මං මේ කියන්නේ direct clients ල එක්ක වැඩ කරන ෆ්රීලාංසින් ගැන.
උඹලා තමන්ව මාර්කර්ට් කර ගන්නේ කොහොමද බන්? ඒ කියන්නේ කම්පානි එකක් විදියට රිප්‍රසන්ට් කරනවද නැත්නම් තමන්ගේ නම මාර්කට් කරනවද?
උඹල දැකපු තමන්ව මාර්කට් කර ගන්න හොඳ ෆ්රීලාංසර් පොරවල් ටිකකගේ වෙබ්සයිට් මතක නම් කොටාගෙන යන්න.
ලංකාවේ වෙන්න ඕන නැහැ.
දැන් ස්කුවී කාරයටත් ග්‍රැපික් දෙයියා කියල සයිට් එකක් තියෙනවනේ.
https://www.graphicsgods.com/
මට හිතෙන්නේ කම්පැනි එකක නමකින් ඉන්නවට වඩා තමන්ව මාර්කර්ට් කර ගන්න එක හොඳයි කියලා.
දැන් ඔය යුටියුබ් කරන උනුත් ගොඩක්ම කරන්නේ තමන් මාර්කට් කර ගැනිල්ල නේ.
උඹලට මොකද හිතෙන්නේ, කම්පැනි නමකින් ඉන්නවට වඩා තමන්ව පෙන්නලා ඉන්න එකෙන් ක්ලයන්ට්ල සෙට් වෙනවා වැඩිද?



