යුද අපරාධ ගැන විහිළු සපයන්නට පිළිතුරු දීමේ තේරුමක් නැතැයි ද යුද්ධයේ වගකීම බාරගෙන ඕනෑම තැනකදී පිළිතුරු දීමට සූදානම් බව කියා තිබියේදීත් ඒ ගැන තේරුම්ගැනීමට රජයේ සමහරුනට නොහැකිවී ඇතැයි ද හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මීරිගම දී පැවැසීය. වේවැල්දෙණියේ මේධාලංකාර රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් බැහැදැකීමෙන් පසු ඔහු මාධ්‍ය සමග පැවැසුයේ ‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ‘ යන්න සැබෑ ලෙස අර්ථ ගැන්වීමට නම් එක් අයකු පමණක් රජවී දූෂිත පාලනයක් ගෙන යෑමට එරෙහිව කවුරුත් අත්වැල් බැඳ ගතයුතු යැයි කීවේය. ‘රට පිරිසිදු කිරීම මගේ අරමුණයි. ඒ සඳහා මේ රජය හරි චේතානාවෙන් ඉදිරිපත් වෙනවා නම් මගේ සහායත් දෙනවා. එම අරමුණ ඉටු කැර ගැනීමට කැමැති ඕනෑම සමග එක්වීමට කැමැති. ඒ රජයේ ජනාධිපති කවුද අගමැති කවුද යන්න වැදගත් නැහෑ‘.
Mokadda Yako Me Kathawe Theruma

Source : http://lankadeepa.lk/index.php/articles/44713
Mokadda Yako Me Kathawe Theruma


Source : http://lankadeepa.lk/index.php/articles/44713


