GALAXY S6 ලංකාවට එයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    106412_1.jpg


    සැම්සන්ග් පාරිභෝගිකයින් මෙතෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාර්ට්ෆෝන්, සැම්සන්ග් සමාගම විසින් ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වාදී තිබේ. ලෝහ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සන්ග් තාක්‍ෂණය එකට මුසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge ජංගම දුරකතනයේ ආනාගතය මනාව පිළිඹිබු කරයි. නව දුරකථන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් මෙන්ම ජාත්‍යන්තර ජංගම දුරකතන ක්‍ෂේත්‍රයේ නව ප්‍රමිතීන් ස්පර්ශ කිරීමටත් අති නවීන නිර්මාණයක් අත්හදා බැලීමටත්, ශක්තිමත් ජාලයක් හා සම්බන්ධ වීමටත් මෙන්ම නව්‍ය වූ සේවාවන් අත්දැකීමටත් අවස්ථාව උදා වේ.
    S6 අද ලෝකයේ ප්‍රබලතම ස්මාර්ට්ෆෝන් එක බවට පත් කළ මෘදුකාංග සහ මෝඩම් ප්‍රෝසෙසර් නිර්මාණය කිරීමට දායක වූ ඉංජිනේරුවන් කිහිපදෙනා අතරට සැම්සුන් ශ්‍රී ලංකා පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම ද සම්බන්ධ විය. HDR, Out focus, Virtual Shot සහ Video highlights ඇතුළු විශේෂාංග සහිතව S6 හි කැමරාව වැඩිදියුණු කිරීමට බහුමාධ්‍ය පිළිබද ප්‍රවීණ ඉංජිනේරුවන්ගේ සහාය හිමි වී තිබේ.
    මීට අමතරව ජාත්‍යන්තර පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම විසින් අන්තර්ජාල බ්‍රවුසරයේ සැලකිය යුතු කොටසක්, පෞද්ගලික තේමාවන් සහ මෘදුකාංග සඳහා LTE සහ Wi-Fi සමගින් එක් වූ ඩවුන්ලෝඞ් බූස්ටර් වැඩිදියුණු කර නිර්මාණය කර තිබේ.

    Samsung GALAXY S6 මිල රු 114,990ක් වන අතර GALAXY S6 edge 134,990කට ලබාගත හැකිය.

    Samsung GALAXY S6 & GALAXY S6 edge විශේෂාංග​


    106412_phone1.jpg



    හිරූ​
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela :) නමුත් ටිකක් ගණන් වැඩියි වගේ :shocked:
    මුන් මම හිතන්නේ apple එකට මේක target කරන්නේ.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    It gonna drop to 80k within months. Remember what happened to S3? Introduced for around 110K and dropped to 60K within months. :)

    So whoever gonna buy this should wait few months :)