Full Tank ගහන එක හොදයිද ?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා..
    අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.
    පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
    මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
    පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

    2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

    3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

    ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
    හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..

    මෙම ලිපියෙන් මොනයම් දෙයක් හරි අලුතින් ඉගෙනගත්තා නම්.. ලිපිය හොදයි නම් share කරලා අනිත් යාලුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.
    Not true.
     
    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    2/3.මේක scientific ඇත්ත ,
    නමුත් practical මේ ගණන් කළ නොහැකි තරම් කුඩායි (ton 1000,2000 නම් )

    4.75% හරි ,

    දැන් අලුත් machin වල ඕව ෆිල්ට ර් වෙලා එන්නේ

    01-බොරු -- මන් දන්න තරමට sensor එක තියෙන්නේ hand එක ලග .
    අනික ඔය machin වලට iso standards වගේ certification ගන්ට ඕනි ,ඔහොම බුල් තියනවනම් ඒවා දෙන්නේ නැ
    ------ Post added on Oct 8, 2024 at 11:48 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    good and easy read :love:

    japan wala over head pipes tiyennet oka adu karanna tama. ekak eka easy anika wastage adui
     
    • Like
    Reactions: caltonhp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    මේ මැකනිසම් එක තියෙන්නේ පොම්පෙ නොසල් එකේ කටේ පෙට්‍රල් ලෙවල් එක ගෑවුන ගමන්ම පොම්පෙ කට් වෙන්න. මේ වෙලාවෙ බටේ ඇතුලෙ ඉතුරුවෙලා තියෙන පෙට්‍රල් ටිකට මීටරේ කැරකිලා තමයි තියෙන්නේ. හැබැයි අපි පෙට්‍රල් ගහන්න ගන්නකොට කලින් එකා ගහපු ටික බටේ ඇතුලෙ තියෙනවනෙ. ඒ නිසා පාඩුවක් වෙන්න විදියක් නෑනේ

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.
    ගූගල් සර්ච් පාරක් දාල බැලුවා, පෙට්‍රල් ලීටරේකට මිලි ලීටර් 1.2ක් පරිමාව වැඩි වෙනවලු සෙල්සියස් අංශක එකක උෂ්ණත්ව වෙනසක් වෙනකොට. උදේ 25ට තිබ්බ එක දවල් වෙද්දි 30 උනොත් තේ හැන්දක් විතර වැඩිවෙලා පරිමාව. නොසැලකිය හැකි තරම් කුඩායි.

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..
    එක පාර ඉක්මනට ෆුල් ටෑංක් කරගත්තම තියෙන ආර්ථික වාසිය ඔය වාෂ්ප වෙලා යනවයි කියන චුට්ටට වඩා ගොඩක් වැඩියි මං හිතන්නේ

    ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
    හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..
    ෆිල්ටර් කීයක් හරහ ගිහින්ද බං ඇන්ජිමට යන්නේ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    myth

    • Like
    Reactions: caltonhp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    එෆ්බී එකේ ටිපිකල් සිංහලු අන්දන්න හදපු බොරු පොස්ට් එකක්නේ මේක. හෑල්ල පටන් ගන්න තැනින්ම ඒක තේරෙනවා.
     
    • Haha
    Reactions: caltonhp

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Simply F=ma
    මම දන්නෙ එච්චරයි.තෙල් වල බර වැඩිවෙනකොට එන්ජින් එකට වැඩිබලයක් දරන්න වෙනවා ඒ ටික උස්සන් යන්න එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා..
     
    • Like
    Reactions: caltonhp and Hapuwa

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඇයි බන් මේ වගේ හෙනම අතාත්වික රෙද්දවල් සමාජගත කරන්නේ? මේවා බලන්නෙ අපේ වැඩිහිටි පරම්පරාව තමයි. චූටියුබ් එක ඔබල උදේ ඉදන් රෑ වෙනකල් බලන උන්දලා තම දැන් කාලේ මේ වගේ ඒවාට අහුවෙන්නේ .
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..

    uba oya tika gatte chatGPT ekenda?

    nattam petrol gahana pompe sucker ekak hatiyata wadakaranawada?
     
    • Haha
    Reactions: caltonhp

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,138
    113
    Simply F=ma
    මම දන්නෙ එච්චරයි.තෙල් වල බර වැඩිවෙනකොට එන්ජින් එකට වැඩිබලයක් දරන්න වෙනවා ඒ ටික උස්සන් යන්න එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා..
    Meka nam hari, wagon R wage weight eka adu karala hadapu ewa ge efficiency eka adu wenawa note wela thiyenawa
     
    • Like
    Reactions: caltonhp

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හැබයි ෆුල් ටෑන්ක් කරලතියාගන්න එකේ වාසියක් තියනවා ,හදිස්සිය රැක කරදරයක් උනවෙලාවට වාහනේ බය නැතුව යන්න පුළුවන් ඉන්දන ගැටළුවක් නොවන නිසා .
    පහුවදා එලි වෙනකොට ලංකාව වගේ රටක ඉන්දන නැති වෙලා තියන්නත් පුළුවන්
    එක නිසා විද්‍යාත්මක පැත්තෙන් නැතුව ඒ පැත්තෙන් බැලුවාම වාසියක් තියනවා
     
    • Like
    Reactions: caltonhp