ජාතික ඉන්ධන බලපත්‍රය(QR) මගින් ඉන්ධන නිකුත් කිරිමේ නියමු ව්‍යාපෘතියක් මාතර හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම් හලේදි සිදු කළ අවස්ථාවේ ලැබී ඇති අත්දැකීම සම්බන්ධ සටහනක් මේ සමග පළවේ. හෙට 26 සිට ඉන්ධන ලබාගන්නට යාමේදී මෙම ක්‍රමය ගැන පහත කරුණු කෙරේ අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය.
මෙම ස්ථානයට පැමිණි පිරිස් QR කේතය තම ජංගම දුරකථනයේ තබා ගනිමින් , මුද්‍රණය කොට තබා ගනිමින් හා තම වාහනයේ සවි කරගනිමින් යන අවස්ථා තුන වැඩි වශයෙන් භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනිමට පැමිණි අතර එහිදි ඉන්ධන පිරවුම් හලේ සිටිනා සේවක මහත්වරුන් අත ඇති ජංගම දුරකථනයේ පවතින ජංගම දුරකථන යෙදවුමක්(app) ඔස්සේ එම QR කෝඩය කියවිම සිදු කරනු ලබයි.
එහිදි ඉහත සඳහන් කල ක්‍රම තුනෙන් ඉතා අඩු කාලයකින් එම ක්‍රියාවලිය සිදු කර ගැනිමට හැකි වුයේ පහත රූපයේ දැක්වෙන පරිදි යතුරු පැදියේ QR කෝඩය සවි කර ගෙන පැමිණි යතුරු පැදියට වන අතර අනෙක් ක්‍රම දෙක හරහා විවිධ දුෂ්කරතා මුහුණ දිමට සිදු වනු දක්නට ලැබිණි.
ජංගම දුරකථන වල පැවති QR කෝඩ් වල මා දුටු දුර්වලතාවය
---------
ඇතැම් පිරිස් සිය ජංගම දුරකථනය ඉන්ධන ලබා ගන්නා පොම්පය ලගටම පැමිණ සාක්කුවෙන් රැගෙන අන්ලොක් කර තම ජංගම දුරකථනයේ පවතින QR කෝඩය සොයා සේවක මහතුන්ට ඉදිරිපත් කරන ලදි .එයට සැලකිය යුතු කාලයක් ගතවිය
(විසදුම ලෙස පෙර සුදානමක් ඇතිව පැමිණිය යුතු බව මාගේ මතය වේ)
ඇතැම් පිරිස් සිය ජංගම දුරකථන අතේ රදවා ගෙන QR කෝඩය ස්ක්‍රිනයට රැගෙන විත් සේවක මහත්වරුන්ට ඉදිරිපත් කල අතර ඇතැම් අවස්ථා වල ස්ක්‍රීන් එක ලොක් විය.
(විසදුම ලෙස දුරකථනයේ ස්ක්‍රින් ලොක් නොවන අකාරයෙන් පොම්පය අසලට රැගෙන ඒම කල යුතු බව)
ඇතැම් අවස්ථා වල ජංගම දුරකථන වල ස්ක්‍රීනයේ එලිය අඩුවිම හේතුවෙන් අපහසුතා වලට ලක්විය.
(විසදුම ලෙස ස්ක්‍රීනයේ එලිය වැඩිකර ගෙන පැමිණිම යුතු බව)
ඇතැම් අවස්ථා වල තම ජංගම දුරකථනයේ QR කෝඩය ස්කැන් කිරිමට අල්ලාගෙන සිටින විට ඉන්ධන ලබා ගැනිමට පැමිණි පුද්ගලයින් ඒ පිලිබද අවධානය යොමු නොකිරිමෙන් දුරකථනය එහාට මෙහෙට සෙලවිම මගින් නිසි පරිදි QR කෝඩය ස්කැන් කිරිමට නොහැකි විම
(විසදුම ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැනේ)
QR කේතය මුද්‍රණය කරගෙන පැමිණි අවස්ථා වලදි දුටු දුර්වලතා
--------------
ඉහත පරිදිම මුද්‍රණය කල කොලය සාක්කුවෙන් හෝ පසුම්බියෙන් එලියට ගත්තේ ඉන්ධන ලබා ගන්නා පොම්පය අසලට ඇවිත්
(විසදුම ලෙස පෙර සුදානමක් ඇතිව පැමිණිය යුතුයි)
ඇතැම් QR කොඩ් මුද්‍රිත කොල ලැමිනේටින් නොකර රැගෙන එනු දක්නට ලැබුනා.එවිට කෝඩය පවතින ප්‍රදේශයේ කොලය ඉරි තිබුනොත් එය ස්කැන් කිරිමට අපහසු වෙනවා
(විසදුම QR කොඩය කුඩා කොලයක මුද්‍රණය කොට ලැමිනේටින් කර තබා ගැනිම )
වාහනයේ සවි කල QR කෝඩයේ පහසුව
----------------
පොම්පය ලගට එනකෙට QR කෝඩ් එක පෙන පරිදි සවි කරගත්තම ඉහත සඳහන් කල අපහසුතා වලට මුහුණ දෙන්න වුනේ නැ.ආපු ගමන් ස්කැන් කරා තෙල් ටික ගැහුවා.
අනිත් ප්‍රධාන කාරනය තමයි ඉන්ධන ලබා ගන්නා පොම්පය ලග තම වාහන රැගෙන විත් හිර කර ගත්තමත් ඉන්ධන ලබා ගන්න ලොකු කාලයක් වැය වෙනවා.
මා දුටු ඉහත අඩුපාඩු ටික ඉන්ධන ලබා ගන්නට පැමිණෙන අය අවධානය යොමු කොට පැමිණෙනවා නම් මෙම QR ක්‍රමය ඉතාම පහසු හා විධිමත් ක්‍රමයකි.
(ෆේස් බුක් සටහනකි