Fiverr (6 කොටස): මොනවත් දන්නැතුව Fiverr කරන විදිහ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උදාහරණයක් විදිහට මේ කියන්නේ video editing දන්නැති කෙනෙක් වීඩියෝ එඩිට් කරන gig එකක් කරන විදිහ ගැන. Adobe after effects, Premier මොනවත් දන්නැති එක මෙතනදි ප්‍රශ්නයක් නෙවේ.

    මේකෙදි අපි පොඩි පර්යේෂණයක් (research එකක්) කරන්න ඕනෙ.
    පර්යේෂණ වර්ග 2ක් තියෙනවානෙ. දන්නවද ඒ ගැන?
    1) අනාර්ය (ශ්‍රේෂ්ඨ නොවන) පර්යේෂණය
    2) ආර්ය (ශ්‍රේෂ්ඨත්වයට පත්වන) පර්යේෂණය


    පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨ නොවන දේ සොයා පර්යේෂණ කිරීම කියන්නෙ මොකක්ද? මෙහිලා ඇතැමෙක් තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදීමට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ජරාවට පත්වෙවී ඉඳගෙන, ජරාවට අයත් දෙයක් වෙනුවෙන්.... තමාත් රෝග පීඩාවලට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන, රෝග පීඩාවලට අයත් දෙයක් වෙනුවෙන්..... තමාත් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, මරණයට අයත් දෙයක් වෙනුවෙන්..... තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝකයට අයත් දෙයක් වෙනුවෙන්..... තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන, කෙලෙස්වලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා.
    (අරියපරියෙසන සූත්‍රය)


    ඔව්. මේක අයිති වෙන්නෙ ආර්ය නොවන පර්යේෂණ කියන කොටසට..

    ඉතිං මුලින්ම අපි කරන්නෙ වීඩියෝ එඩිට් කරන free software එකක් download කරගන්න එක.
    https://www.videoproc.com/video-editing-software (මම මේක use කරලා නම් නෑ. දාගෙන බලන්න)
    මේ software වලට ඉතිං courses නෑ. තනියම ඉගෙන ගන්න පුලුවන්. මේ software එකෙන් පුළුවන්ලු මෙන්න මේ දේවල් කරන්න...

    Screenshot_20230223-185744_Chrome.jpg

    Screenshot_20230223-185802_Chrome.jpg



    දැන් නිකං බලමු ඔතන තියෙන transition කියන එක මොකක්ද කියලා.

    Screenshot_20230223-185935_Chrome.jpg


    වීඩියෝ දෙකක් හෝ කීපයක් එකට එකතු කරන කොට ඒ අතරමැද දාන කොටස (වීඩියෝ දෙක එකතු වෙන කොටස) තමයි ඔතන transition කියන්නෙ. ඒ කියන්නෙ transition එකක් දාලා වීඩියෝ දෙකක් එකට එකතු කරන්න (merge කරන්න) මේකෙන් පුළුවන්.

    Install කරගෙන බලන්න. Video 2ක් අරගෙන, මැදට transition එකක් දාලා, save/export කරන්න තියෙනවා ඇති.

    දැන් නිකමට වගේ www.fiverr.com එකට ගිහින් search කරලා බලන්න transition නෙවේ, "merge video" කියලා.
    Screenshot_20230223-190129_Fiverr.jpg

    Gigs තියෙන්නෙ ටිකයි. සාමාන්‍යයෙන් orders එන බවක් පේන්න තියෙනවා.

    එතකොට දැන් ඔයා වීඩියෝ merge කරන gig එකක් දාන්න බැරි කෙනෙක්ද?
    (Join video, combine video වගේ ඒවත් search කරලා බලන්න.)

    ඉතිං එක පාරටම හෙන ගහනවා වගේ gig දාන්න එපා. මේකෙදි නම් video දේකේ frame size වෙනස් නම් join කරන විදිහ, hd/4k etc. පුලුවන්ද කියන එක වගේ දේවල්, තව දැනගන්න ඕනෙ දේවල් ගැන එහෙම හොයන්න ඕනෙ.

    * ඕක මම දැම්මෙ උදාහරණයක් විදිහට. තව විවිධ දේවල් කරන්න පුලුවන් free software තියෙනවා. (ඔයාලා දන්න එහෙම software ගැන දාන්න අනිත් අයටත් දැනගන්න)
    ඒ software වලින් කරන්න පුලුවන් දේවල් ගැන දැනගෙන ඒවා fiverr එකේ විකිණෙන විදිහ ගැන පර්යේෂණ කරන්න.


    එතකොට ආර්ය පර්යේෂණය කියන්නෙ මොකක්ද?

    පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද? සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති..... තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ..... තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ..... තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ.... තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා.
    පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම
    (අරියපරියෙසන සූත්‍රය)


    ආර්ය පර්යේෂණය ගැන දැනගන්න කැමති අය මේ දේශනාව කියවන්න.
    https://tripitaka.online/sutta/339

    එහෙනම් ජය වේවා!
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    tfs+

    hoda pc ekak tiyenwa nam video upscaling, slowmiton, high fps convert karana wada karanna gig ekak daanna puluwan.
    upscaling walata nam free software na
    slowmotion, fps convert karanna nam - https://nmkd.itch.io/flowframes
    Upscaling වලට AI model නම් ඇති සමහර විට GitHub එක පැත්තෙ. (හරියටම දන්නෑ)