FreeSat Full Information

Al Baik

Well-known member
  • Jan 5, 2011
    12,354
    9,661
    113
    Ohio, USA
    1612238972580-png.111647



    Freesat ගැන හරියට දැනගනිමු
    Freesat කියන්නේ මොකක්ද?
    Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබා දෙන Television Network එකක්.
    මේක ඇත්තටම free ද?
    ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙස Free TV සාර්ථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)
    මේකේ මොන channels ද තියෙන්නේ?
    Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
    Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද?
    කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
    Receive කරන්න kit එකක් ගන්න වෙයිද?
    ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ළඟදීම ලබා ගැනීමට හැකි වේවි.
    Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද ?
    මෙය සවි කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
    මේක දැනට අපි ළඟ තියෙන Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද?
    Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශ සීමාවෙන් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි.
    මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද?
    ඔබගේ අවශ්‍යතාවය දේශීය නාලිකා සියල්ල සහ මෙමගින් නොමිලේ ලබාදෙන විදෙස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතයි.
    Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද?
    ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහොම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි.
    තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.
    මට අලෙවි නියෝජිතයෙක් හෝ Installer කෙනෙක් වෙන්න පුලුවන්ද?
    Freesat මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් සේවා ආවරණ කලාප 160ක් සඳහා නියෝජිතයින් පත් කිරීමට ඉල්ලුම් පත් කැඳවා තියෙනවා. ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වන්නෙක් නම්, Satellite TV, CCTV වැනි distribution / installation කර පළපුරුද්දක් ඇත්නම්, https://freesat.lk/apply/ හරහා අදම ඉල්ලුම් කරන්න.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    550
    93
    koheda thiyenne
    lankawe channels walata amatharawa monawada free labenne
    equipment walata cost eka keeyak yanawada?

    mama me prashna tika ahanne meka gana wena kattiya fb eke dala thibba comment asuren...
    e comment athare thibba dish tv lanka kiyala kattiyak lankawe aduma gasthu kiyala connection deela anthimata yanna giyalu.
    resellers/dealers la set eka hira wunalu mudal ganudenu waladi.. unta paduth wela& customers la unta blame eka daala karadara kara lu..

    eka nisa danna kenek innawa nam indetail wisthara danna..
    ehema nathuwa nikan marketting promotion meke athule karanna epa

    minissu mewata asawela salli yata karata passe operate karana un company wahala giyama minissu amaruwe watenawa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    112,237
    2
    109,907
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරුම ඩයලොග් එකේ දැන් වත් ඇස් ඇරේද කියලා බලමු හරි හමන් Service එකක් දෙන්න
    ඩයලොග් ටීවි, පියෝටීවි උනත් වැඩියෙන් බලන්නෙ සිංහල චැනල්ස් නිසා ඔකූන්ගෙ බිස්නස් අඩු වෙන හින්ද බාල්දි පෙරලන්ඩ ඉඩ තියෙනව.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,500
    25,678
    113
    එතකොට මේකෙන් ඔවුන්ට ලාභ ලැබෙන්නෙ කොහොමද? අනේ හොඳ ඉන්ටර්නෙට් සේර්විස් එකකුත් ආවනම් මේ වගේ
     
    • Like
    Reactions: rukmalranaweera

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,573
    3,307
    113
    නෙලුම් කුලුනෙන් රටටම connection දෙනවා කිව්ව එකේ කොටසක් ද 😅
     
    • Haha
    Reactions: Mandalorian

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,333
    1
    94,555
    113
    32
    Kalutara
    නෙලුම් කුලුනෙන් රටටම connection දෙනවා කිව්ව එකේ කොටසක් ද 😅
    බලපන් ඉතින් කුලුනක් හදාගෙන හදපු එකාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.