Foreign Liquor 80 Ltrs

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

    පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

    ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ විදෙස් මත්පැන් වශයෙන් හඳුන්වාදී ඇති ආනයනය කරන හෝ දේශීය වශයෙන් නිපදවන සියලුම මත්පැන් වර්ග මෙම සීමාවට අයත්වනවා.

    නව විධිවිධාන අනුව යම් පුද්ගලයෙකුට සද්භාවයෙන් යුතුව සිය පෞද්ගලික පරිභෝජනය සහ භාවිතය සඳහා විදේශ මත්පැන් ප්‍රවාහනය කිරීම සහ ඒවා ළඟ තබාගැනීමේ සීමාව ලීටර් 80 ක් දක්වා ඉහළ නැංවෙනවා.

    http://24.siyathafm.lk/විදෙස්-මත්පැ...JBYk6fkSV_npW7AgGwWrAzfnAEHJsr_3vjHFen5Rmd_DY