Full body checkup ekak karaganna thanak in colombo

kingdon

Junior member
  • Nov 20, 2024
    98
    75
    18
    Colombo
    Machanla aurudu dehekata withara kalin man test tikak baladdi liver eka poddak case thibba (sgpt,sgot,ggt) tika high samahara ewa double. Eh kalema konde amaruwakata ultra sound scan ekak karaddith kiwwa fatty liver kiyala. Ita amatharawa bade kakkum, heart pains ehemath idala hitala enawa gastric wennath athi. Eth kokatath okkoma check karaganna kiyala baluwe. Aduwata wade karaganna thanak kiyannako colombo awata.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,275
    2,731
    113
    Durdans, Lanka hospital තියෙනවා. Google Karapan. Thiyena packages and karana ටෙස්ට් ටික තියෙනවා. ලොකු ගාණක් බැරි නම් basic test (liver, kidney, heart and sugar) ටික වෙනම කර ගත්තත් අවුලක් නෑ…
     
    • Like
    Reactions: kingdon

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,530
    113
    ඕකුන් බොරුත් දානවා..ඒක නිසා තැන් දෙකකින්වත් කරගන්න වෙයි.නිතරම විශ්වාසවන්ත ෆැමලි ඩොක්ට කෙනෙක් තියාගන්න.ඵතකොට ඵයාගෙන් හරි අහන්න පුළුවන් රිපෝර්ට් පෙන්නලා..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්.



    INVESTIGATIONS

    • Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි
    • TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • HbA1c - අත්‍යාවශ්‍යයි
    • Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    LIPID PROFILE

    • Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
    • HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
    • Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
    • Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි
    LIVER PROFILE

    • SGPT / GGT - අත්‍යාවශ්‍යයි
    • Alkaline phosphate - අත්‍යාවශ්‍යයි
    • Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Bilirubin -අත්‍යාවශ්‍යයි
    RENAL PROFILE

    • Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි
    • Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    SERVICES

    • ECG - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • ECHO by Cardiologist - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

    එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන.

    ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ

    Glucose Test, Liver Test & Lipid Profile.

    හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා..
    Meme Reaction GIF by Robert E Blackmon