කැනඩාවේ වැන්කුවර් නගරයේ පිහිටි ශාන්ත පාවුලු රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගියදා අපූරු අත්දැකීමකට මුහුණ දුන්හ. ඒ සැත්කමකට ලක් කළ රෝගියෙකුගේ සිරුරෙන් රතු පැහැති රුධිරය වෙනුවට කොළ පැහැති රුධිරය ගලනු දැකීමෙනි.
අන්තර්ජාල පුවත් අඩවිවල මෙම රෝගියාගේ නම සඳහන් නොවේ. නමුත් ඔහු අසාමාන්‍ය රෝගයකට ගොදුරු වී සිටියේය. ඒ, හිඳගෙන සිටියදී නින්දට වැටී ඔහුගේ දෙපාවල පීඩනය ඉහළ ගොස් දෙපා අක්‍රිය තත්ත්වයට පත් වීමෙනි. මෙම තත්ත්වය සමනය කරන්නට ශල්‍ය වෛද්‍යවරුන් සිදුකළ ශල්‍යකර්මයේදී රෝගියාගේ සිරුරෙන් ගලන්නට පටන් ගෙන ඇත්තේ කලු පැහැයට හුරු කොළ පැහැති රුධිරයයි.ප්‍රධාන ශෛල්‍ය වෛද්‍ය ඇලානා ෆ්ලෙක්ස්මන් ඇතුලු වෛද්‍ය කණ්ඩායම ක්ලාන්ත වී ඇද නොවැටුණේ මනඃකල්පිත විද්‍යා ප්‍රබන්ධ හරහා ‘ස්ටාර්ට්‍රෙක්’ වැනි රූපවාහිනි කතා මාලා එකක් හෝ නරඹා තිබූ බැවින් ය. කොළ පැහැති රුධිරය සහිත ‘මිස්ටර් ස්පොක්’ එහිදී හමුවන චරිතයකි. මෙම රුධිරය එම කතාවල හඳුන්වා දී ඇත්තේ ‘වල්කන්’ රුධිරය ලෙසයි.
කැනේඩියානු ජාතිකයාගේ අද්භූත තත්ත්වයට හේතු වූයේ නම් එබඳු පිටසක්වල ජීවි බලපෑමක් නොවේ. දිගු කලක සිට සිය ඉරුවාරදය සඳහා දිනකට මිලිග්‍රෑම් 200ක් පමණ වූ අධි මාත්‍රාවක් සහිත ‘සුවට්‍රිප්ටාන්’ නැමැති ඖෂධය දිගු කලක් තිස්සේ ලබා ගැනීමයි. එහිදී සිදු වී ඇත්තේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහක සංයෝගය වන හිමොග්ලොබින් සමග සල්ෆර් (ගෙන්දගම්) මූල ද්‍රව්‍ය මිශ්‍ර වීමයි. ‘සල්ෆමොග්ලොනමියා’ (sulfhaemoglobinaemai ) ලෙස හැඳින්වෙන මෙම රෝගි තත්ත්වය ‘සුවට්‍රිප්ටාන්’ ඖෂධය ලබා ගැනීම අත්හිටුවා සති දාහතරක කාලයක් තුළ දී යළිත් සාමාන්‍ය තත්ත්වයට හැරුණ බව කැනේඩියානු වෛද්‍ය ආරංචි මාර්ග කියයි.
රුක්ලන්ති පෙරේරා (Lakbima)
Source : http://www.udayata.com/?p=4091