FB eke Dakka barapathala katha....

Sarias&Darias

Member
Nov 19, 2010
17
0
0
:love:Is this Science or Philosophy or Religious ??? :love:


"Science without religion is lame, religion without science is blind"
[Albert Einstein]
1. භෞතික විද්‍යාවේ අසත්‍ය පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය

පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත. භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්, අපි ඇසෙන් වර්ණ රූප ද, කණෙන් ශබ්ද රූප ද, දිවෙන් රස රූප ද, නාසයෙන් ගන්ධ රූප ද, ශරීරයෙන් ස්පර්ශ රූප ද ග‍්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.

මෙම පිළිගැනීම සත්‍යයක් ද? දකින්නට බාහිර වර්ණ තිබේ ද? අසන්නට ශබ්ද තිබේ ද? ග‍්‍රහණය කරගන්නට රස, ගන්ධ, ස්පර්ශ බාහිර තිබේ ද? බාහිර වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන, නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද? මේ ඔබට මෙතෙක් කල් පැන නොනැගුණු ප‍්‍රශ්න වැළකි.

වර්ණ, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ නම් වූ පංච රූප පදනම් කරගත් භෞතික ලෝකය හෙවත් දැනුම අප විසින් නිර්මාණය කර ගන්නා ලැබුවේ ගුරු දෙගුරුන් ආදී බාහිර පුද්ගලයන්ගෙනි. බාහිරයෙන් ලබාගත් දැනුම අපි ගවේෂණය කර විශ්ලේෂණය කර තවත් අලූත් දැනුමක් අප විසින් නිර්මාණය කර ගනු ලැබූවෙමු. මෙම අලූත් දැනුම ලෝකයට ඉදිරිපත් කර ආචාර්ය මහාචාර්ය ආදී උපාධි ද ලබා ගනිති. නමුත් සියලූම ආචාර්ය මහාචාර්යවරුන් දැනගත යුතු එක් කරුණක් නම්, ඔබ නිර්මාණය කර ගත් අලූත් දැනුමට ද පදනම වූයේ, ළදරු කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙනගත් දැනුම ම බවයි.

ඔබ විසින් ළදරු කාලයේදී ඇසින් දුටු රූප ගැනත්, කනෙන් ඇසු ශබ්ද ගැනත්, දිවෙන් ගත් රස ගැනත්, නාසයෙන් දැණුන ගන්ධය ගැනත් ශරීරයෙන් ලැබූ ස්පර්ශ ගැනත් ඔබට කුතුහලයක් උපදී. බහ තෝරන වියට පැමිණි විට මේ වස්තුව මොකක්ද? මේ ශබ්දය කුමක්ද? මේ රසය කුමක්ද? ආදී වශයෙන් ප‍්‍රශ්න නගන්නට පටන් ගන්නා ලද්දේ මෙම කුතුහලය නිසාවෙනි. වැඩිහිටියෝ ඒවාට මේ පුතේ පුටුව, ඒ කාක්කෙක් කෑ ගසන ශබ්දය ආදී වශයෙන් පිළිතුරු දුන්හ. මේ ආකාරයට අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් ඔබ තුළ ඇත. මෙම දැනුමට අනුව බාහිර වස්තු ඇත. එම වස්තුවල වර්ණ ඇත. ශබ්ද පැන නගී. ආහාරවල රසය ද ගන්ධය ද ඇත. ඔබේ මෙම දැනුම ‘දේවල් තිබෙනවාය’, ‘පුද්ගලයින් ඉන්නවාය’ යන පිළිගැනීම මතපදනම් වී ඇත්තේ ය.

 
Last edited:

Sarias&Darias

Member
Nov 19, 2010
17
0
0
ඉහත විස්තර කළ ආකාරයටම අප විසින් ගන්නා ආහාර වල රසයක් ද නැත. සුවඳක් ද නැත. විවිධ ආහාරවල විවිධ රස ඇතැයි අප පවසන්නේ එම ආහාරවල ඇති රස නොව එම ආහාර වල ඇති රසායනික ද්‍රව්‍ය දිවේ ඇති රස අංකුර වල ගැටීම නිසා ඇතිවන උද්දීපනය ස්නායු දිගේ මොළයට ගමන් කර මොළයෙහි ඇති වන රසායනික ප‍්‍රතික‍්‍රියාවයි. රස බාහිර ආහාර වල නොමැති අතර එය අපගේ මොළයෙහි සාදාගත් රසයකි. ගන්ධයද එසේමැයි.

කුඩා කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙන ගත් දැනුමට පදනම වූයේ බාහිර නොමැති, එහෙත් තමන් විසින් ඇතයි පිළිගත් වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ යනුවෙන් හඳුන්වන පංච රූපයකි. මෙම වැරදි පදනමකින් නිර්මාණය කරගත් දැනුම සත්‍යය ද? අනෙක් අතට අනුන්ගෙන් අසා දැනගත් දැනුමක් කෙරෙහි විශ්වාසය තබාගත හැකිද? අනුන්ගෙන් අසා බාහිර දේවල්, වර්ණ, ශබ්ද, රස, ගන්ධ සහ ස්පර්ශ තිබෙනවා ය, පුද්ගලයින් ඉන්නවා ය, යනුවෙන් පිළිගත් දැනුම මුලාවකි. මෙම මුළාව නිසා නැති ලෝකයක් මවාගෙන එම නැති ලෝකයෙහි මිනිසා ජීවත් වෙයි. ඉන්ද්‍රියන්ගෙන් දකින ලෝකය යනු තමන් විසින් මනසින් සාදාගත් ‘මනංකල්පිත’ ලෝකයකි. තමන් මෙම ලෝකයෙහි ජීවත්ව සිටින තාක්කල්, ලෝකයෙහි වර්ණ ගන්ධ රස ස්පර්ශ හා ශබ්ද ආදී රූප ඇත. තමන් මියගිය දිනක තමනුත් සමග සියලූම රූප ද මිය යයි.

අපි බොහෝ විට දුකින් නිදහස් වීමක් ගැන කතා කරන්නෙමු. අප තුළ ඇති දුක නම් අප විසින් ගොඩනගා ගත් දැනුම පිළිගැනීම නිසා ඇති වූ දුකකි. උප්පත්තිය දුකකි. ජරාව දුකකි. ව්‍යාධිය දුකකි. මරණය දුකකි. උප්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය යනු දැනුම නිසා ගොඩනගා ගත් සංකල්ප(Concepts) මිස සත්‍ය නොවේ. ඒවා සංස්කාර ධර්ම වෙයි. දැනුම පිළිගත් මිනිස් සත්ත්වයා ජාති ජරා ව්‍යාධි මරණ උපාදානය කරයි. දැනුම ම පංච උපාදානස්කන්ධය වන බැවින්, දැනුම හරහා පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් විය නොහැක. දැනුමෙන් ඔබ්බට ගිය විට උප්පත්තියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන් හා මරණයෙන් නිදහස් වෙයි. බොහෝ පඬිවරුන් දේශනා කරන්නේ ‘ජීවිතය අනියතය මරණය නියතය’ කියාය. ජීවිතය පිළිගත් යමකුට මරණය ඇත. නමුත් ජීවිතය හා මරණය යනු දැනුමෙන් ගොඩනගා ගත් වැරදි පිළිගැනීමකි.

අපිට මෙම දැනුම නැමති මුළාවෙන් ගැලවිය හැකිද? යම් කෙනෙක් තමන් විසින් නිර්මාණය කරගත් දැනුම් සම්භාරය වැරදි යයි දකී නම් ඔහු හෝ ඇය මුළාවෙන් නිදහස් වී මායාවක් වූ දැනුමෙන් ඔබ්බට යයි. පුද්ගලයෙක් ඉන්නවාය යන දෘෂ්ඨියෙන් ද නිදහස් වෙයි. සම්මා දෘෂ්ඨිය නැතහොත් කිසිම දෘෂ්ඨියක් නැති තැනකට පැමිණෙයි. ඇත්ත ඇති සැට්යෙන් දකී. සිතුවිලි හෙවත් චින්තනය නිර්මාණය වී ඇත්තේ ද මෙම එකතු කරගත් දැනුමෙන් බැවින් දැනුමෙන් එතෙරවූ විට චින්තනයෙන් ද නිදහස් වෙයි. නමුත් සිතුවිලි උපාදානය කරගත් යෝගාවචරයෝ චින්තනය පාලනය කිරීමට මානසික වීර්යය යොදති. මෙම සිතුවිලි වලට අයිතිකරුවෙක් නොමැති බව ඔවුහු නොදකිති.

දැනුමෙන් එතෙර වූ විට මෙම ජීවිතයේදී ම මරණයෙන් නිදහස් වෙයි. මරණය යනු අපගේ ශබ්ද කෝෂයෙහි ඇති වචනයක් පමණි. සත්‍ය නොවේ. සත්‍යය හෙවත් නිවනෙහි මරණයක් නැත. ‘ජීවිතය අනියතය මරණය නියතය’ කියා මරණානුස්මෘති භාවනාව වඩන්නෝ ගමන් කරන්නේ නිවනටද ? නැතිනම් මරණයටද?

බොහෝ දාර්ශනිකයන්, සත්‍ය සොයා යන්නේත් අන් අයට උගන්වන්නේත් බාහිර නැති රූපයක් තිබෙනවා යයි පිළිගෙන නිර්මාණය කර ගත් වැරදි දැනුමක් ප‍්‍රයෝජනයට ගැනීමෙනි. අවිද්‍යාව නිසා මුලාවට පත් වූ පෘතග්ජනයා කායික වීර්යයත් මානසික වීර්යයත් යොදමින් අනුන්ගෙන් ඉගෙන ගත් දැනුම ම පිළිගනිමින් දැනුම හරහා ම සත්‍යය සොයමින් සංසාරයෙහි සැරිසරයි. නමුත් වැරදි රූපයකින් පදනම් වූ, තමන් විසින් ගොඩනගාගත් දැනුම හෙවත් පංච උපාදානස්කන්ධය (රූප, වේදනා, සංඥා, සංස්ඛාර සහ විඥ්ඥාන) තුළ සත්‍ය හෙවත් නිවන නම් නැත. යම් කෙනෙක් සත්‍ය දකින්නේ තමන් පිළිගත් සියලූ දැනුමේ ඇති වැරදි දැක, දැනුමෙන් එතෙර වී, තමන් යන පුද්ගල දෘෂ්ඨියද බිඳ හෙලීමෙනි. ප‍්‍රඥාව යනු, දැනුමේ වැරදි දැක, දැනුම ඉක්මවා ගිය ධර්මයක් මිස, දැනුම හරහා වඩන ධර්මයක් නොවන බව බුද්ධිමත් ඔබට පැහැදිලි විය යුතුය.

-ආචාර්ය තිස්ස සේනානායක-
E-mail:- [email protected]
කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන
මෝහ ගඟ තරණය කරන්නෝ"