Is this Science or Philosophy or Religious ??? 
"Science without religion is lame, religion without science is blind"
[Albert Einstein]
1. භෞතික විද්‍යාවේ අසත්‍ය පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය[Albert Einstein]
පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත. භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්, අපි ඇසෙන් වර්ණ රූප ද, කණෙන් ශබ්ද රූප ද, දිවෙන් රස රූප ද, නාසයෙන් ගන්ධ රූප ද, ශරීරයෙන් ස්පර්ශ රූප ද ග‍්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.
මෙම පිළිගැනීම සත්‍යයක් ද? දකින්නට බාහිර වර්ණ තිබේ ද? අසන්නට ශබ්ද තිබේ ද? ග‍්‍රහණය කරගන්නට රස, ගන්ධ, ස්පර්ශ බාහිර තිබේ ද? බාහිර වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන, නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද? මේ ඔබට මෙතෙක් කල් පැන නොනැගුණු ප‍්‍රශ්න වැළකි.
වර්ණ, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ නම් වූ පංච රූප පදනම් කරගත් භෞතික ලෝකය හෙවත් දැනුම අප විසින් නිර්මාණය කර ගන්නා ලැබුවේ ගුරු දෙගුරුන් ආදී බාහිර පුද්ගලයන්ගෙනි. බාහිරයෙන් ලබාගත් දැනුම අපි ගවේෂණය කර විශ්ලේෂණය කර තවත් අලූත් දැනුමක් අප විසින් නිර්මාණය කර ගනු ලැබූවෙමු. මෙම අලූත් දැනුම ලෝකයට ඉදිරිපත් කර ආචාර්ය මහාචාර්ය ආදී උපාධි ද ලබා ගනිති. නමුත් සියලූම ආචාර්ය මහාචාර්යවරුන් දැනගත යුතු එක් කරුණක් නම්, ඔබ නිර්මාණය කර ගත් අලූත් දැනුමට ද පදනම වූයේ, ළදරු කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙනගත් දැනුම ම බවයි.
ඔබ විසින් ළදරු කාලයේදී ඇසින් දුටු රූප ගැනත්, කනෙන් ඇසු ශබ්ද ගැනත්, දිවෙන් ගත් රස ගැනත්, නාසයෙන් දැණුන ගන්ධය ගැනත් ශරීරයෙන් ලැබූ ස්පර්ශ ගැනත් ඔබට කුතුහලයක් උපදී. බහ තෝරන වියට පැමිණි විට මේ වස්තුව මොකක්ද? මේ ශබ්දය කුමක්ද? මේ රසය කුමක්ද? ආදී වශයෙන් ප‍්‍රශ්න නගන්නට පටන් ගන්නා ලද්දේ මෙම කුතුහලය නිසාවෙනි. වැඩිහිටියෝ ඒවාට මේ පුතේ පුටුව, ඒ කාක්කෙක් කෑ ගසන ශබ්දය ආදී වශයෙන් පිළිතුරු දුන්හ. මේ ආකාරයට අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් ඔබ තුළ ඇත. මෙම දැනුමට අනුව බාහිර වස්තු ඇත. එම වස්තුවල වර්ණ ඇත. ශබ්ද පැන නගී. ආහාරවල රසය ද ගන්ධය ද ඇත. ඔබේ මෙම දැනුම ‘දේවල් තිබෙනවාය’, ‘පුද්ගලයින් ඉන්නවාය’ යන පිළිගැනීම මතපදනම් වී ඇත්තේ ය.

Last edited: