මෙම නිපැයුම Dialog දුරකතන ජාලය හා සම්බන්ධ කර ඇති අතර ඩයලොග් සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙකුට MMS පහසුකම ඇති ඕනෑම ජංගම දුරකතනයකින් මෙම නිපැයුම අත් විඳිය හැකිය.
ඒ සඳහා #444# අමතා ලැබෙන මෙනුවෙන් AroundU යන්න තේරිය යුතුය. එවිට AroundU මෙනු එක ලැබේ.
එහි සේවාවන් දෙකක් සඳහන් වේ.
පළමු සේවාව තමාට මැප් එක ලබා ගැනීමට භාවිතා කළ හැකිය. දෙවන සේවාව තමා අවට මැප් එක වෙනත් යහළුවෙකුට යැවීමට භාවිතා කළ හැකිය.
වැඩි විස්තර අවශ්‍ය නම් මෙම ලිනක් එකෙන් ලබා ගත හැකිය.
facebook.com/aroundusrilanka
මොරටුව විශ්ව විද්‍යාලයේ 2011 දී පැවැත්වුනු MIT AITI Mobile Incubation Program නම් වැඩ සටහනකදී මෙම විසඳුම නිපදවීම ආරම්භ කෙරුනු අතර මෙම සිසුන් පිරිසගේ දැඩි කැපවීම හා Dialog දුරකතන ජාලයේ සහයෝගය නිසා අද වන විට මෙම නිපැයුම ශ්‍රී ලාංකික ජනතාවට භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.
මෙම විසඳුම ශ්‍රී ලාංකික ඔබ සැම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනු ඇතැයි මෙම සිසුන් පිරිස බලාපෙරොත්තු වේ.
මෙම නිපැයුම මූලික අදියරේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී මෙම සේවය පුළුල් කිරීමට මෙම සිසුන් පිරිස Extrogene නමින් සමාගමක්ද ලියාපදිංචි කර සූදානමින් සිටී.
ලිපියේ සහ පින්තූරයේ අයිතිය - ගන්න දේශීය දේ
Wadagath una nam salakala yanna harida!
Apith aapita salakanawa


