක-

E-mail:- tissamahima@gmail.com

කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන

මෝහ ගඟ තරණය කරන්නෝ"

[QUOTE="Sarias&Darias, post: 9025748, member: 319155"] ඉහත විස්තර කළ ආකාරයටම අප විසින් ගන්නා ආහාර වල රසයක් ද නැත. සුවඳක් ද නැත. විවිධ ආහාරවල විවිධ රස ඇතැයි අප පවසන්නේ එම ආහාරවල ඇති රස නොව එම ආහාර වල ඇති රසායනික ද්‍රව්‍ය දිවේ ඇති රස අංකුර වල ගැටීම නිසා ඇතිවන උද්දීපනය ස්නායු දිගේ මොළයට ගමන් කර මොළයෙහි ඇති වන රසායනික ප්රතික්රියාවයි. රස බාහිර ආහාර වල නොමැති අතර එය අපගේ මොළයෙහි සාදාගත් රසයකි. ගන්ධයද එසේමැයි. කුඩා කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙන ගත් දැනුමට පදනම වූයේ බාහිර නොමැති, එහෙත් තමන් විසින් ඇතයි පිළිගත් වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ යනුවෙන් හඳුන්වන පංච රූපයකි. මෙම වැරදි පදනමකින් නිර්මාණය කරගත් දැනුම සත්‍යය ද? අනෙක් අතට අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් කෙරෙහි විශ්වාසය තබාගත හැකිද? අනුන්ගෙන් අසා බාහිර දේවල්, වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ තිබෙනවා ය, පුද්ගලයින් ඉන්නවා ය, යනුවෙන් පිළිගත් දැනුම මුලාවකි. මෙම මුළාව නිසා නැති ලෝකයක් මවාගෙන එම නැති ලෝකයෙහි මිනිසා ජීවත් වෙයි. ඉන්ද්‍රියන්ගෙන් දකින ලෝකය යනු තමන් විසින් මනසින් සාදාගත් ‘මනංකල්පිත’ ලෝකයකි. තමන් මෙම ලෝකයෙහි ජීවත්ව සිටින තාක්කල්, ලෝකයෙහි වර්ණ ගන්ධ රස ස්පර්ශ හා ශබ්ද ආදී රූප ඇත. තමන් මියගිය දිනක තමනුත් සමග සියලූම රූප ද මිය යයි. අපි බොහෝ විට දුකින් නිදහස් වීමක් ගැන කතා කරන්නෙමු. අප තුළ ඇති දුක නම් අප විසින් ගොඩනගා ගත් දැනුම පිළිගැනීම නිසා ඇති වූ දුකකි. උප්පත්තිය දුකකි. ජරාව දුකකි. ව්‍යාධිය දුකකි. මරණය දුකකි. උප්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය යනු දැනුම නිසා ගොඩනගා ගත් සංකල්ප(Concepts) මිස සත්‍ය නොවේ. ඒවා සංස්කාර ධර්ම වෙයි. දැනුම පිළිගත් මිනිස් සත්ත්වයා ජාති ජරා ව්‍යාධි මරණ උපාදානය කරයි. දැනුම ම පංච උපාදානස්කන්ධය වන බැවින්, දැනුම හරහා පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් විය නොහැක. දැනුමෙන් ඔබ්බට ගිය විට උප්පත්තියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන් හා මරණයෙන් නිදහස් වෙයි. බොහෝ පඬිවරුන් දේශනා කරන්නේ ‘ජීවිතය අනියතය මරණය නියතය’ කියාය. ජීවිතය පිළිගත් යමකුට මරණය ඇත. නමුත් ජීවිතය හා මරණය යනු දැනුමෙන් ගොඩනගා ගත් වැරදි පිළිගැනීමකි. අපිට මෙම දැනුම නැමති මුළාවෙන් ගැලවිය හැකිද? යම් කෙනෙක් තමන් විසින් නිර්මාණය කරගත් දැනුම් සම්භාරය වැරදි යයි දකී නම් ඔහු හෝ ඇය මුළාවෙන් නිදහස් වී මායාවක් වූ දැනුමෙන් ඔබ්බට යයි. පුද්ගලයෙක් ඉන්නවාය යන දෘෂ්ඨියෙන් ද නිදහස් වෙයි. සම්මා දෘෂ්ඨිය නැතහොත් කිසිම දෘෂ්ඨියක් නැති තැනකට පැමිණෙයි. ඇත්ත ඇති සැට්යෙන් දකී. සිතුවිලි හෙවත් චින්තනය නිර්මාණය වී ඇත්තේ ද මෙම එකතු කරගත් දැනුමෙන් බැවින් දැනුමෙන් එතෙරවූ විට චින්තනයෙන් ද නිදහස් වෙයි. නමුත් සිතුවිලි උපාදානය කරගත් යෝගාවචරයෝ චින්තනය පාලනය කිරීමට මානසික වීර්යය යොදති. මෙම සිතුවිලි වලට අයිතිකරුවෙක් නොමැති බව ඔවුහු නොදකිති. දැනුමෙන් එතෙර වූ විට මෙම ජීවිතයේදී ම මරණයෙන් නිදහස් වෙයි. මරණය යනු අපගේ ශබ්ද කෝෂයෙහි ඇති වචනයක් පමණි. සත්‍ය නොවේ. සත්‍යය හෙවත් නිවනෙහි මරණයක් නැත. ‘ජීවිතය අනියතය මරණය නියතය’ කියා මරණානුස්මෘති භාවනාව වඩන්නෝ ගමන් කරන්නේ නිවනටද ? නැතිනම් මරණයටද? බොහෝ දාර්ශනිකයන්, සත්‍ය සොයා යන්නේත් අන් අයට උගන්වන්නේත් බාහිර නැති රූපයක් තිබෙනවා යයි පිළිගෙන නිර්මාණය කර ගත් වැරදි දැනුමක් ප්‍රයෝජනයට ගැනීමෙනි. අවිද්‍යාව නිසා මුලාවට පත් වූ පෘතග්ජනයා කායික වීර්යයත් මානසික වීර්යයත් යොදමින් අනුන්ගෙන් ඉගෙන ගත් දැනුම ම පිළිගනිමින් දැනුම හරහා ම සත්‍යය සොයමින් සංසාරයෙහි සැරිසරයි. නමුත් වැරදි රූපයකින් පදනම් වූ, තමන් විසින් ගොඩනගාගත් දැනුම හෙවත් පංච උපාදානස්කන්ධය (රූප, වේදනා, සංඥා, සංස්ඛාර සහ විඥ්ඥාන) තුළ සත්‍ය හෙවත් නිවන නම් නැත. යම් කෙනෙක් සත්‍ය දකින්නේ තමන් පිළිගත් සියලූ දැනුමේ ඇති වැරදි දැක, දැනුමෙන් එතෙර වී, තමන් යන පුද්ගල දෘෂ්ඨියද බිඳ හෙලීමෙනි. ප්‍රඥාව යනු, දැනුමේ වැරදි දැක, දැනුම ඉක්මවා ගිය ධර්මයක් මිස, දැනුම හරහා වඩන ධර්මයක් නොවන බව බුද්ධිමත් ඔබට පැහැදිලි විය යුතුය. -ආචාර්ය තිස්ස සේනානායක- E-mail:- [email]tissamahima@gmail.com[/email] කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ" [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom