Gahagene...

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    දඹුල්ල - කේ.කේ. ආරියදාස

    චීන ජාතික මඟ පෙන්වන්නන්ගෙන් ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා බේරා දෙන්නැයි සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෝ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.

    චීන ජාතික අනවසර සංචාරක මඟ පෙන්වන්නන් සහ සීගිරියේ සේවය කරන සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ලත් සංචාරක මඟ පෙන්වන්නන් අතර නිතර නිතර ඇති වන ගැටුම් හේතුවෙන් බරපතළ සිද්ධීන් වාර්තා වන බවත් මෙය වඩා උත්සන්න වීම මේ දිනවල සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති.

    එහි ආසන්නම සිදුවීම පෙරේදා (09දා) පස්වරුවේ චීන ජාතික සංචාරක මඟ පෙන්වන්නකුගේ පහරදීමකට ලක්ව සීගිරිය සංචාරක මඟ පෙන්වන්නගේ සංගමයේ සාමාජිකයකු තුවාල ලබා සීගිරිය රෝහලට ඇතුළත් කර තිබීම බව ඔවුහු කියති.

    මෙසේ චීන ජාතිකයකුගේ පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ සීගිරියේ පදිංචි සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයකු වන හෂාන් දිල්රුක් (28) නමැති තරුණයෙකි.

    සීගිරිය සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයන් කියා සිටියේ දිගින් දිගටම කිසිදු අවසරයකින් හෝ බලපත්‍රයකින් තොරව චීන ජාතිකයන් මෙරටට පැමිණ සංචාරක මඟ පෙන්වන්නන් ලෙස ක්‍රියා කිරීම සහ විවිධ විදේශිකයන් රැගෙන එන රියැදුරන් සහ සහායකයන් රු. 50ක ඇතුළත් වීමේ ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටීම නිසා තම රැකියාවට බරපතළ ප්‍රශ්න ඇතිවී තිබෙන බවයි.

    සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම පළාත් සභාව ආදී රාජ්‍ය ආයතනවල පුහුණුව ලබා මුදල් ගෙවා සංචාරක මඟ පෙන්වන්නන් ලෙස ක්‍රියාකරන නීත්‍යනුකූල පිරිසට මෙම හේතුව නිසා බරපතළ ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ඔවුහු චෝදනා කරති.

    ඔවුන්ට සිදුව ඇත්තේ සීගිරිය ආසන්නයේ වාහන නැවතුම්පළ ඉදිකොට ඇති සංචාරක මඟ පෙන්වන්නන්ගේ කුටියට වී වාඩිවී සිටීමට බවත් මෙරටට සංචාරක වීසා මත පැමිණ සිටින බොහෝ චීන ජාතිකයන් මෙන්ම විවිධ කර්මාන්ත ඉදිකිරීම් සඳහා පැමිණ සිටින චීන ජාතිකයන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටිමින් විශාල මුදලක් උපයාගෙන නැවතත් මෙරටට ලැබෙන මුදල් චීනයට රැගෙන යෑමේ ක්‍රියාවලියක් සිදුවන බවට ඔවුහු චෝදනා කරති.

    ගුවන්තොටුපළේ සිටම මේ ක්‍රියාවලිය රට පුරා සිදුවෙන බවත් සංචාරක අමාත්‍යාංශයේ මේ පිළිබඳ මෙතෙක් අවධානය යොමු වී නැති බවත් ඔවුහු පෙන්වා දෙති.

    චීන ජාතිකයකුගෙන් පහරකෑමට ලක්වූ සීගිරිය සංචාරක මඟ පෙන්වන්නකු වූ දිල්රුක් මහතා කියා සිටියේ තමන් චීන ජාතිකයන්ට මඟ පෙන්වීම සඳහා කතා කළ අවස්ථාවේදී එක වරම තමන් වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මෙම ව්‍යාපාරය සිදු කරන බව පවසමින් චීන ජාතික අනවසර සංචාරක මඟපෙන්වන්නා තමන්ට පහර දුන් බවයි.ඔහුගෙන් බේරීම සඳහා තමන්ද ඔහුව තල්ලු කළ බව හෙතෙම සඳහන් කළේය. පසුව සීගිරිය පොලිසියට පැමිණිල්ලක් කොට රෝහල්ගත වූ බවද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරක මඟ පෙන්වන්නන්ගේ හැඳුනුම්පත පරීක්‍ෂා කිරීමෙන් පසුව සීගිරියට ඇතුළත් කිරීමේ නව වැඩපිළිවෙළක් අද දින සිට ක්‍රියාත්මක කරන බවයි. පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    සංචාරක මඟපෙන්වනන් ලෙස පෙනී සිටින බොහෝ විදේශිකයන් ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන සංචාරකයන් ලෙස ඇතුළු වී මෙම ක්‍රියාවලිය සිදුකරන බවද එය නවතා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Ai sigiriye shot eka dena un nedda.chinek ekek dennek kapala demmanan wede hari.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    සීගිරිය චිනෙට විකුනුවානන් නම් ඔය මුකුත් ප්‍රශ්න නැ- රනිල් වික්කාමසින්හ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    සීගිරිය චිනෙට විකුනුවානන් නම් ඔය මුකුත් ප්‍රශ්න නැ- රනිල් වික්කාමසින්හ.

    Port eka wikunuwa kiyanne owath wikunuwa wage tama:D
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ඕව තාම ආරම්භයක් විතරයි තව ඉස්සරහට හොද හොද ඒවා වෙයි ඉන්දියන් උන්ගෙනුත් ගුටි කන්න බලන් හිටපල්ලා​
    :lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සීගිරිය සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයන් කියා සිටියේ දිගින් දිගටම කිසිදු අවසරයකින් හෝ බලපත්‍රයකින් තොරව චීන ජාතිකයන් මෙරටට පැමිණ සංචාරක මඟ පෙන්වන්නන් ලෙස ක්‍රියා කිරීම සහ විවිධ විදේශිකයන් රැගෙන එන රියැදුරන් සහ සහායකයන් රු. 50ක ඇතුළත් වීමේ ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටීම නිසා තම රැකියාවට බරපතළ ප්‍රශ්න ඇතිවී තිබෙන බවයි.