Filesharing site වල එන IP limit එක පන්නලා OnaHuptk එකට බාන්නෙ මෙහෙමයි - Proxy settings වලින් ප්‍රයෝජනයක් ගමු 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,041
    2
    15,780
    113
    හායි මචන්ලා, ඔන්න අදත් වැදගත් දෙයක් අරන් අ‍ාවා.

    OnaHuptk එකෙන් කට්ටිය බාන දේවල්, පාවිච්චි කරන cell ගැන මට analytics නම් නැහැ. හැබැයි මට හිතෙන විදිහට මේ proxy කේස් එක වැඩි දෙනෙක් දන් නැහැ, නැත්නම් එ‍්කෙ full potential එක පාවිච්චි කරන් නෑ.

    මේ option එක වැඩිපුරම දාලා තියෙන්නෙ Google colab servers අ‍ැමරිකාවෙ නිසා අ‍ැමරිකාව block කරපු site වලින් දෙයක් බා ගන්න. විශේෂයෙන්ම courses එහෙම බාන උන්ට ඉරානෙ වගේ middle east රටවල warez site වලින් එහෙම zip part files අරන් drive එකේදි එකතු කරගන්න OnaHuptak පාවිච්චි කරන්න පුළුවන් කියල දන්නවනෙ. (zip file කෑලිවලට කඩල upload කරල තිබ්බොත් සේරම link ටික පෝලිමට text file එකට දාලා, එකපාර බා ගන්න පුළුවන්. Drive එක අස්සෙම extract කරගන්නත් පුළුවන්)

    https://bit.ly/onahuptk

    හැබැයි මේක දාන්නෙ තව පොරක් whatsapp දාල අහපු ප්‍රශ්නයක් නිසා. එ‍් තමයි timer එක්ක තියෙන file sharing site. උදාහරණයක් විදිහට Usersdrive.com, ඊට පස්සෙ drop download, usercloud ඔය වගේ සයිට්. මේවා ගොඩක් වෙලාවට games, films, softwares, courses එහෙම දාන්න පාවිච්චි වෙනවා. හැබැයි තත්පර 15-20 ක timer එකක් එක්ක උඹෙ IP එකට විතරක් valid download link එකක් තමයි දෙන්නෙ. ගොඩක් වෙලාවට resume, acceleration එහෙමත් නැහැ.

    ඉතින් ටිකක් ලොකු file එකක් බාද්දි කෝල් එකක් අ‍ාවොත්, නැත්නම් වෙන net අවුලක් අ‍ාවොත් මුල ඉඳන්ම අ‍ායෙ බාන්න හෙන කට්ටක් කන්න ඕන. Link එක සාමාන්‍ය විදිහට අ‍ැදලා OnaHuptak දැම්මත් වැඩ නෑ IP වෙනස් නිසා.

    හැබැයි දැනටමත් තියෙන Proxy option එකෙන් එ‍් ප්‍රශ්නෙ මග අ‍ැර ගන්න පුළුවන්.



    කරන්න තියෙන වැඩේ හරිම සරලයි. OnaHuptak එකේ යටටම ගිහින් මේ තියෙන proxy තුනෙන් ඕන එකක් තෝරන්න. Iran වගේ රටවලට Russia එක තමයි ගැළපෙන්නෙ.





    දැන් එ‍් IP එකම තමන්ගෙ device එකට හදා ගන්න ඕනනෙ. PC එකක් නම් Browser එකටම දා ගන්න පුළුවන්. හැබැයි Android නම්?

    Wifi වලින් connect වෙනවා නම් එතනත් proxy option එක තියෙනවා. Mobile data වලින් යනවා නම් මේ විදිහට Network settings වල උඹෙ APN එකට ගිහින් එතනට අදාළ Proxy, port දා ගනින්.





    දැන් save කරල එ‍්ක select කරාම උඹෙ IP එකයි, OnaHuptak IP එකයි එකමයි. 😍😍

    ඉතින් ඔය ඕනම File sharing site එකක තියෙන IP Limited link එක කොපි කරලා, OnaHuptak දාලා බාන්න පුළුවන්. Aria2c cell එක හෝ Accelerated Downloader cell එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. Accelerated එකේ connection ගාණ 1 දාලා ගත්තම 100% ෂුවර්. නැත්තම් acceleration blocked නිසා නවතින්න පුළුවන්.





    එච්චරයි කරන්න තියෙන්නෙ. දෙන උපරිම වේගයෙන් භාණ්ඩෙ තමන්ගෙ drive එකට බෑවෙනවා. හරිම සරලයි.

    මේ තියෙන්නෙ උදාහරණයක් විදිහට මම රහස් කියන කඳු movie එක usersdrive.com එකෙන් බා ගත්ත හැටි. 😍

    විනාඩි 8 කින් වගේ 1.2GB බෑවුණා. දැන් ඉතින් Drive එකේ ඉඳලා නිදහසේ බලන්න තියෙන්නෙ. 😍😍





    මේක බාන්න හේතුවත් කියන්නම්. මේ අ‍ාතල් ජංගි සිද්ධිය දැකල අ‍ාස හිතුණා. 😂 😂

     
    Last edited:
    • Like
    Reactions: ayanthamaxi

    Similar threads