Firefox Extensions (Add-ons)

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    අද කාලෙකින් නූලක් දාන්ඩ හිතුනා.
    කලින් මෙහෙම නූලක් තිබ්බද මන් දන් නෑ.


    ඒත් දැනට up නැති නිසා දාන්නම්.


    ගොඩක් කට්ටිය ඉන්ටනෙට් යන්ඩ firefox පාවිච්චි කරන නිසා firefox එකට install කරගන්ඩ පුලුවන් සහායට ඩැනී ලා ටිකක් ගැනයි කියන්ඩ යන්නේ.
    ගොඩාක් එව chrome එකටත් වැඩ කරනවා.



    දැනටමත් දන්න කට්ටිය
    මෙතන කියල නැති විස්තර update කරන්ඩ.


    හරි.
    Extensions (Add-ons) අපිට හොයාගන්ඩ පුලුවන් firefox official extensions page එකෙන්.
    ලින්ක් එක:
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/extensions/


    ඊලගට තියෙන්නෙ තමන්ට ඕනෙ කරන virus/worm/trojan නැති ඒවා හොයාගන්න එකයි.


    මතක ඇතුව install කරන්ඩ කලින් comments කියවන්ඩ.
    කොච්චර දෙනෙක් install කරල තියෙනවද බලන්ඩ.


    මොකද එකම නමින් බොරුවට හදපු ඒවත් තියෙනවා.


    දැන් කියන්නම් මන් පාවිච්චි කරන ටික.


    ඉස්සෙල්ලාම කියන්නම් මේ දවස්වල කට්ටියට පට්ට වැදගත් එකක්.
    VPN එකක්. FREE unlimited. Speed එකත් හොදයි.
    (Chrome එකටත් වැඩ)

    HOXX vpn - මේකෙ account එකක් හදාගැනීම අනිවාර්යයි. එච්චරයි.

    ඊට පස්සෙ firefox එකේ URL/search bar එකට ටිකක් එහායින් මතුවන HOXX ලකුන click කරලා කැමති රටක් දාගන්ඩයි තියෙන්නෙ.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/hoxx-vpn-proxy/


    ඊලගට කියන්නම් Youtube නැත්තම් online streaming videos download කරන්ඩ (ඔව් වැලත් පුලුවන්)

    (Chrome එකට install කරන්ඩ පුලුවන් ඒත් හරියට වැඩ නැ)
    Video Download Helper - මේක දාගත්තම බෝල 3ක icon එකක් එයි. video එකක් play වෙනකොට බෝල 3 පාට වෙයි. එතකොට ඒක click කරල කැමති quality එකකින් බාගන්ඩ පුලුවන්. හැබැයි පහුගිය ටිකේ youtube policies වෙනසක් නිස මේක youtube බාන්ඩ යද්දි ටිකක් පිස්සු කෙලියා.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/


    ගොඩාක් ටැබ් open කරගන වැඩ කරන අයට ඊලග එක පට්ට වැදගත්.
    (Chrome එකටත් වැඩ)
    OneTab - මෙක දාගත්තම පුනීලයක icon එකක් එනවා. ඒක click කර ගමන් අපි open කරන් ඉන්න සේරම ටැබස් වල URL ටික ඒකෙ save වෙනවා. එතකොට ඊලග පාර firefox open කරද්දිම onetab page එක open වෙනවා. එතනින් කෙලින්ම අපි අන්තිමට බල බලා හිටපු URL වලට යන්ඩ පුලුවන්.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/onetab/


    ADD Block කරන එක මට ගොඩක් වැදගත්.
    ඒක නිසා 2ක 3ක්ම දාගන ඉන්නේ.


    UBlock origin - මේක පට්ට. ගොඩක් වෙලාවට මෙක විතරක් ඇති.
    (Chrome එකටත් වැඩ)
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/ublock-origin/


    Add Block Plus - උඩ එකත් එක්ක වගෙම තනියෙනුත් මෙයට වැඩ කරන්ඩ පුලුවන්
    (Chrome එකටත් වැඩ)
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/


    Privacy Badger - මෙයාට තනියෙන් ඇඩ් බ්ලොක් කරන්ඩ බැ. එත් උඩ කට්ටියත් එක්ක එකතු උනාම අපෙ privacy guard කරන්වා.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/privacy-badger17/


    ඊලග එක අපි කලිසම කොච්චර ගලවන්ද online ඉන්නෙ කියලා බලන එකක්.

    Web RTC Leak Shield - මේකත් අපෙ privacy ආරක්ශාවට අපෙ Browser එකෙන් අපෙ info මොනාද leak වෙන්නේ බලලා block කරන එකක්.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/webrtc-leak-shield/


    ඊලග එක ටිකක් වෙනස්.
    Bloody Vikings - මේකෙන් පුලුවන් අපිට තාවකාලික email හදාගන්න site වලට යන්ඩ.
    සමහර වෙලාවට online forum වල මොනාහරි බාගන්ඩ account එකක් හදන්ඩම කියනවා. එතකොට අපෙ email එකෙන් account එක හදලා වැඩක් නැත්තම්, තාවකාලිකව මේකෙ තියෙන site එකකට ගිහින් email address එකකට account එක හදාගන්ඩ පුලුවන්. එතකොට එතන email inbox එකට verification email එක ආවම ගොඩ.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/bloody-vikings/


    අදට අන්තිම එක වගේම පට්ට වැදගත් එකක්.
    HTTPS Everywhere - මේක වැදගත් වෙන්නෙත් security පැත්තෙන්.
    (Chrome එකටත් වැඩ)

    මේක දාගත්තම අපෙ හැම URL එකක්ම බලෙන්ම HTTPS වලට හරවලා තමයි යවන්නෙ.
    ඇයි ඒක වටින්නේ කියලා දැනගන්ඩ ඔනෙනම් පොඩ්ඩක් google search කරල බලන්ඩ.
    HTML:
    https://addons.mozilla.org/en-US/firefox/addon/https-everywhere/



    ප ලි
    රෙප් දුන්නේ නැතුවට තරහක් නැ.
    දුන්නොත් එපා කියන්නේත් නෑ.
    ඒත් හිඟා කන්නෙත් නෑ.







     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement