FOSS pissonwa pannamu

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
onna mai gayan kalhara malli 7000 & 6000 gahuwa :D
menna ekata magen gift ekak :D

අපි ගාව සමහර විට හාඩ් ඩිස්ක් එකක් නැති පරිගනකයක තියෙන්න පුලුවන්,නැත්නම් හාඩ් එකට OS එකක් දාගන්න CDROM එකක් නැති වෙන්න පුලුවන්...
නැත්නම් හදිසියේ හිස් CD එකක් නැතිවෙන්නත් පුලුවන්...
ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් හොදම විසදුම තමා network එක හරහා වෙනත් පරිගනකයකින් OS එකක් boot කිරීම හෝ install කරගැනීම

අද අපි ඕනෑම බූට් ඩ්ස්ක් එකක් මේ ආකාරයට බූට් කරන හැට් බලමු...වෙනත් ලිපියකින් අනෙක් මාතෘකා සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව...

මම මේ සදහා සේවරය ලෙස භාවිතාකරන පරිගනකයේ පිහිටුවා තියෙන්නෙ Ubuntu 9.04, සෑම උබුන්ටු වෙලුමකදීම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.....වෙනත් ලිනක්ස් වෙලුම් සදහා මීට සමාන පියවර අනුගමනය කරන්න....

මුලින්ම අපිට DHCP සේවරයක් පිහිටුවාගන්න වෙනවා...මෙමගින් අනෙක් පරිගනක සම්බන්ධ වීමේදී IP Address ලබාදීම සිදුවෙන්නෙ...(මෙහිදී ඔබේ ජාලයේ අනෙකුත් DHCP සේවර ක්‍රියාවිරහිත කිරීම නුවණට හුරුයි)

apt-get install dhcp3-server

ඊට පස්සෙ /etc/dhcp3/dhcpd.conf ගොනුවට පහත පේලි ටික අදාල පරිදි එකතු කරන්න(DHCP පලමු වතාවට භාවිතාකරන්නෙක් නම් මේ ටික විතරක් දැම්මනම් හරි)..ඔබේ ජාලයට අවශ්‍ය පරිදි වෙනස් කරන්න

ddns-update-style none; subnet 192.168.1.0 netmask 255.255.255.0
{
range 192.168.1.100 192.168.1.200;
filename "pxelinux.0";
}

ඉන්පසු DHCP සේවරය ක්‍රියාත්මක කරන්න....

sudo /etc/init.d/dhcp3-server restart

දැන් අපි TFTP සේවරයක් පිහිටුවා ගන්න ඕනි...TFTP කියන්නෙ FTP වගේම protocol එකක්..නමුත් මෙහිදී authentication එකක් සිදුවන්නෙ නෑ...(ඒ කියන්නෙ Username/Password ලබා දුන්නොත් පමණක් ගොනු වලට පිවිසීමක් කරන්න පහසුකමක් නෑ)

apt-get install tftpd-hpa

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයට(නැත්නම් සාදා) මෙම ගොනු දමන්න...

1)http://archive.ubuntu.com/ubuntu/di...taller-i386/current/images/netboot/pxelinux.0 මගින් භාගත කරගත් pxelinux.0(මෙය බූට් ලෝඩරයකි)
2)http://www.sendspace.com/file/tit7gt මගින් භාගත කරගත් memdisk (කර්නලයකි)
මෙය http://syslinux.zytor.com/ ලිපිනයෙන් ද වෙනත් ගොනු ගණනාවක් සමගද භාගත හැක.
3)http://www.fdos.org/bootdisks/autogen/FDPRSZR.144.gz මෙම ගොනුව බාගත කර gunzip FDPRSZR.144.gz විධානය ලබාදී unzip කරගත් FDPRSZR.144 ගොනුව
4)මෙම ෆෝල්ඩරය තුල pxelinux.cfg ලෙස තවත් ෆෝල්ඩරයක් සදා එහි default ලෙස ගොනුවක් සාදා පහත පේලි ටික copy-paste කර save කරන්න.

