2014 Formula One තරග දැන් පැවැත්වෙනවා. තරඟ ගැන නම් කියන්න දෙයක් නෑ ඉතින්. නමුත් මට හිතුන අලුත් Formula One කාර් එක ගැන, ඒ කියන්නේ 2014 දී තියන වෙනස්කම් කලින් අවුරුදු වලට සාපේක්ෂව මොනවද කියල පොඩි විස්තරයක් කරන්න. මෙන්න මේවා තමයි ප්‍රධාන වෙනස්කම් 2013 තරඟ වලට සාපේක්ෂව.
* 2013 එන්ජිම 2.4 l, V8 (750HP @ 18000rpm)------>2014 එන්ජිම 1.8 l, V6 (600HP @ 15000rpm)
* 2014 Direct injection
* 2013 ගියර් 7 ක් -------->2014 ගියර් 8 ක්
* 2013 KERS (Kinetic Energy Recovering System) +80HP------>2014 ERS (Energy Recovering System) (පසුව පැහැදිලි කරමි) +160HP
මේ හැරෙන්න ගොඩක් වෙනස්කම් තියනවා. නමුත් මම වැදගත් කිහිපයක් විතරයි විස්තර කරන්නේ.
මුලින්ම බලමු එන්ජිමේ වෙනස්කම්,
2013 දී දකින්නට ලැබුණු ජව සම්පන්න V8 (පිස්ටන් 8 ක් v හැඩයට අතුරල) එන්ජිම වෙනුවට වඩා පරිසර හිතකාමී V6 එන්ජිමක් තමයි අලුත් කාර් වල තියන්නේ. ඒ වගේම උපරිම ජවය 600HP වලට පාලනය කරලා තියනවා. නමුත් Formula One තරඟ වල උද්යෝගය තියන්නේ වේගය මතයි. ඒ නිසා කලින් තිබුණු වේගයම රඳවා ගන්න ටර්බෝ චාජර් භාවිතා කරන්න ඉඩ දීල තියනවා. ටර්බෝ චාජර් ගැන ලස්සන විස්තරයක් මම එළකිරියේ දැක්ක. ටර්බෝ චාර්ජරයක් කියන්නේ මොකක්ද කියල හරියටම ඒ ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්. දල වශයෙන් කියනවා නම් එන්ජිමෙන් පිටවන දහනය වූ වායුව මගින් ටර්බයින් එකක් කරකවලා ඒ මගින් එන්ජිම වෙතට එන වාතය සම්පිදනයකට ලක් කරගෙන ඉන්ටර් කූලරයක් හරහා එන්ජිමට සැපයීම තමයි වෙන්නේ. මේ මගින් එන්ජිමේ දහන කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ඒ කියන්නේ මෙදා පාර වාහන වල ශබ්දය කනට මිහිරි ශබ්ධයක්.

ඒ වගේම 2014 ගියර් පද්දතිය ගියර් 8 කින් සමන්විත වෙනවා.
වැදගත්ම දේ තමයි මේ 2014 කාර් ගොඩක්ම Hybrid වාහන වලට සමානයි. ඒ කියන්නේ අපතේ යන ශක්තිය විදුලිය ලෙස ගබඩා කරලා අවශ්‍ය වෙලාවට බලය ලබා දෙනවා. ERS එකෙන් කරන්නේ මෙන්න මේ වැඩේ තමයි. ERS එක කොටස් 3 කට බෙදෙනවා.
ERS-K (Energy Recovering System - Kinetic)
කලින් අවුරුදු වල KERS වගේම තමයි. මේකෙන් වෙන්නේ කාර් එක බ්‍රේක් කරද්දී ඒ බලය ඩයිනමොවක් මගින් විදුලියට පරිවර්තනය කරන එක.
ERS-H (Energy Recovering System - Heat)
ඇත්තටම මෙතැනදී වෙන්නේ ටර්බෝ චාර්ජර් එකට සම්බන්ද උන ඩයිනමොවක් මගින් විදුලිය නිපදවන එක. නමුත් මෙතැනදී ටර්බෝ චාර්ජර් එකේ මුලික පරමාර්ථයට හානියක් නොවන විදියට තමයි මේ ඩයිනමොව ක්‍රියා කරන්නේ. උදාහරණයක් විදියට කාර් එක බ්‍රේක් කරනවා නම් ටර්බෝ චාර්ජර් එක කරකැවෙන එක අත්‍යවශ්‍ය නැහැ. (හොඳට අහගෙන හිටියොත් ටර්බෝ වාහනයක් බ්‍රේක් කරද්දී "hisssss" වගේ ශබ්දයක් එනවා. ඒ වෙන්නේ වැඩිපුර සම්පිදනය උන වාතය නොසල් එකකින් පිට කරන එකයි.)
Energy Storage & Controller
මෙතන තමයි අර උඩින් කියපු ඩයිනමෝ වල බලය ගබඩා කරගන්නේ. ඒ වගේම ඒවා අවශ්‍ය විදියට බෙදා හරින්නෙත් මෙතනින් තමයි. උදාහරණයක් විදියට ගමු කාර් එක බ්‍රේක් කරන වෙලාවක්.... ඒ වෙලාවට අර කලින් කියපු විදියට ඩයිනමෝ දෙකම වැඩ කරලා විදුලිය ගබඩා කරනවා. නමුත් එකපාරටම වේගේ වැඩි කරන වේලාවකදී සාමන්යෙන් ටර්බෝ චාජර් එක කරකැවෙන්න පටන්ගන්න ටික වෙලාවක් යනවා. (Turbo Lag කියන්නේ මේකට.) ඒ නිසා ඒ කාලය නැති කරගෙන විදුලිය මගින් ටර්බෝ චාර්ජර් එක කරකවනවා. ඒ කියන්නේ වැඩි ජවයක් එන්ජිමෙන් දෙනවා. මෙන්න මේ විදුලිය පාලනය කරන ආකාරය වෙනස් කරන්න රියදුරාට පුළුවන්. ඒ වගේම මේවටත් දැන් එන අලුත් වාහන වල වගේම learning curve එකක් තියනවා. (දැන් එන ගොඩක් වාහන වල මේක තියනවා. මේකෙන් වෙන්නේ රියදුරාට අනුව වාහනේ හැඩ ගැහෙන එක. ඒ කියන්නේ එක පුද්ගලයෙක් වාහනේ එලවන්නේ ගොඩක්ම වේගෙන්. තව කෙනෙක් වාහනේ එලවන්නේ තරමක් හිමින්. ඒ නිසා මේ දෙන්න වාහනේ එලවන විදිය වෙනස්. මෙන්න මේ අනුව වාහනේ throttle control, steering control, breaking වගේ දේවල් වල පුංචි පුංචි වෙනස්කම් කරනවා වාහනේ පරිඝනකයෙන්. මේවා වාහනේ එලවන්න එලවන්න සුසර වෙනවා.)
මෙච්චර තමයි ඉතින් අදට. පුළුවන් උනොත් formula one වාහන ගැන තව දාන්නම්. බම්ප් එකක් දාගෙනම යන්න.