Free Download කරලත් හමාරද?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Free Download කරලත් හමාරද?

Megaupload යනුවෙන් හැදින්වෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවිය ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයක් මත අත්හිටුවා තිබෙනවා.

මෙම වෙබ් අඩවිය විශාල ෆයිල්ස් හුවමාරු කර ගැනීමේ ලොව ඇති ජනප්‍රියම වෙබ් අඩවියක් වන අතර ඇලෙක්සා රෑන්ක් අනුවද ලොව ජනප්‍රියම වෙබ් අඩවි 100 අතර පවතිනවා. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Schmitz මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අත‍ර තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හොංකොංහි P.O. Box 28410,Gloucester Road Post Office,Wan Chai නමැති ලිපිනයට ලියාපදිංචි මෙම Megaupload වෙබ් අඩවිය සතු මිලියන ගණනක දේපලද අත්හිටුවා තිබෙනවා. එසේම Megaupload වෙබ් අඩවිය මෙන් විශාල ෆයිල්ස් නොමිලේ හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා ඇති Rapidshare, Hotfiles, Mediafire ආදී වෙබ් අඩවිද තහනම් වීමට ඉඩ තිබෙනවා.



Megaupload හී හිමිකරු
කෙසේ වෙතත් මේ අතර ඇමරිකානු රජය විසින් SOPA හා PIPA යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම්වෙන අතර එම නීති සම්මත වුනහොත් අන්තර්ජාලය තුලින් නොමිලේ ෆිල්ම්ස්,ගීත ආදිය ඩවුන්ලෝඩ් කිරීමට බාදා පැමිණෙන බව ගොසිප්9 මිට පෙර "ප්‍රකාශන හිමිකම් පනතට විරෝධය පා විකිපීඩියා වර්ජනයේ" යනුවෙන් ලිපියක් පළකරමින් ඔබට දැනුම්දුන්නා.

මේ අතර නවතම වාර්තාවන්ට අනුව මේ වනවිට FBI ආයතනයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ප්‍රහාර හමුවේ අඩපනවී තිබෙනවා. FBI වෙබ් අඩවියට අමතරව ඇමරිකානු රජය සතු වෙබ් අඩවි තවත් වෙබ් අඩවිවලටද හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර මේ ප්‍රහාර එල්ල වන්නේ Megaupload වෙබ් අඩවිය තහනම් කිරීම හා ඇමරිකානු කොන්ග්‍රසය ගෙන ඒමට නියමිත නව නීති කෙටුම්පත් වලට විරෝධය පෑමක් ලෙසට බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම නීති කෙටුම්පත් වලට වෙබ් අඩවි දහස් ගණනක් සිය විරෝධය දක්වා තිබෙන අතර මෙම
සබැදියෙන් ඔබට එම වෙබ් අඩවි ලැයිස්තුව බලාගත හැකියි.

meya gossip9 web adaviyen uputagath lipiyaki



 
Last edited: