FUTA කතා වස්තුව කෙසේ ද යත් ..........
මේක FB එකෙන් ගත්තේ,

තවද එක් සමයෙක, ලදිව නම් දිවයිනෙහි සාටක දාරී නරපතියෙකු රාජ්‍ය විචරත්දී එපුර වැසි දිළින්දෝද නොදිළින්දෝද පූරුවේ පටන් වූ සිරිත කරන කොට ගත්තාහු, මහත් වූ විර්ය කොට අධිෂ්ඨාන උපදවා සකලවිධ දුක් විඳ, රක්ෂාකොට තම නේත්‍රස්මාන දරුකැල වැඩි දුර ශිල්ප ඉගෙනුමට සිව්දෙස වූ මහා තක්සලා වෙත පිටකර යැවූහ.
එදවස පටන් සුළු කලකට පසු තක්සලාවැසි මහැදුරෝද, කුඩැදුරෝද රජුගෙන් ශිල්ප වැඩුමට ලැබෙන, තමනට ලැබෙන තත්වය, පඩුරු නොසෑහේයැයි සිතා, මේ නම් අපම කඹුරා රජ කරවූවෙක් නොවීදැයි තැවී වාඩුව ගැනීමට ඉටාගෙන සිප්දීම වැරූහ. ප්‍රයෝගයෙහි කෙළපැමිණි නරපති තෙම කෑදර වූ අචාරීන් රවටා තම පසට ගෙන, පොරොන්දු ප්‍රයෝගයෙන් මුළාකොට එක් වරක්, දෙවරක් නොව සිව වරක්ම අචාරීන්ට සරදම් කළ කල්හි අසරණවූ අචාරීහු මොවුන් නම් සටනට උපන්නෝම නොවේදැයි සිතා, සිසුන් රැස්කොට තක්සලාවන් දිළිඳුබවද, මෙතෙම සාලිස් වසක්ද, මෙතෙම එකුන් විසි වසක්ද, මෙතෙම මෙපමණ වසක්ද තක්සලාවට කැඹුරූ පසුත් ලබෙනුයේ ගුරු පඩුරු ලෙස සොච්චමකැයි විස්සෝප කොට, අපට පඩුරු මෙපමණකින්ද, තොපට ඉගෙනුමට මෙපුර ධනයෙන් සියයකින් සයක්ද ගෙන දෙන්නෙමැයි කියා අපහා එක්ව සටනට එන ලෙසඅයාචනා කළහ.
එපුර වැසි සිසුහුද “අහෝ මේ අප ගුරුදේවයන් නොවන්නේද, ගුරු පඩුරු මදි නොවේද, සියයට සයක් දුන් කල්හි අපට නැතද, මතුපරපුරට හෝසහනයක් නොවන්නේදෑයි සිතා, රාජපුරුෂයන්™ විසින් පිටිතල හයා බැඳ තලා™ කපා™ වදදී™ රියසකට යට කළ™ බවට වන් ආරන්චිමාත්රයන්ගෙනුද නොසැලී ගුරුන් හා එක්ව සටනට වම්හ. ඇදුරෝද සිසු සවියෙන් මත්ව සියයට සයක් සලකුණු කළාවූ සියගණනක් කොඩි සේසත් චාමර රැගෙන ගලුපුර සිට අගනුවර දක්වා මහ පෙරහරකින් යාමට පාරට වම්හ. ඒ පසුපස වන් සිසුනද අව් රැසි මහවැසි මත්තෙහි නොතැවී, රාජපුරුෂයන්ගේ කුළුපොලු මැද නොසැලී, අදුරන් එක්යොදුනක් පාගමනින්ද සිව්යොදුනක් අස් රියෙන්ද සැපසේ යනු දැක නොකිපී දස යොදුනක් පයින්ද, දසයොදුනක් දනින්ද, අවසන් දසයොදුන උදරගාමින්ද මහත් වීර්ය උපදවා පැමිණ මහත් ඝෝෂාකොට අගනුවරම කලඹවා සැඟුම් පිටියට වැද රල නැංවූහ.
ඉන් අල්ප දිනකට පසු කැලඹුණ සිත් ඇති නරපති තෙම ශිල්පසල් භාරව සිරි කැණහිල් ඇමති තෙමනොතකා, සිය මලනුවන් වූ බලැති අමාත්‍යයෙකු කැඳවා අචාරීන් සන් කොට මුන් ගැන බලනුවයි කිවූහ. “මෙපුරවැසියෝ උපතින්ම මසුරන්ප්රියකරන්නහුය, තම සැපත පමනක් තකන්නෝ බොහෝය, කහවණු ප්‍රයෝගයකින් මුන් දිනම්හ යැයි” සිතාගත් නරපති මලණුවෝ ආචාරීන් රැස්කොට “සියයකින් සයක් නම් නොහැක්කේය, ගුරුපඩුරු නම් හෑක්කේය” යයි පැවසූ කල්හි එ උගත් අචාරීහුද “ගුරුපඩුරුනම් අපටමය, සියයට සයනම් උන්ටමය, ගුරුපඩුරු මහත් ලැබේනම් ගුණැති තක්සලාවකින් අපට ඇති ඵලය කිම, අප දරුවන්ටද පරසක්වල හෝ යවා අමාත්යන් කරන්නා හාම ඉගැන්විය හැකැ, අපට ඇවැසි දේ ලැබුණි, දැන් මේ පැඟිරන්ගෙන් අපට පලක් නැත” යි සිතා සියයට සය අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කොට සිසුනට පශ්චාත් භාගය පෙන්වාලූහුය.
මෙයින් තැළුනාවූ සිත් ඇති සිසුන් මෙතුවක් කල් අප සින්හයන්ට සේ ගරුකොට වන්දනා කොට සැලකූයී තවත් කැණහිල් රැලකට නොවීදැයි කම්පාවී තමනටම තලාගැනීමට මඩුවලිග සොයමින් සකල දෙස සරන්නාහුය.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
Share කර යාලුවන්ටත් කියවන්න සලස්වමු.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
[විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ධම්මික කරුණාරත්න සොයුරා මූනුපොතේ තබන ලද සටහනකි.]

Last edited: