FINANCE වාරික ගෙවා ගන්න බැරි අවස්ථාවක

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    FINANCE වාරික ගෙවා ගන්න බැරි අවස්ථාවක "වාහනයේ ඉන්න අය බලෙන් එළියට දාලා ගන්න බැරි බව" නීතියත් එක්ක හරියටම දැන ගන්න මේ ලිපිය ඔබට වටිනවා (අධිකරණය ඉදිරියේ නීතිය,මංජුල කරුණාරත්න ,පිටු 277-282 දක්වා ඇති ලිපිය මූලිකව මෙම කරුණු දක්වා ඇත)

    1.හුගක් අය වාහන ගන්නෙ FINANCE කරලා.

    2.අමාරුවෙන් ගෙවා ගෙන ගිහින් වාරික හිග වූ වෙලාවට "මාරාන්තික සීසර්ලා" ඇවිත් වාහනේ ඉන්න අය එළියට දාලා බලෙන් අරන් යනවා.

    3.මේ වෙලාවට POLICE නිලධාරි කෙනෙකුත් හිටියොත් ඒ අය එක්ක අනේ ඉතිං වාහනේ දීලා යන්නම වෙනවා.

    4.ඒ වුණාට රටේ තියෙන නීතිය අනුව මේ වැඩේ නීතිවිරෝධී එකක්,ඒ ගැන ඔබට හොද අවබෝධයක් මා කියූ ඉහත පොතේ ලිපියෙන් හොදින් දැනුවත් වෙන්න හැකියාව තියෙනවා .

    5.සරලව කියන්න තියෙන්නෙ මේ පහත කරුණු තමා.

    6.මේ සම්බන්ධයෙන් අදාල නීති ප්‍රතිපාදන "2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 20 වගන්තිය මගින් නිසි පරිදි නොගෙවන්නේ නම් කඩිනමින් ගෙවන ලෙස නියම කිරීම (20-අ),සන්තකය ආපසු ගැනීම(20-ආ(i),සහ යම් අලාභයක් වේ නම් ඒ සදහා බලය (20-ආ-ii) වගන්ති" යටතේ දීමණාකාර පාර්ශවයට හිමිකම ඇති බව දක්වා ඇත.

    7.මේ පනතේ මා දකින මහජනතාවට වැදගත්ම වගන්ති දෙකක් ඇත,ඒ 27 සහ 28 යන වගන්තිවේ.

    8.ඒ අනුව 27 වගන්තිය අනුව,

    27(අ) =පොලිස් ස්ථානය භාර නිලධරයා වෙත දැනුම් දීම.

    27(ආ) =සාමය කඩවීම වලක්වාලීම සදහා ඒ පොලිස් ස්ථානයේ පොලිස් නිලධරයකුගේ සහාය ලබා ගැනීම.

    27(ඇ)=ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් සන්තකය නැවත ලබා ගැනීම.

    යන කටයුතු සදහා බදු දීමණාකරුට අවසර ඇත.

    9.ඉහත කරුණු අනුව 27(ඇ) අනුව, පොලිස් නිලධාරීන් එක්ක පැමිණියත් අදාල දේපළ එවකට සන්තකය තිබෙන අයගේ ප්‍රතිරෝධයක් නැත්නම් පමණක් ලබා ගත හැකිවේ.

    10.ඒ අනුව දේපළ බලෙන් ගැනීමේ හැකියාවක් නීතිය මගින් කිසිසේත්ම ලබා දී නැත.

    11.මේ පනතේ පෙර කී 27 වගන්තිය අනුව කටයුතු කරන්න බැරි වෙලාවට ගත යුතු ක්‍රියා මාර්ගය ඉතාම පැහැදිලිව දක්වා ඇත.
    28=මේ වගන්තියෙන් කියන්නෙ "දිසා අධිකරණය " වෙත යන්න කියල තමා.(අධිකරණය ඉදිරියේ නීතිය ,277 පිටුව)

    12.දැන් ඔබට පැහැදිලි ඇති FINANCE COMPANY ඔය පොලිස් නිලධාරීන් එක්ක ඇවිත් වාහනේ බලෙන් ගන්න සෙල්ලම ඉවරයි,දැන් මේ කාලේ එහෙම කරන්න ආවොත් " නියමිත විදිහට පොලිසියට පැමිණිලි කරන්න,ඒ වෙලාවට පොලිසියට සිදු වෙනවා,
    1.අයුතු ඇතුල්වීම.
    2.අයුතු අවහිරය.
    3.තුවාල සිදු කිරීම.
    4.බලෙන් ලබා ගැනීම.
    5.සොරකම හෝ කොල්ලකෑම.

    වැනි අපරාධ වැරදි සදහා අර බලෙන් ගන්න ගිය අය උසාවියට ගේන්න.
    (අධිකරණය ඉදිරියේ නීතිය,මංජුල කරුණාරත්න ,පිටුව 280)

    ලංකාවේ වාහනයක් FINANCE කරල ගන්න කෙනෙකුට රු.1000/= ක් දීලා මේ මං ඉහත කියපු පොත අරන් වාහනේ CABIN එකේ තිබ්බට පාඩු වෙන එකක් නම් නෑ කියලා මට නම් හිතුනා.

    (පනතේ 27,28 වගන්ති මේ පහතින් දක්වා තිබෙනවා)
    08077ED1-BADA-44E7-AAF6-18AD7BD3DE27.jpeg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Unge agreement eke kohe hari thanaka athi oya neethiyata pitin customer consent eka ganna line ekak. Minissu ithin oka sign karata passe okkoma iwarai. Mokada leasing agreement hadanne owa hondata study karapu lawyers la. 😑