Forex කරන්න සල්ලි දාපු හැටි

topkollek

Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Forex කරන්න සල්ලි දාපු හැටි

    අලුතෙන් ෆොරෙක්ස් කරන්න එන අයට උදව්වක් වෙයි කියල මම ෆොරෙක්ස් වලට සල්ලි දාපු හැටි කියන්නම්.

    ඊට කලින් මේ ටික කියන්න ඕනෙ.

    2017දි මම මුලින්ම ෆොරෙක්ස් වලට ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි දාල රුපියල් ලක්ෂ දෙකක් විතර කෙලව ගත්ත. ඒක ටිකක් දරා ගන්න අමාරු සීන් එකක් උනා.:( ඊට පස්සෙ මම හිතුවෙ ලංකාවෙ ජොබ් එකක් කරල හම්බ කරන සල්ලි ෆොරෙක්ස් වලට දාල නාස්ති කරගන්නෙ නැතුව වෙන විදිහකට කරන්න. ඒ වගෙම අවුරුදු 2ක් ඩෙමෝ එකවුන්ට් වල ප්‍රැක්ටිස් කරා. 2017 දි ලොස් වෙච්ච හැටි, කරපු වැරදි තේරුම් ගත්ත.

    අලුතෙන් එන අය පුලුවන් තරම් ඉගෙනගෙන සල්ලි දාන්න.


    මම පහුගිය කාලෙ අප්වර්ක් වැඩ කරල සල්ලි ටිකක් වෙන්කරගත්ත ෆොරෙක්ස් කරන්න.

    අප්වර්ක් වලින් ස්ක්‍රිල් වලට සල්ලි දාන්න බැහැ. ඒ නිසා පෙයොනෙයර් මාස්ටර් කාඩ් එකක් ගත්ත. අප්වර්ක් සල්ලි පෙයොනියර් එකවුන්ට් එකට දැම්ම. මේකට දවසක් විතර ගියා.

    ප්යොනියර් කාඩ් එකෙන් ස්ක්‍රිල් වලට සල්ලි දැම්ම. පැය කීපයක් ඇතුලත ස්ක්‍රිල් එකවුන්ට් එකට සල්ලි වැටුන.

    ඒත් ස්ක්‍රිල් වල මේ මුදල පෙන්නන්නෙ "Non gambling only" කියල. පෙයොනියර් මාස්ටර් කාඩ් එකෙන් සල්ලි දාල ෆොරෙක්ස් කරන්න බැරිලු.:oo:

    ඊට පස්සෙ ස්ක්‍රිල් වල සල්ලි ඒකෙන්ම බිට් කොයින් වලට මාරු කරල ආපහු බිටි කොයින් ඩොලර් වලට මාරු කරා. එතකොට ගැම්බිලින් බැරිනම් ඕනෙ දෙයක් කරන්න ස්ක්‍රිල් එකෙන් ඉඩ දෙනව. (එකම වෙලාවෙ මේ වැඩේ කරන්න පුලුවන් උනත් බිට් කොයින් ඩොලර් කරන්න දවස් දෙකක් ඉඳල මිල වැඩි උනාම කරේ)

    අන්තිමට ස්ක්‍රිල් එකෙන් ෆොරෙක්ස් වලට සල්ලි දැම්මා.

     
    Feb 9, 2019
    833
    64
    0
    ඉතින් බන් upworkද මොකද්ද හුත්තෙන් bankwire transfer කරලා ඒ සල්ලි ආයෙ debit car එකකින් දැම්ම නම් හරිනේ. :nerd:
     

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    Athakota ubata kochara padu unada bn. Man kiwe owala transfer fees ahema sahenda kapenda athi be??