මේ දවස්වල බෑලූ බැලූ අත පේන්න තියෙන්න Game of Thrones විතරයි. අවුරුදු දවස් ටිකේ නිවාඩුවට TV Series ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ගත්ත. Dextor season 01, Sherlock Season 01, Game of Throne Season 01 ගිය සතියෙ බලල ඉවර කරා. මේ බලපු ටිවී සිරියස් 3 ම එකකට එකක් නොදෙවෙනි ඒවා. Game of Throne එක මුලින්ම බලද්දි නම් ගම් ටිකක් පැටලෙනව. කාගේ කවුද කියන එක අමතක වෙනව. (ලග ලග අය කසාද බැන්දම ඔක තමාවෙන්නේ. හදිස්සියට නෑදෑකම හොයාගන්න ඉතිහාස පොත් පෙරලන්න වෙනවා.) අන්තර්ජන්ජාලේ ටිකක් හොයල බලද්දි Game of Thrones Family Trees වැහි වැහල. මම වගේ නම් ගම් පැටෙලනව අයට මේකක් බැලුවනම් ටාර් ගාල පවුල් ටික අදුරගන්න පුලුවන්. 