DEFAULT net
PROMPT 0

LABEL net
KERNEL memdisk
APPEND initrd=FDPRSZR.144

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයේ පහත ගොනු හා ෆෝල්ඩර තිබිය යුතුය...

FDPRSZR.144 memdisk pxelinux.0 pxelinux.cfg

මෙහිදී FDPRSZR.144 ගොනුව වෙනුවට ඕනෑම disk image බාවිත කිරීමට හැකි අතර default ගෙනුවේ අදාල වෙනස්කම කරන්න.
FDPRSZR.144 යනු FreeDOS Floppy Disk Image එකයි..

දැන් අනෙක් බූට් කර යුතු පරිගනකය වෙත් ගොස් BIOS වලදී 1st boot device=Network ලබාදෙන්න.
On Board network card එකක් ඇත්නම් Network boot rom=Enable ලෙස සකසන්න.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nagaya said:
    දැන් අනෙක් බූට් කර යුතු පරිගනකය වෙත් ගොස් BIOS වලදී 1st boot device=Network ලබාදෙන්න.
    On Board network card එකක් ඇත්නම් Network boot rom=Enable ලෙස සකසන්න.
    Here is the key point. the PC should have boot from LAN capability to do all this.
    If the PC doesnt have this, the whole exercise goes down the drain.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කමාන්ඩ් ලයිනයට අත්පොත්

    නාගයා අයියාට කොන්ග්‍රෑට්ස් !! 10ක් ගහන්න ඉක්මනට ලැබේවා මෙන්න මගෙන්

    මුලින්ම කමාන්ඩ් ලයිනයේ හැසිරීමේදී දැන ගත යුටු ප්‍රධාන විධාන ගමු.. වින්ඩෝස් හී ෆෝල්ඩර් මෙහ්දී ඩිරෙක්ටරි වශෙයෙන් මතක තබා ගත්තොත් පහසුයි

    ඩිරෙක්ටරියකට යාමට CD /යාමට_ඇවැසි_තැන ලෙස යොදන්න උදා

    CD /home/gayan/desktop

    ආමග ආපසු යාමට

    CD /.. යොදන්න

    ----------
    තමන් සිටින ඩිරෙක්ටරියේ ඇති දෑ බැලීමට dir හෝ ls යොදන්න

    ls -al මගින් වඩා විස්තරාත්මකව පෙන්වයි.

    -------------

    ඩිරෙක්ටරියක් සෑදීමට mkdir භාවිත කරන්න

    උදා, ගයාන් නමින් ඩිරෙක්ටරියක් සෑදීමට

    mkdir gayan

    -------------

    යමක් කොපි කර පේස්ට් කිරීමට මෙය

    cp /(කොපි කලයුතු ගොණුව ) /(paste කලයුතු තැන )

    GUI එකට වඩා කොතරම් ඉක්මන්ද ? (ඒකඉ අපි මෙච්චර ආදරේ )

    --------------

    ගොණුවක් තැන් මාරු කිරීම

    කොපි කිරීම වගේමයි වෙනස තියෙන්නෙ ඉස්සරහට දැමීමයි

    mv /(ගොණුව ) /දැමිය යුතු තැන

    --------------
    ලිනක්ස් වල සීඩී ISO හදන්නේ කොහොමද ?

    උබුන්ටු/fedora වලනම්. කෙලින්ම සීඩී ක්‍රියේටර් එකෙන් ඉමේජ් එකක් හදා ගන්න පුලුවන්.

    නැත්නම් කමාන්ඩ් ලයින් එකෙන්

    mkisofs -o /ෆයිල් එක දාන්න ඕනෙ තැන/නම.iso/සීඩී ඩ්‍රයිව් එක

    හරිම සිම්පල් ප්ලෑන් එකක්
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    kosandpol said:
    Here is the key point. the PC should have boot from LAN capability to do all this.
    If the PC doesnt have this, the whole exercise goes down the drain.
    Actually PC or Net card ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gayan kalhara said:
    නාගයා අයියාට කොන්ග්‍රෑට්ස් !! 10ක් ගහන්න ඉක්මනට ලැබේවා මෙන්න මගෙන්

    මුලින්ම කමාන්ඩ් ලයිනයේ හැසිරීමේදී දැන ගත යුටු ප්‍රධාන විධාන ගමු.. වින්ඩෝස් හී ෆෝල්ඩර් මෙහ්දී ඩිරෙක්ටරි වශෙයෙන් මතක තබා ගත්තොත් පහසුයි

    ඩිරෙක්ටරියකට යාමට CD /යාමට_ඇවැසි_තැන ලෙස යොදන්න උදා

    CD /home/gayan/desktop

    ආමග ආපසු යාමට

    CD /.. යොදන්න

    ----------
    තමන් සිටින ඩිරෙක්ටරියේ ඇති දෑ බැලීමට dir හෝ ls යොදන්න

    ls -al මගින් වඩා විස්තරාත්මකව පෙන්වයි.

    -------------

    ඩිරෙක්ටරියක් සෑදීමට mkdir භාවිත කරන්න

    උදා, ගයාන් නමින් ඩිරෙක්ටරියක් සෑදීමට

    mkdir gayan

    -------------

    යමක් කොපි කර පේස්ට් කිරීමට මෙය

    cp /(කොපි කලයුතු ගොණුව ) /(paste කලයුතු තැන )

    GUI එකට වඩා කොතරම් ඉක්මන්ද ? (ඒකඉ අපි මෙච්චර ආදරේ )

    --------------

    ගොණුවක් තැන් මාරු කිරීම

    කොපි කිරීම වගේමයි වෙනස තියෙන්නෙ ඉස්සරහට දැමීමයි

    mv /(ගොණුව ) /දැමිය යුතු තැන

    --------------
    ලිනක්ස් වල සීඩී ISO හදන්නේ කොහොමද ?

    උබුන්ටු/fedora වලනම්. කෙලින්ම සීඩී ක්‍රියේටර් එකෙන් ඉමේජ් එකක් හදා ගන්න පුලුවන්.

    නැත්නම් කමාන්ඩ් ලයින් එකෙන්

    mkisofs -o /ෆයිල් එක දාන්න ඕනෙ තැන/නම.iso/සීඩී ඩ්‍රයිව් එක

    හරිම සිම්පල් ප්ලෑන් එකක්

    he he he.
    there's a huge difference between : mv /source_folder /destination_folder and mv /source_folder destination_folder

    How many times did you screw up a mv or rm or a chmod by mistyping a . or a / ? :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    kosandpol said:
    he he he.
    there's a huge difference between : mv /source_folder /destination_folder and mv /source_folder destination_folder

    How many times did you screw up a mv or rm or a chmod by mistyping a . or a / ? :D
    coping to root filesystem :shocked:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔව් ඔව් ඔය පිස්සොන්ව ගල් ගහලා තමා පන්නන්න ඕනි:P
    ලිනක්ස් උබුන්ටු පුහ් ජීවිතෙට අපි නං ඕවා ගනී
    වින්ඩොස් රොක්ස් ලිනකස්/උබුන්ටු සක්ස්!
    නිකං දෙන කසිකබල් foss විසික්කරපල්ලා බං ඕවා කුනුගොඩට! මගුල!:lol:
    හිකිස්;සුබපෑතුම් ගයාන්!!!!!!
    (මල පන්නවගන්න නං එපා )
     
    Last edited:

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    kosandpol said:
    he he he.
    there's a huge difference between : mv /source_folder /destination_folder and mv /source_folder destination_folder

    How many times did you screw up a mv or rm or a chmod by mistyping a . or a / ? :D
    oops :D :P i didn't meant dat :P :D